BREAKING
Top Ad
ඇඩ්වර්ටයිසිං ලෝකය

ඇඩ්වර්ටයිසිං ලෝකය (17) : පොඩි අජිත් ගේ හඳ

T

The Leader

May 16, 2023 • 12:10 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය (17) : පොඩි අජිත් ගේ හඳ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොඩි අජිත් අමුතු ගැජමැටික් කාරයෙකි.
  •   ඒ අනුව පොඩි අජිත්ට කිව්වේ උදේ 9 ට පානදුරට පැමිණි සිටින ලෙසයි.
  • හිරණ තොටුපල පැත්තේ සිට පැමිණි ඔහු දැන් උදේ 9 යේ සිට පානදුරට වී බලා ඉන්නේ සෙසු පිරිස පැමිණෙන තෙක් ය.
  • යාන්තම් හවස 2 විතර වෑන්  එක ආවේය.
අකුරු ප්‍රමාණය (Font Size):



පොඩි අජිත් කිව්වේ අජිත් දම්සිරිට ය.

කිව්වත් වාගේ පොඩි අජිත් පොඩි ය.

 

දවසක් ස්ටුඩියෝ එකේ සෙට් එක ට්‍රිප් එකක් සංවිධානය කළේ රැයක් නතර වී එන්න ‍ය.

 

ඒ අනුව පොඩි අජිත්ට කිව්වේ උදේ 9 ට පානදුරට පැමිණි සිටින ලෙසයි.

හිරණ තොටුපල පැත්තේ සිට පැමිණි ඔහු දැන් උදේ 9 යේ සිට පානදුරට වී බලා ඉන්නේ සෙසු පිරිස පැමිණෙන තෙක් ය.

නවය දහය විය.

දහය එකොළොහ විය.

වෑන් එක  නැත.

පොඩි අජිත් කෝල් ගහන වාරයක් පාසා කියන්නේ මේ ළග කියායි.

late s

දවල් 12 පැන්නේය.

එකක් පැන්නේය.

පොඩි අජිත්ට ගෙදර යන්න විදියකුත් නැත.

මොකද ට්‍රිප් එකට සල්ලි දීලා ඉවර නිසා ය.

යාන්තම් හවස 2 විතර වෑන්  එක ආවේය.

ඒ වනවිට පොඩි අජිත් හිටියේ මාරාවේශයෙනි.

 

ගමනාන්තය තෙක් පොඩි අජිත් එකෙක්ගේ වත් මූණ බැලුවේ නැත.

 

පොඩි අජිත්ට හොඳම කේස් එක වුනේ other side ප්‍රදර්ශනය යේ දීය.

ඒකත් ගැජමැටික් එකක් කරන්න ගොස් අල කරගත් එකකි.

පොඩි අජිත් මේ සදහා නිර්මාණය කළේ ගහක් උඩ පැල කි.

බට නලාවක් අතින් ගත් ගැමියාගේ චරිතයට ඔහු පණ පොවයි.

පැත්තකින් හඳක් පායයි.

full moon

හඳ ඇඳ තිබුනේ කුල්ලක ය.

පැල් කොටේ හදලා තිබුනේ බෙයාර් ෆුට් එකේ අඹ ගහ උඩය.

බොහොම අමාරුවෙන් ඉණිමගක් තබා පොඩි අජිත් ව අඹ ගහට ගොඩ කරන ලදි.

 

හරි බරි ගැහී වාඩි වුණු පොඩි අජිත් බට නලාව අතට ගත්තේ ය.

 

පැත්තකින් කුල්ලේ ඇඳපු හඳ හිමීට පායාගෙන එයි.

ටික වෙලාවකට පසු හඳ හිර විය.

හඳට වඩා හිර වුණේ කුල්ල ය.

කොච්චර ඩම් එක දමා ඇද්දත් හඳ පායන්නේ නැත.

කුල්ල අඹ ගහේ අතු අස්ස හිර වී ඇත.

ගහට හේත්තු කර තිබූ ඉණිමගත් අයින් කරලා ය.

 

man on top

පොඩි අජිත් හඳ යථා තත්ත්වයට පත් කරගැනීම උදෙසා මාර කට්ටක් ගහ උඩ සිට කනවා ය.

ඔය අතරේ කොක්ටේල් එක පටන් ගත්තේ ‍ය.

 

දැන් කාටවත් අඹ ගහ උඩ ඉන්නා ගැමි පොඩි අජිත් ව මතක නැත.

 

ඒ මදිවාට ඌට කන්නත් නැත.

බොන්නත් නැත.

පැය ගානකට පසු අඹ ගහ යටින් ගිය කාටද " සූ...සූ..." යන ශබ්දයක් ඇසී ඇත.

උඩ බැලූ විට පොඩි අජිත් අඹ ගහ උඩය.

" යකෝ...! මාව බිමට බස්සපල්ලා..."

නැවතත් ඉණිමග තබා බොහෝම අමාරුවෙන් පොඩි අජිත් ව බිමට බස්සාගන්නා ලදි.

ඊට පසු පොඩි අජිත් ගේ ගැමි කොස්‍ටියුම් එක ගලවා කලිසම් ෂර්ට් අන්දවා ගෙවල් බලා පිටත් කර හරින ලදි.


(ඇඩ්ඩා විසින් ලියන ලදි)


''ඇඩ්වර්ටයිසිං ලෝකය'' සම්පුර්ණ ලිපි පෙළ මෙතනින්


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...