BREAKING
Top Ad
ඇඩ්වර්ටයිසිං ලෝකය

ඇඩ්වර්ටයිසිං ලෝකය (13) : නොකෙරුනු දීගය

T

The Leader

May 10, 2023 • 1:41 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය (13) : නොකෙරුනු දීගය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇඩ්වර්ටයිසිං කොම්පැණි අයිතිකරුවන් නොවිඳි වින්දනයක් එහි සේවකයින් වූ අපට අත්විඳින්න අවස්ථාව ලැබේ.
  • කොහේදෝ පෙට්ටි කඩයකින් ඔහු ලොකු මාරි බිස්කට් ග්‍රෑම් 100 ක් ගෙනැවිත් තිබුණි.
  • රංජනට ළමයා කීම සාධාරණ බව මට හිතුනේ එදා ය.
  • ඔවුන් දෙදෙනා කොළඹට සේන්දු වන විට රාත්‍රී 10 ත් පසු වී තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):



එයට කොම්පැණි අයිතිකරුවෝ අපට ඉරිසියා නොකරත්වා!

 

පඩියට අමතරව අප ගත් ආතල් එකට අපට කමා කරත්වා!

 

මේ කතාව සිද්ධ වුණේ ෆීනික්ස් ඇඩ්වර්ටයිසිං එකේදී ය.

ප්‍රධාන නළුවා රංජන අමරදේව ය.

රංජනට අප කිව්වේ ළමයා කියා ය.

දවසක් රංජන මා සොයා ආවේ කඩදාසි බෑගයක් රැගෙන ය.

කොහේදෝ පෙට්ටි කඩයකින් ඔහු ලොකු මාරි බිස්කට් ග්‍රෑම් 100 ක් ගෙනැවිත් තිබුණි.

( ඒ කාලේත් මේ කාලේ වගේම ජනප්‍රිය පොඩි මාරි බිස්කට් ‍ය.)

e68fbd353e9b53662e35cbc21154dade01cbf85e

අපි එය බෙදාගෙන කෑවෙමු.

රංජනට ළමයා කීම සාධාරණ බව මට හිතුනේ එදා ය.

ළමයා වැඩ කළේ ක්‍රියේටිව් ඩිපාර්ට්මන්ට් එකේ ය.

ප්‍රධාන නිළිය වූයේ වරුණි ය.

(වරුණි කිව්වේ Triad එකේ වරුණි නෙමේ ය.)

වරුණි හිටියේ ක්ලයන්ට් සර්විසිං ඩිපාර්ට්මන්ට් එකේ ය.

වරුණි ඒජන්සිය තුල වළියක් ඇද නොගත් කෙනෙකු හොයනවාට වඩා කළුනික සෙවීම ලෙහෙසිය.

වරුණි කට ඇරියාම හරියට කොමිඩ් එකක් ෆ්ලෂ් කළා හා සමාන ය.

 

මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය දිලිප අබේසේකර ගේ ය.

 

කතාව පටන් ගන්නේ මෙහෙම ය.

කාර්‍යාලයීය වැඩකට රංජනට හා වරුණිට කුරුණෑගල ප්‍රදේශයට යෑමට සිදු විය.

ඒ එන අතරවාරයේ ඔවුන් පැමිණි වාහනය ද අනතුරට පත් විය.

ඔවුන් දෙදෙනා කොළඹට සේන්දු වන විට රාත්‍රී 10 ත් පසු වී තිබුණි.

ඔවුන් මුහුණ පෑ අනතුරින් සුළු තුවාලයක්වත් සිදුවූයේ නැත.

 

එහෙත් රංජන බලාපොරොත්තු විරහිත අනතුරකට මුහුණ පෑවේ පසුදා උදෑසන ය.

 

ඒ ඔහුට පැමිණි දුරකථන ඇමතුමක් නිසා ය.

රංජනට දුරකථනයෙන් කතා කළේ වරුණි ගේ තාත්තා ය.

" පුතා ඊයේ කුරුණෑගල ගිහින් එද්දී පොඩි කරදරයක් වුණාලු නේද...?

වරුණි නිතරම මට පුතා ගැන කියනවා....

මං වෙලාවක එන්නංකෝ ඔය දෙන්නා ගැන  කතා කරගන්න පුතාගේ අම්මයි, තාත්තයි හම්බ වෙන්න ..."

වරුණිගේ පියා කියා ඇත්තේ එපමණකි.

රංජන පහුවදාට වැඩට ආවේ මූණ මළ ගෙයක් කරගෙන ය.

ඔහු තමන්ට සිද්ධ වෙන්න ‍යන වින්නැහිය ගැන මුළින්ම පැවසුවේ මට ය.

" බලපං මචං, මට මාර සීන් එකක් වුණානේ... වරුණි ගේ තාත්තා මට උදේ කතා කළානේ...

ඒ මදිවාට අපේ අම්මායි, තාත්තයි හම්බුවෙන්නත් එනවා කිව්වා ...

යකෝ මට ඒකී එක්ක මොනම සීන් එකක්වත් නෑ...

මේකි මොනවා කියලද මංදා ගෙදරට මං ගැන ...

මාර කේස් එකක්නෙ බං....! "

 

alsk

දැන් රංජන වැඩ කරන්නේ නැත.

මුළු දවසෙම කල්පනාවේ ය.

හරියට තෝන්තු වෙලා වගේ ය.

වරුණිව දකිනකොටත් රංජන ගේ සර්වාංගයම වෙව්ලවා යයි.

මේ මුකුත් නොදන්නා වරුණි සුපුරුදු පරිදි රංජන හා කතා කරන්නීය.

රංජන ඇගේ දෑස් මඟහැර අපහසුවෙන් උත්තර දෙයි.

සිද්ධ වී ඇත්තේ කුමක්ද කියා ඒ වනවිට ඇඩ්ඩා ද දැනං උන්නේ නැත.

ඒ මදිවාට රංජනට එන එක වැඩක්වත් බාර ගන්නේත් නැත.

ටික වේලාවකට පසු දිලීප මට කතා කළේය.

ඊට පසු මම ගොස් රංජනව හමුවූයෙමි.

වරුණි ගේ තාත්තා ලෙස කෝල් කර ඇත්තේ දිලීප බව පැවසුවෙමි.

 

රංජන පුටුවෙන් නැගිට්ටේ නැත.

අත් දෙකම අහසට ඔසවා " හුරේ..! " කියා පුටුවෙන් උඩට පැන්නේය.

 

ඔහු උඩ පැන්නාද නැත්තං උඩට පැන්නුනා ද කියා මටත් කල්පනාවක් නැත.

" ඒත් මං කල්පනා කළා මං මේ තරම් කරුමයක් කරලා තියෙනවද කියලා ...."

ඔහු අන්තිමට කිව්වේ ඒ ටික ය.


(ඇඩ්ඩා විසින් ලියන ලදි)



ඇඩ්වර්ටයිසිං ලෝකය වෙනත් ලිපි :


ඇඩ්වර්ටයිසිං ලෝකය (12) : කවුද අනේ ජේ. බී...?

ඇඩ්වර්ටයිසිං ලෝකය (11) : රොමා

ඇඩ්වර්ටයිසිං ලෝකය (10) : මහින්ද අයියා

ඇඩ්වර්ටයිසිං ලෝකය (9) : උඹ කතා නැත්තේ මොකද අද උමා

ඇඩ්වර්ටයිසිං ලෝකය (8) : පුතා මම රොසන්

ඇඩ්වර්ටයිසිං ලෝකය (7) : වහල ගැසීම

ඇඩ්වර්ටයිසිං ලෝකය (6) : අධිකාරි මං කංකුං දේවී...!

ඇඩ්වර්ටයිසිං ලෝකය (5) :මහා කලු සිංහලයා

ඇඩ්වර්ටයිසිං ලෝකය (4) : පොල් ගහේ කතාව

ඇඩ්වර්ටයිසිං ලෝකය (3) : රොබට් vs රොබට්

ඇඩ්වර්ටයිසිං ලෝකය (2) : ලබු ගුණේ

ඇඩ්වර්ටයිසිං ලෝකය (1) : කන්දප්පාට කුණුහරුප වරුසාවක්!




JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...