BREAKING
Top Ad
ඇඩ්වර්ටයිසිං ලෝකය

ඇඩ්වර්ටයිසිං ලෝකය (23) : සෙකට්‍රි ...!

T

The Leader

May 24, 2023 • 12:32 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය (23) : සෙකට්‍රි ...!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇඩ්වර්ටයිසිං ඒජන්සියක විවිධාකාර සෙකට්‍රිලා සිටිති.
  •     මෙලෙස ඒජන්සි පැටව් ගසන්නේ තරඟකාරී ව්‍යාපාර තමන් වෙතම තබාගැනීමට ය.
  • ඔස්ට්‍රේලියාවේ සිට පැමිණි ඔහු අම්බානක ඩිප්ලෝමා ගසා තිබුණි.
  • ඒ ටික දමා විසිටින් කාඩ් එකක් ගැසුවොත් පිටු 40 ක විතර එක්සයිස් පොතක් උවමනා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 මේ සෙක්ට්‍රිලා අතුරින් වඩාත් බලවත් වන්නේ ආයතනය ප්‍රධානීයාගේ සෙකට්‍රිය.

ඒ කියන්නේ ප්‍රයිවෙට් සෙකට්‍රිය.

ඉනුත් සෙකට්‍රි ආයතන ප්‍රධානීයා හා යාලුවීම අපට අගුණ ය.

සෙකට්‍රි අපේ එකෙකු හා යාලුවීම ආයතන ප්‍රධානීයාට අගුණ ය.

ඕනෑම ඇඩ්වර්ටිසිං ඒජන්සියක ඒජන්සි පැටව් ගැසීම සාමාන්‍ය දෙයකි.

 
 
මෙලෙස ඒජන්සි පැටව් ගසන්නේ තරඟකාරී ව්‍යාපාර තමන් වෙතම තබාගැනීමට ය.
advertising
 
ග්‍රාන්ට්ස් එකටත් ඒජන්සි පැටව් කිහිපයක් තිබේ.

RN Media ඉන් එකකි.

RN Media එකේ ලොක්කා ජයරත්න ය.

ජයරත්න ට සෙක්ට්‍රි කෙනෙක් ගැනීමට අවශ්‍ය විය.

ඒ අනුව දැන්වීමක් ද පළ කරන ලදි.

මේ සම්මුඛ පරීක්ෂණය සදහා තරුණියන් කිහිප දෙනෙකුම පැමිණි අතර ජයරත්න විසින් සම්මුඛ පරීක්ෂණය මෙහෙයවන ලදි.

සම්මුඛ පරීක්ෂණය යන අතරතුර ජයරත්නවත් නොදන්නා දෙයක් සිදුවෙමින් පැවැතිණි.

ඒ ග්‍රාන්ට්ස් එකේම වෙනත් ස්ථානයකය.
 
 
සම්මුඛ පරීක්ෂණය සදහා තවත් කෙනෙකු සූදානම් කරමින් තිබිණ.
 
 
ඒ යුවතියක් නොව ඇඩ්මින් එකේ කීර්ති ‍ය.
 
41 of the best seo job interview questions 6130f38715181 sej

මුලින්ම කීර්ති ගැන යමක් කිව යුතුය.

ඇඩ්මින් එකට සාමාන්‍යයෙන් එන්නේ මරුමූස්ම හාදයින් ය.

මීට කලින් ග්‍රාන්ට්ස් එකේ නිශ්ශංක කියා ඇඩිමින් මැනේජර් කෙනෙක් සිටියේය.

ඔස්ට්‍රේලියාවේ සිට පැමිණි ඔහු අම්බානක ඩිප්ලෝමා ගසා තිබුණි.

ඒ ටික දමා විසිටින් කාඩ් එකක් ගැසුවොත් පිටු 40 ක විතර එක්සයිස් පොතක් උවමනා වේ.

කීර්ති යනු එහෙම එකෙකු නොවේ.

ඔහුට විහිළු තහළු තේරේ.

හිනා වෙන්න දනී.

ඔහු කයි.

බොයි.
 
 
කීර්ති ඉන්න විට ඇඩ්මින් එකට අපුලක් නැතුව යාමට පුළුවන.
 
දැන් ඉතින් කීර්ති හදන්නේ සෙකට්‍රි කෙනෙකු ලෙස වෙස් වලාගෙන ජයරත්නව ඇන්දීමට ය.

කීර්තිව කාන්තාවක් ලෙසින් හැඩ වැඩ ගැන්වූයේ ටෙරී විසිනි.

දම් පැහැති ගවුමකින් සැරසුණු කීර්ති සන්ග්ලාස් කුට්ටමක් ද පැළැද සිටියේය.

නියමිත වෙලාවට කීර්ති පැද්දි පැද්දි ගොස් ජයරත්න ඉදිරියේ "හායි" කියමින් අසුන් ගත්තේය.
 
PHOTO 2023 05 24 10 42 07
 
කීර්ති ‍යුවතියකට ඇන්දේ මේ අයුරිනි.
 
 
ටික වේලාවක් සම්මුඛ සාකච්ඡාව කරගෙන යද්දී ජයරත්න ගේ එක්ස්ටෙන්ෂන් එක නාද විය.
 
 
ඕනෑම ඒජන්සියක බඩගෝස්තරය උදෙසා පාවා දෙන්නකු සිටී.
 

ඕනෑම ඒජන්සියක බඩගෝස්තරය උදෙසා පාවා දෙන්නකු සිටී.

ඔවුන් ජීවත් වන්නේ කේළාම් කීමෙන් හා පාවා දීමෙනි.

ජයරත්නට කෝල් කළේ ඒජන්සියේ කේළාම් පප්පෙකි.

සාමාන්‍යයෙන් ඔහුගේ මූණේ ලේ කළදක් නැත.

ජීවත් වුනත් මළා වගේය.

ඔහු කළ වැඩේ නිසා සම්මුඛ පරීක්ෂණය එතැනින් නිමා විය.

ටික දවසකට ඔහු ජයරත්න ගේ වීරයා විය.

එහෙත් ඔහු අන්තිමට ග්‍රාන්ට්ස් එකෙන් ගියේ ජයරත්නටත් ඇරලා ය.


JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...