BREAKING
Top Ad
ඇඩ්වර්ටයිසිං ලෝකය

ඇඩ්වර්ටයිසිං ලෝකය (15) : BMW

T

The Leader

May 11, 2023 • 11:35 PM

ඇඩ්වර්ටයිසිං ලෝකය (15) : BMW

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ෆීනික්ස් එකේ ලොක්කා වූ අර්වින් වීරක්කොඩි කවදාවත් BMW වාහනයක් පාවිච්චි කළේ නැත.
  • එහෙත් මේ කියන BMW එක පාක් කර තිබුනේ ස්ටුඩියෝ එක ඇතුළේ ය.
  • උදේ 8.30 ට පැමිණිය යුතු වුවත් බොහෝ දෙනා එන්නේ උදේ 9.00 ආසන්නයේ ය.
  • එනම් පරක්කු වී පැමිණෙන වුන් මට්ටු කිරීම සදහා කාර්යාලයේ සේවා මුරය අවසන් වෙන වේලාව සවස  5.30 කිරීම ය.
අකුරු ප්‍රමාණය (Font Size):

එහෙත් ඔහුත් නොදැන ඔහුගේ සේවකයකු BMW එකක් පාවිච්චි කරන බව අර්වින් දැනගත්තේ බොහෝ කලකට පසුව ය.

අර්වින් පමණක් නොව BMW එකට සම්බන්ධ පුද්ගලයා ද එය දැනගත්තේ සෑහෙන කාලයක් ඉක්ම ගිය පසුව ය.

අර්වින් ගේ වාහන නතර කර තැබුවේ පෝටිකෝව යට ය.

එහෙත් මේ කියන BMW එක පාක් කර තිබුනේ ස්ටුඩියෝ එක ඇතුළේ ය.

කතාව මේක ය.

 

ඇඩ්වර්ටයිසිං කන්තෝරුවල වැඩ කරන උදවිය සාමාන්‍යයෙන් වෙලාවට වැඩට එන්නේ නැත.

 

එය ඔවුන්ගේ ජන්ම ගතියකි.

උදේ 8.30 ට පැමිණිය යුතු වුවත් බොහෝ දෙනා එන්නේ උදේ 9.00 ආසන්නයේ ය.

මේ පිළිබදව තනියම විමර්ශනයක් සිදු කළ බොස්ගේ අග්‍ර පුරෝහිතයා වූ බෝධි විසින් නව යෝජනාවක් ඉදිරිපත් කරන ලදි.

එනම් පරක්කු වී පැමිණෙන වුන් මට්ටු කිරීම සදහා කාර්යාලයේ සේවා මුරය අවසන් වෙන වේලාව සවස  5.30 කිරීම ය.

මේ යෝජනාව ක්‍රියාත්මක විය.

Stressed business man rushing in the office

දැන් අප උදේ 8 ට ආවත්, 8.30 ට ආවත්, 9 ට ආවත් ඕෆ් වන වේලාව සවස 5.30 විය.

අප 5.30 ට ගියත් බෝධි කවදාවත් 5.30 ට ගෙදර යන්නේ නැත.

ඔහු ගෙදර යන්නේ ඊටත් කලිනි.

එනම් සවස 4 වන විට බෝධි මාරු වෙයි.

සවස 4.30 වනවිට ඔහු ඉන්නේ කොල්ලුපිටිය ස්ටේෂන් එකේ ය.

ටික කලක් යන විට බෝධිට නමක් පට බැඳුණි.

ඒ BMW යනුවෙනි.

 

B ( බෝධි) M( මාරු) W ( වේලාසනින් ) යන නමේ තේරුම හැදුනේ එලෙසිනි.

 

නම දැම්මෙ කොපි රයිටර් කෙනෙකු විසින් නොව ආර්ට් ඩිරෙක්ටර් කෙනෙකු වූ කුසන්ත පරණවිතාන විසිනි.

කුසන්ත දැන් ඉන්නේ ඇමරිකාවේ ය.

දැන් මේ BMW නම නැගලා යනවා ය.

 

kjhtg

 

BMW කියන්නේ තමන්ට කියා නොදන්නා බෝධි පවා මේ නම පාවිච්චි කරයි.

 

ඔහොම කාලයක් ගෙවුණේ ය.

චරිත රත්වත්තේ ගේ කොම්පැණියකින් මෙහෙයවූ අවුට්වර්ඩ් බවුන්ඩ් වැඩ සටහනක් සදහා අපට දඹුල්ලට යෑමට සිදු විය.

රාත්‍රී කාලයේදී මෙහිදී එක් එක් කණ්ඩායම විසින් කෙටි නාට්‍ය පෙන්විය යුතුය.

අප කණ්ඩායමේ කෙටි නාට්‍යයට පෙනී සිටියේ ඇන්ඩෲ සැමුවෙල් , උමා රාජමන්ත්‍රී හා සමන් ලාල් ( මාමා) ය.

මෙහි එක් දෙබසක බොස් ගේ චරිතය රඟපෑ ඇන්ඩෲ විසින් බෝධිට පැමිණෙන ලෙස දන්වන්නැයි සමන් ලාල් ට කියයි.

" කාටද BMW ට ද?"

කියා සමන් විමසයි.

 ස්ක්‍රිප්ට් එකේ එහෙම දෙයක් ලියා තිබුනේ නැත.

එය සමන් ලාල් අතින් දැමූ කෑල්ලකි.

වාසනාවට ඒ වෙලේ බෝධි හිටියේ නැත.

බෝධි අරක්කු ගේන්න දඹුල්ල ටවුමට ගොසිනි.

එහෙත් අර්වින් ට මේක හොඳට ඇසුනි.

ඔහු මේ ගැන හාර හාරා අසන්නට විය.

අන්තිමේදී අපට ඇත්ත කියන්න සිදු විය.

යලි කොළඹ පැමිණි පසු සිදුවූයේ මළම මඟුලකි.

අර්විනුත් බෝධිට BMW යැයි කියන්න පටන් ගත්තේය.

" මං ඊයේ හවස තමුසෙව හෙව්වා ... තමුසෙ BMW වෙලානෙ..."

" තමුසෙ 4 වෙනකොට BMW නේද? "

යනාදී වශයෙන් අර්වින් බෝධිව බයිට් කරන්න විය.

 

jhgfhg

බෝධි මුලින්ම කළේ ස්ටුඩියෝ එකට ගොස් දේශනාවක් පැවැත්වීම ය.

එහි සාරාංශය මෙසේය.

" බල්ලෝ... තොපිට මං කොච්චර දේවල් කරලා තියෙනවාද...

තොපිව මං කී පාරක් බොස් ගෙන් බේරගෙන තියෙනවාද ....

 

එහෙව් එකේ තොපිට යුතුකමක් තිබුනා BMW කියන්නේ මට කියලා දැනුම් දෙන්න ...

 

ගස් බල්ලෝ... තොපි එහෙම කළා ද....?

තොපි දන්නවාද BMW කියන්නේ කාටද කියලා දන්නේ නැතුව මාත් ඒ නම මෙතන කිව්වා ..."

බෝධී ගේ මේ දේශනය සජිත් ඇතුළු ස්ටුඩියෝ එකේ බැටෑලියන් එකම ඇටි කෙහෙල් කෑ උගුඩුවන් සේ බිම බලාගෙන අසා සිටියහ.

බෝධි ඊළඟට පැමිණියේ මා ළඟට ය.

ඌ ඊළගට ලව දෙවක් නැතුව මට බනින්න තියා ගත්තේ ය.

මට බනින්න අවශ්‍ය වූ විට බොස් කරන්නේ බෝධි සොයා ගොස් ඌට  BMW යැයි කීමයි.

බොස් ගිය පසු බෝධි කෙලින්ම මා සොයා පැමිණේ.

ඉන් පසු මට බනින්න තියා ගනී.

මේ වන විට බෝධි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ය.

ඕස්ට්‍රේලියාවේ නොව ඇලස්කාවේ හිටියත් මේ ලිපිය කියවූ පසු බෝධි මට බනින එක නම් BMW වාහනයකටත් වඩා ෂුවර් ය.

(ඇඩ්ඩා විසින් ලියන ලදි)



ඇඩ්වර්ටයිසිං ලෝකය වෙනත් ලිපි :

ඇඩ්වර්ටයිසිං ලෝකය (14) : රිෂාඩ් ගේ ලෙඩේ (14)

ඇඩ්වර්ටයිසිං ලෝකය (13) : නොකෙරුනු දීගය

ඇඩ්වර්ටයිසිං ලෝකය (12) : කවුද අනේ ජේ. බී...?

ඇඩ්වර්ටයිසිං ලෝකය (11) : රොමා

ඇඩ්වර්ටයිසිං ලෝකය (10) : මහින්ද අයියා

ඇඩ්වර්ටයිසිං ලෝකය (9) : උඹ කතා නැත්තේ මොකද අද උමා

ඇඩ්වර්ටයිසිං ලෝකය (8) : පුතා මම රොසන්

ඇඩ්වර්ටයිසිං ලෝකය (7) : වහල ගැසීම

ඇඩ්වර්ටයිසිං ලෝකය (6) : අධිකාරි මං කංකුං දේවී...!

ඇඩ්වර්ටයිසිං ලෝකය (5) :මහා කලු සිංහලයා

ඇඩ්වර්ටයිසිං ලෝකය (4) : පොල් ගහේ කතාව

ඇඩ්වර්ටයිසිං ලෝකය (3) : රොබට් vs රොබට්

ඇඩ්වර්ටයිසිං ලෝකය (2) : ලබු ගුණේ

ඇඩ්වර්ටයිසිං ලෝකය (1) : කන්දප්පාට කුණුහරුප වරුසාවක්!




JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...