BREAKING
Top Ad
ඇඩ්වර්ටයිසිං ලෝකය

ඇඩ්වර්ටයිසිං ලෝකය (16) : අයි ටෝල්ඩ් යූ ලල්ලා

T

The Leader

May 15, 2023 • 12:04 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය (16) : අයි ටෝල්ඩ් යූ ලල්ලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අප ලල්ලා යැයි කිව්වාට ලලිත් පිටුවල ඔහුගේ නමයි.
  •   බස් එකේ කොන්දොස්තරත්, රියැදුරු මහතාත් කට කැඩෙනකන් කිව්වේ පොල්ගස්ඕවිටින් එහා බසින අයට බස් රථයට ගොඩවෙන ලෙසයි.
  • රියැදුරු මහතා ටිකක් විතර මරුමූස් පෙනුමක් ඇත්තෙකි.
  • පිළියන්දලින් බහින ලල්ලා සද්ද බස් එකේ යයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ලලිත් ගේ සපත්තු සුදු පාටය.

 

ලලිත් පිටුවල වැනි ඇම්ඩන් කෙනෙක් මේ කපේ ඇඩ්වර්ටයිසිං ෆීල්ඩ් එකට යලි පහළ වන්නේ නැත.

 

ලල්ලා කාලයක්ම වැඩ කළේ රෝපී සමගය.

රෝපී කිව්වේ රොහාන් පියදාසට ය.

රොහාන් නැති තැන කිව්වේ රොපියා කියා ය.

ඒ කාලේ මේ ඩබල මහ රෑ ජාමේ තෙක් සිංගර් එකවුන්ට් එකේ වැඩ කරයි.

රොහාන් කොපි ලියද්දී ලල්ලා විෂුවල් ගහයි.

විෂුවල් එකින් එක පරීක්ෂා කරන රොහාන්, ලල්ලා බදාගෙන සතුට පළ කරයි.

රොහාන් ලල්ලා ව වැළදගෙන කියන්නේ මෙන්න මෙහෙම දේවල් ය.

" බ්‍රිලියන්ට් ලල්ලා බ්‍රිලියන්ට් ...."

" මාවලස් ලල්ලා මාවලස් ..."

" ෆැන්ටෑස්ටික් ලල්ලා ෆැන්ටෑස්ටික් ..."

hugsy

මෙහෙම ලල්ලා ට සුබ පතන රොහාන් ලල්ලාවත් කැටුව නීලා ළඟට යයි.

ඒ නීලාට විෂුවල් ටික පෙන්වන්න ‍ය.

නීලා කිව්වේ ග්‍රාන්ට්ස් එකේ ලොක්කී වූ නීලා මරික්කාර් ය.

නීලා විෂුවල් එකින් එක බලා මෙසේ කියන්නීය.

" වට් ඊස් දිස් රොහාන් ...?  "

නීලා තම නොසතුට පළ කළ විට රොහාන් ලල්ලා දෙසට හැරෙයි.

 

ඔහුත් නීලා සමග එක්වී ලල්ලා දෙසට ඇඟිල්ලකුත් වනමින් මෙසේ කියයි.

 

" අයි ටෝල්ඩ් යූ ලල්ලා .."

 

ලල්ලා මුකුත් නොකියා සිටියි.

" අයියෝ වට් ඊස් දිස්  රොහාන් ...? " කියා නීලා විෂුවල් කපන කපන වාරයක් රොහාන් ලල්ලා ට මෙසේ කියයි.

" අයි ටෝල්ඩ් යූ ලල්ලා .."

ඉන් පසු දෙදෙනාම විෂුවල් ටිකත් අකුලාගෙන කොරිඩෝවට වී සිගරැට් දෙකක් දල්වා ගනී.

" මචං, ලල්ලා අපි අදත් නයිටක් ඇදලා වැඩේ ඉවරයක් කරමු."

දෙන්නාම එදත් නයිට් ය.

ලල්ලා වැඩට ආවේ පිළියන්දල පැත්තේ ඉදන් ය.

දිනක් ලල්ලා වැඩ ඇරී තුම්මුල්ල හන්දියෙන් ගොඩනැගුනේ හොරණ බස් එකකට ය.

 

sdsdsd

බස් එකේ කොන්දොස්තරත්, රියැදුරු මහතාත් කට කැඩෙනකන් කිව්වේ පොල්ගස්ඕවිටින් එහා බසින අයට බස් රථයට ගොඩවෙන ලෙසයි.

රියැදුරු මහතා ටිකක් විතර මරුමූස් පෙනුමක් ඇත්තෙකි.

පිළියන්දලින් බහින ලල්ලා සද්ද බස් එකේ යයි.

මේ අතර වේරහැරින් බහින මගියකු බසයේ සිටියේය .

බස් එකේ කොන්දොස්තරත්, රියැදුරු මහතාත් ගේම ඉල්ලුවේ ය.

" කිව්වා නේද පොල්ගස්ඕවිටින් මෙහා නගින්න එපා කියලා ..."

කොහොම හරි ඒ වළිය අවසාන වී බසය පිළියන්දලට සේන්දු විය.

බස් එකේ කිටි කිටියේ සෙනග ය.

බස් එකෙන් බහින්න ලල්ලා ප්ලෑන් එකක් ඇන්දේ ය.

" අයියේ.., පොඩි හදිස්සියක් ... මට කක්කා බරක් හැදුනා..."

ලල්ලා හිඟන මූණක් පාමින් රියැදුරුට කිව්වේ ය.

" යකෝ...! රෙන්න බර එවුනුත් බස් එකට නැගලනේ..."

රියැදුරා මහ හඬින් කෑ ගැසුවේ ය.

කෙසේ හෝ අවසානයේ පොල් වත්තක් අයිනේ බසය නතර කළ රියැදුරු මහතා ලල්ලා අතට වතුර බෝතලයක් ද දීමට තරම් කාරුණික  වූයේ ය.

ලල්ලා වතුර බෝතලය පසෙකට විසි කර පිළියන්දල දෙසට මාරු විය.

ලල්ලා වැඩට එනකොට උදේ 9.30 විතර වෙයි.

රාජගිරියේ සිට පැමිණෙන සිරි අයියා එන්නේ උදේ 10.00 කිට්ටු වෙලා ය.

ප්‍රමාද වී පැමිණෙන අය ගෙන්වා ඊට හේතු විමසීම ඇඩ්මින් එකේ සිරිත යි.

මේ අනුව මුලින්ම ගෙන්වූයේ ලල්ලා ‍ය.

ලල්ලා දුන් ප්‍රමාදයට හේතු හෙළි වූයේ ඔහුට පස්සේ ගිය සිරි අයියා ගෙනි.

 

" බලන්න සිරී, වැස්සට පාරවල් යට වෙලා තියෙද්දිත් අර ලලිත් පාරුවෙන් ගඟ ළඟට ඇවිත් ... බෝට්ටුවේ  නැගලා ගඟෙන් එගොඩ වෙලා ... ආපහු බස් එකේ නැගලා  කොහොම හරි 9.30 වෙනකොට වැඩටත් එනවා...

 

ඔයාට රාජගිරියේ ඉදන් එන්න බෑනේ ඊට කලින්..."

ඇඩ්මින් එකේ සිටි ජිමී සිරි අයියාට කියා ඇත්තේ මේ ටිකයි.

ලල්ලාට ගෙදරින් පිට වෙන කොට ඔහුගේ නෝනා පාර්සල් දෙකක් අතට දෙන්නීය.

එකක් බත් පාර්සලයයි.

අනිත් එක කුණු පාර්සලයයි.

jahas

වැඩට එන අතරමග කුණු පාර්සලයය අසල වත්තකට විසි කර ඒම ලල්ලා ගේ සිරිතයි.

එක දවසක ලල්ලා ලන්ච් රූම් එකේ වාඩි වී බත් පාර්සලය දිග ඇරියේය.

ඒකේ තිබුනේ බිත්තර කටු හා පොල් කුඩු ය.

එදා ලල්ලා බත් පාර්සලය විසි කර කුණු පාර්සලය දිවා ආහාරය පිණිස ගෙනැවිත් තිබුණි.


(ඇඩ්ඩා විසින් ලියන ලදි)


''ඇඩ්වර්ටයිසිං ලෝකය'' සම්පුර්ණ ලිපි පෙළ මෙතනින්


JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...