BREAKING
Top Ad
ඇඩ්වර්ටයිසිං ලෝකය

ඇඩ්වර්ටයිසිං ලෝකය (22) : රිසර්ච්

T

The Leader

May 23, 2023 • 12:37 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය (22) : රිසර්ච්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇඩ්වර්ටයිසිං ලෝකයට ඉතා වැදගත් අංගයකි රිසර්ච් නැත්නම් පර්යේෂණ.
  • කාටවත් සෙකන්ඩ් නොවීමේ අරමුණින් මොවුන් බොරු කියන බව කාටත් වැටහිණ.
  • ඔහු අංහ ප්‍රධානීයා වූ රොහාන් පියදාසට පැවසුවේ අජිත් නිශාන්ත නොපැමිණි බවත්, තමා තනියෙන් ගොස් වැඩේ කළ බවත් ය.
  • " මහත්තයා මොකද ...?"  ඇන්ඩෲ නතර කළ පොලිස් නිලධාරියා ඇසුවේය.
අකුරු ප්‍රමාණය (Font Size):

අද රිසර්ච් ගැන කතාය.


කාලය 90 දශකය අග භාගයයි.

පාන් තැවරුම් වර්ග කිහිපයක් ගැන පර්යේෂණයක් පැවැත්විණි.

සීනී තැවරූ බටර්, රටකජු බටර්, චිකන් තැවරුම් ආදිය ගැන මෙහිදී කරුණු සොයා බැලිනි.

පහළ මධ්‍යම පාංතික ආදායම් මට්ටම්වල කාන්තා නියෝජනයක් මෙයට සහභාගි විය.
 
 
ලංකාවේ ගෑනු තත්ත්වය ‍රැකගන්න මෙහෙමත් බොරු කියනවා ද කියා තේරුම්ගත්තේ මේ රිසර්ච් එකෙනි.
 
 
මුල් වටයේදී පීනට් බටර් ගැන ඇසූ විට කිසිදු කාන්තාවක් ඒ ගැන කියන්නට දැන සිටියේ නැත.

සමහරු දැක තිබුනේවත් නැත.
 
women scientists vector id496729620 credit DrAfter123

එහි සිටි එක කාන්තාවකට පිටරට සිටින මිතුරියක මාර්ගයෙන් පීනට් බටර් බෝතලයක් ලැබී තිබිණ.

ඇය ඒ බැව් පැවසීමත් සමග පීනට් බටර් යනු කුමක්ද කියාවත් දැන සිටි කාන්තාවෝ සියලු දෙනාම පීනට් බටර් ගැන පම්පෝරි ගැසූහ.

කාටවත් සෙකන්ඩ් නොවීමේ අරමුණින් මොවුන් බොරු කියන බව කාටත් වැටහිණ.

කෙසේ හෝ එම නිෂ්පාදන පෙළ වෙළෙදපොළට නිකුත් කෙරුණේ නැත.

තවත් රිසර්ච් එකකට ග්‍රාන්ට්ස් එකේ කොපි රයිටර්ස්ලා දෙදෙනෙක් යෑමට නියමිතව තිබින.

ඒ දෙදෙනා වූයේ අජිත් නිශාන්ත හා දිමුණි නිමල් රාජපක්ෂ යි.

එහෙත් මේ කොපි රයිටර්ස්ලා දෙන්නා ගෙන් ගියේ එක් අයෙක් පමණි.

" උඹ අපරාදේ කට්ට කන්නෙ.. මං තනියෙන් ගිහින් වැඩේ ගොඩදාන්නං "
 
Business Buddies 1

දිමුණි අජිත්ට එසේ කිව්වේය.

එසේ කියූවද දිමුණි තනියෙන් ගියේ නැත.

ඔෆිස් එකෙන් සල්ලිත් රැගෙන ඔහු ගියේ තම ගර්ල් ෆෙන්ඩ් ද සමගය.

මේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එවකට ලංකාවේ ටෙස්ට් කණ්ඩායමේ ප්‍රකට වේග පන්දු යවන ක්‍රිකට් ක්‍රීඩකයකුගේ නැගෙනියයි.
 
ඔෆිස් එකේ සල්ලිවලින් ලව්ත් කර පැමිණි දිමුණි ඉතා කැත වැඩක් කළේය.

ඔහු අංහ ප්‍රධානීයා වූ රොහාන් පියදාසට පැවසුවේ අජිත් නිශාන්ත නොපැමිණි බවත්, තමා තනියෙන් ගොස් වැඩේ කළ බවත් ය.

මේ සිදුවීමෙන් අජිත් නිශාන්තට විශාල ප්‍රශ්නයකට මුහුණ පෑමට සිදුවිය.

එහෙත් සත්‍ය හෙළිදරව් වී කෙටි කලෙකින්ම දිමුණි ගේ ජොබ් එකට තට්ටු විය.

රිසර්ච් කරන්න ගොස් ඇන්ඩෲ සැමුවෙල්ට ද මරු වැඩක් විය.

සෙලාන් බැංකුව වෙනුවෙන් එම පර්යේෂණය සිදුකරන ලදි.

ඔහු අවසානයට ගියේ මහනුවර සෙලාන් බැංකුවටයි.
 
z p01 INCREASED

ආපසු කොළඹ එද්දී නුවර ටවුමේ දී පොලීසිය පෙනි පෙනිම ඔහු වාහනය වමට කපා යලි දකුණට කැපුවේය.

" මහත්තයා මොකද ...?"

 ඇන්ඩෲ නතර කළ පොලිස් නිලධාරියා ඇසුවේය.

" රාලහාමි  අපි කොළඹ ..."

පොලිස් නිලධාරියාට සිනා පහළ විය.

ඔහු ඇන්ඩෲට යන්න දුන්නේය.
 
 
පොලීසියෙන් බේරුණත් ඇන්ඩෲට සෙලින්කෝ ලොක්කා වූ ලලිත් කොතලාවල ගෙන් බේරෙන්න බැරි විය.
 
 
රිසර්ච් එකෙන් හෙළිදරව් වන කරුණු ලලිත් කොතලාවලට ප්‍රිය නොවීය.

" කවුද මෙහෙම රිසර්ච් එකක් කරන්න කිව්වේ...? "

ලලිත් කොතලාවල ගෝරනාඩු කළේය.

ඇන්ඩෲ කිසිවෙකු පාවා නොදී රිසර්ච් එක අකුලා ගත්තේය.
 
 
ඒ ඇත්තට මුහුණ දුන්නේ නම් ලලිත් කොතලාවලට මෙහෙව් ඉරණමක් අත් නොවන්නට ඉඩ තිබුණි.
 
 
මුලින්ම ලංකාවට මදුරු කොයිල් ආවේ චීනයෙනි.

ඩියර් බ්‍රෑන්ඩ් නම් වූ මදුරු කොයිල් විකුණන ලද්දේ මහ පාරේ පදික වේදිකාවේ ය.

කොයිල් බිස්නස් එක නැගලා යන බව දුටු බහුජාතික සමාගම් ද කොයිල් බිස්නස් එකට බැස්සේ ඔය කාලයේ ය.

මෝර්ටීන් කොයිල් එසේ වෙළෙඳ පොළට හඳුන්වා දුන් කොයිල් වර්ගයකි.

කෙටි කලකින් චීනයෙන් ගෙනා ඩියර් බ්‍රෑන්ඩ් කොයිල් එක නැත්තටම නැතිවී ගියේය.
 
madu

අන්තිමට ඩියර් ඉතුරු වුණේ තිස්ස ‍රජ්ජුරුවන් දුණු හී මානාගෙන එන පොසොන් තොරණේ පමණි.

මදුරු කොයිල් ආවේ දඟර 10 ක් අඩංගු පෙට්ටි වශයෙනි.

පසු කලෙක කඩකාරයන් විසින් කොයිල් 2 බැගින් වැඩි මිලට විකිණීමට පටන් ගන්නා ලදි.

ඩබල් කොයිල් මාර්කට් එකක් වර්ධනය වෙමින් පවතිනු දුටු සමාගම් හිමියන් ඒ පිළිබදව පර්යේෂණ කිරීමට පටන් ගන්නා ලදි.

ඩබල් කොයිල්  මිලට ගන්නේ ඇයි දැයි විමසූ විට කොළඹ කාන්තාවන් දුන් පිළිතුර මෙයයි.

" ලේසියිනේ .. ඒකයි අපි ඩබල් කොයිල් ගන්නේ ..."

අනුරාධපුරයේ කාන්තාවන් එම පැනයට දුන් පිළිතුර මෙසේයි.

" හැමදාම අතේ සල්ලි නෑනේ... සල්ලි නැති දාට අපි ඩබල් කොයිල් එකක් ගන්නවා..."
 
 
අනුරාධපුරයේ ගැහැණුන් කීවේ ඇත්ත ‍ය.

කොළඹ ගැගැණුන් කීවේ ගල් පැලෙන බොරුය.
 
 
රිසර්ච් වල කියන බොරු විස්වාස කර වැඩ කළොත් අන්තිමට වෙන්නෙ බබිත් සුං ය.

බබීගේ අම්මිත් සුං ය.


(ඇඩ්ඩා විසින් ලියන ලදි)


''ඇඩ්වර්ටයිසිං ලෝකය'' සම්පුර්ණ ලිපි පෙළ මෙතනින්



JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...