BREAKING
Top Ad
ඇඩ්වර්ටයිසිං ලෝකය

ඇඩ්වර්ටයිසිං ලෝකය (25) : හරි ෂෝක්...!

T

The Leader

May 26, 2023 • 12:43 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය (25) : හරි ෂෝක්...!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද කතාව හරි ෂෝක් මනුස්සයෙක් ගැනය.
  •     ඔහුට අව්‍යාජ හිනාවක් ඇත.
  •   ගාමිණී අයියා පසු කලෙක ආර්ට් ඩිරෙක්ටර් කෙනෙක් විය.
  • දවසක් ගාමිණී අයියා ගේ මිතුරා වූ දයාන් ට දවල් 12 ට විතර එලියට යන්න ඕනෑ විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු ගාමිණී අබේකෝන් ය.

 

ගාමිණි ගේ කටේ නිතර රැව් දෙන කතාවක් වූයේ " හරි ෂෝක් " යන්න යි.

 

එසේම ඔහුගේ අතේ නොවරදින දෙයක් විය.


ඒ ලංකාදීප පත්තරය යි.
 
A man reads a newspaper with front page news of Sri Lanka's president-elect Ranil Wikeramasinghe at a newsstand in Colombo  on July 21, 2022. - Sri Lanka's six-time prime minister Ranil Wickremesinghe was set to be sworn in as president on July 21, with officials saying he would set up an all-party unity cabinet to confront the country's economic crisis. (Photo by Arun SANKAR / AFP) (Photo by ARUN SANKAR/AFP via Getty Images)

වැඩට නාවත් ලංකාදීප පත්තරේ එවපන් කියා ඔහුට විහිළු කළේ ඒකය.

ගාමිණී එක්ක බොන්න අමාරුය.

මොකක් හෝ විහිළු කතාවක් කවුරුන් හෝ කිව්වොත් හරි ෂෝක් කියා ළඟ ඉන්න කෙනාගේ පිටට පාරක් දෙයි.
 
 
එය ගාමිණී ට හරි ෂෝක් වුණාට පහර කන කෙනාට 'මරු ෂෝක්' ය.

ගාමිණී ට බොහෝ දෙනා කිව්වේ ගාමිණී අයියා කියාය.

ඒ ඔහු වයසින් වැඩි නිසාය.

එසේ වුවත් ගාමිණී අයියා අනෙක් තරුණයන්ට වඩා තරුණ ය.
 
 
ඔහුට අව්‍යාජ හිනාවක් ඇත.
 
 
එය හිතේ කිසිම කහටක් නැති හිනාවකි.

ගාමිණී අයියා නිවාඩුවක් ගන්නා විට හතර වටේටම දැනුම් දෙයි.

නිවාඩු ගන්නා හේතුවත් ඔහු අපට කියයි.

දවසක් ඔහු නිවාඩු ගත්තේ මඟුල් ගෙදරක යෑමට ය.

පහුවදා ඔහු වැඩට එනවිට නෝටිස් බෝඩ් එකේ ලොකු පෝස්ටරයකි.

ඇන්දේ දයාන් කොට්ටච්චි ‍ය.

ගාමිණී අයියා තෑගි පෙට්ටිය හිස මත තබාගෙන යයි.

පිටුපසින් ඔහුගේ නෝනා උපදෙස් දෙමින් පැමිණෙන්නීය.

මේ ඈ දෙන උපදෙස් ය.
 
llugh

" බිව්වට කමක් නෑ ගානට බොන්න හරිද...? කන මදයා වගෙ බීලා හක හක ගාලා හයියෙන් හිනා වෙන්න එපා ...තේරුණාද...? බීලා ළඟ ඉන්න මිනිහගෙ පිටට ගහන්න එපා ..  හොඳද....."

ගාමිණී අයියා මේ පෝස්ටර් එක ගලවාගෙන ගියේ නෝනා ට පෙන්වීම සදහා ය.

පෝස්ටරේ බලා වයිෆ් මොකද කිව්වේ කියා අපි පසුවදා ගාමිණී අයියා ගෙන් ඇසුවෙමු.

" දැක්කද ඔෆිස් එකේ මිනිස්සුත් දන්නවා මං හරියි කියලා..."

එසේ පැවසූ ඔහු හරි ෂෝක් කියා හිනා වුණේය.



ගාමිණී අයියා 'තිතට' වැඩ කරන්නෙකි.

එසේ කිව්වේ ඔහු තිත් තුලින් අපූරු චිත්‍ර රටා මවන බැවිනි.
 
 
ඔහු ඒ චිත්‍ර අඳින්නේ භාවනාවක් කරන්නා මෙනි.
 
ගාමිණී අයියා පසු කලෙක ආර්ට් ඩිරෙක්ටර් කෙනෙක් විය.

ඔහුව එම තනතුරට උසස් කළේ බල්ලන් නාවන්න ගෙනියනවාටත් වඩා අමාරුවෙනි.

PHOTO 2023 05 26 11 14 30 1PHOTO 2023 05 26 11 14 30PHOTO 2023 05 26 11 14 31PHOTO 2023 05 26 11 14 29PHOTO 2023 05 26 11 14 29 1


මේක ටිකක් පරණ කතාවකි.

ඒ කාලේ ස්ටුඩියෝ මැනේජර් වූයේ ඩීන් ය.

දවසක් ගාමිණී අයියා ගේ මිතුරා වූ දයාන් ට දවල් 12 ට විතර එලියට යන්න ඕනෑ විය.

යා යුත්තේ ඩීන්ට හොරාය.

" මචං, මං පොඩ්ඩකට මාරු වෙනවා... ඩීන් ඇහුවොත් කියන්න එපා...."

දයාන් එහෙම කියා එලියට ගියේය.

ඩීන් ඇවිත්  හෙව්වේ දයාන්වම ය.

දයාන් කෝ කියා ඇසුවේ ද ගාමිණී අයියා ගෙනි.

" දයාන් එලියට ගියා... ඩීන් ඇහුවොත් කියන්න එපා කිව්වා..."

 ගාමිණී අයියා ගේ උත්තරයට ඩීන්ටත් හිනා ගියේය.

 

දිනක් ගාමිණී අයියාට මරු පෝස්ටර් එකක් දයාන් ගැහුවේය.

පෝස්ටර් එක දෙකට බෙදා තිබුණි.

පෝස්ටරයේ එක පැත්තක ලියා තිබුනේ "වයිෆ් ගෙදර නැති  විට "යනුවෙනි.

එහි ගාමිණී අයියා හාන්සි පුටුවේ වාඩිවී ලංකාදීප පත්තරේ බලයි.

ඊට යටින් "ගාමිණී උයන " කියා සඳහන් විය.

පෝස්ටරය දකුණු පැත්තේ "වයිෆ් ගෙදර ඇති විට" යනුවෙන් සඳහන් විය.

එහි ගාමිණී අයියා පණ කඩාගෙන ලිපට පිඹියි.

ඊට යටින් " උයන ගාමිණී " ලෙස සඳහන්ව තිබුණි.

ගාමිණි අයියා එය බලා " හාහ්.. හාහ්.. " කියා හිනා වුණේය.


PHOTO 2023 05 26 11 14 31 2

කාලයක් ගෙවුණු තැන ගාමිණී අයියාට කෝල් එකක් ආවේය.

ඒ දයාන් ගෙනි.

" හරි ෂෝක් ..." කියා ගාමිණී අයියා කෝල් එකට උත්තර දුන්නේය.

" මචං, පොඩි හදිස්සියකට ගත්තේ.... තාත්තා නැති වුණා...."

" හරි ෂෝක් ..." කියා ගාමිණී අයියා ඒකටත් කිව්වේය.

මේ ලිපිය කියවා අවසානයේ ගාමිණී අයියා මෙසේ කියා හිනාවෙනු ඇත.
 
 
" හරි ෂෝක් ....!"
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...