BREAKING
Top Ad
ඇඩ්වර්ටයිසිං ලෝකය

ඇඩ්වර්ටයිසිං ලෝකය (26) : තාත්තලාගේ ෆීනික්ස් දරුවෝ

T

The Leader

May 29, 2023 • 1:16 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය (26) : තාත්තලාගේ ෆීනික්ස් දරුවෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද අමුතුම කතාවක් කියන්නට තිබේ.
  • මේ මහා කලාකරුවාගේ පුත්‍රයා සුදුසු නිර්මාණ අංශයට බව තේරුම්ගත් අර්වින් වීරක්කොඩි දිලීපව නිර්මාණ අංශයට යොමු කළේය.
  • අප බොහෝ ප්‍රිය කළ නිර්මාණ අධ්‍යක්ෂවරයා බිහිවීමේ මුල් අඩිතාලම වැටුනේ එලෙසිනි.
  • අද ඇය triad ආයතනයේ කණු 3 න් එකකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ කතාවට උරුමකම් කියන්නට පුළුවන් ප්‍රචාරක ආයතනයක් තිබේ.

මේ කතාවට අදාළ කාල පරිච්ඡේද තුල මේ ආයතනය ලංකාවේ ලොකුම ප්‍රචාරක ආයතනය වූයේ නැත.

එහෙත් තාත්තලා තම දරුවන්ට ප්‍රචාරක කලාවේ 'අ' කියාදෙන්නට තෝරාගත්තේ මේ දැන්වීම් ප්‍රචාරක ආයතනයයි.

එය ෆීනික්ස් ප්‍රචාරක ආයතනයයි.

dilip abe

අද හීන්සැරේ ප්‍රචාරක ආයතනය මෙහෙයවන කරුණාරත්න අබේසේකරයන් ගේ පුතු වූ දිලීප මුලින් සැරේ දැන්වීම් කලාවට පා තැබුවේ ෆීනික්ස් ප්‍රචාරක ආයතනයෙනි.

ඔහු මුලින්ම ආවේ පාරිභෝගික සේවා අංශයටය.

මේ මහා කලාකරුවාගේ පුත්‍රයා සුදුසු නිර්මාණ අංශයට බව තේරුම්ගත් අර්වින් වීරක්කොඩි දිලීපව නිර්මාණ අංශයට යොමු කළේය.

අප බොහෝ ප්‍රිය කළ නිර්මාණ අධ්‍යක්ෂවරයා බිහිවීමේ මුල් අඩිතාලම වැටුනේ එලෙසිනි.

malinda

ශ්‍රේෂ්ඨ  පුවත්පත් කලාවේදියකු වූ ධර්මසිරි ගමගේ ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නය  වූ චමින්ද ගමගේ වැඩ ඇල්ලුවේ ද ෆීනික්ස් එකෙනි.

waruni
සරත් අමුණුගම මහතා තම දියණිය වූ වරුණි අමුණුගම රැගෙන ආවේ ද ෆීනික්ස් එකටයි.

අද ඇය triad ආයතනයේ කණු 3 න් එකකි.

ඇය පමණක් නොව එහි තවත් කණුවක් වූ ඉෂිණි වික්‍රමසිංහ ද කලක් ෆීනික්ස් හි සේවය කළාය.  

ishini

ඇය TNL අධිපති ශාන් වික්‍රමසිංහ ගේ දියණිය යි.

PHOTO 2023 05 29 11 14 42 1
හිටපු මුද්‍රණාලාධිපති නෙවිල් නානායක්කාර ගේ දියණිය හිටියේ ද ෆීනික්ස් එකේය.

ඇයට කවුරුත් කතා කළේ ශාකි යන නමිනි.

PHOTO 2023 05 29 11 14 42 2
හිටපු ජනාධිපති ලේකම් කේ.එච්.ජේ. විජේදාස ගේ දියණිය චාමලී වැඩ ආරම්භ කළේ ෆීනික්ස් එකෙනි.

ඇය නීතිඥ උපාධිය අතට ගෙන දින 2 කට පසු ෆීනික්ස් ආයතනය වෙත පිය නැගුවා ය.

PHOTO 2023 05 29 11 14 43
ප්‍රකට කලාකරුවකු වූ උපාලි අත්තනායක ගේ එක් පුතෙකු වූ සිදත් අත්තනායක හිටියේත් මේ ෆීනික්ස් වහළ යටය.

වසන්ත ඔබේසේකර ගේ දියණිය කෙටි කලක් ශ්‍රව්‍ය දෘෂ්‍ය අංශයේ සේවය කළාය.

ඊට අමතරව ට්‍රිලිෂියා ගුණවර්ධන ගේ දියණිය වූ ට්‍රිප්ති ද සීමිත කාලයකට ෆීනික්ස් හා එක් වූවාය.

(මෙහිදී මහාචාර්ය ඒ.ජේ.ගුණවර්ධනගේ දියණිය ලෙස හැඳින්නොවූයේ මේ රටේ මිනිසුන් හඳුනන්නේ නිළියන් මිස මහාචාර්යවරුන් නොවන බැවිනි)

රවීන්ද්‍ර රන්දෙණිය ගේ දියණිය රැකියා පුහුණුව සදහා පැමිණියේ ෆීනික්ස් වෙතය.

ranjana
ජාතියේ මහා කලාකරු වූ අමරදේවයන්ගේ පුතු වූ රංජන අමරදේව ෆීනික්ස් හි පිටපත් රචකයකු වශයෙන් සෑහෙන කාලයක් වැඩ කළේය.

ඔහුට කවුරුත් කිව්වේ ළමයා කියාය.

ගෙදර යන්න බැරිම තරම් වැඩි වූ දවසක රංජන ළමයා අර්වින් ගේ ගෙදර බුදියාගෙන වාර්තාවක් තැබූවෙකි.

මෙරට ගුවන් විදුලි ක්ෂේත්‍රයේ පතාක යෝධයකු වූ ලිවී විජේමාන්න ගේ පුත්‍රයා වූ දයන්තගේ මුල්ම ‍රැකියාව සදහා ඔහුගේ පියාගේ තේරීම වූයේ ෆීනික්ස් ආයතනයයි.

PHOTO 2023 05 29 11 14 40 1
වීශේෂයෙන්ම සදහන් කළ යුතු තවත් පුතෙක් ද ෆීනික්ස් එකට ආවේය.

ඉහත නම් සදහන් සියලු පුතුන් පරදා වැඩිම කාලයක් ෆීනික්ස් එකේ හිටියේ ඔහු ය.

ඔහු නම් මෙරට බිහිවූ විශිෂ්ට චිත්‍ර ශිල්පියකු වූ ජිනප්‍රේම බෝදාහන්දිගේ පුතනුවන් වූ ජයනාත් බෝදාහන්දි ය.

කෙටියෙන් කිව්වොත් බෝධි ය.

ෆීනික්ස් එක ඇතුලේ බෝධි දමාගත් වලි සංඛ්‍යාවේ වාර්තාව මේ එකදු පුතෙකුටවත් අද දක්වා බිඳීමට නොහැකි වී තිබේ.

malinda sene

කොබ්බෑකඩුව කෘෂිකර්ම පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අධ්‍යක්ෂවරයාව සිටි කීර්තිමත් සිවිල් සේවකයකු වූ ගාමිණී සෙනෙවිරත්න මහතාගේ පුතු වූ මාලින්ද සෙනෙවිරත්නත් වැස්සට ගොඩවන්නා සේ ෆීනික්ස් එකට පැමිණි තවත් චරිතයකි.

අද දක්වාම මාලින්දගේ ෆ්‍රීලාන්ස් "පර්මනන්ට් " රැකියා ස්ථානය ෆීනික්ස් එකයි.

PHOTO 2023 05 29 11 14 46
එමෙන්ම TVT ආයතනයේ රවීන්ද්‍ර ගුරුගේ ගේ දියණිය වූ රවින්ද්‍රිත්, සන්නස්ගල ගේ පුතණුවනුත් වූ පන්සිළු රැකියා පුහුණුව සදහා පැමිණියේ ෆීනික්ස් වෙතයි.
PHOTO 2023 05 29 11 14 46 1ගවේෂණය කළ යුතු කාරණාව මෙයයි.

 

මේ සියලු පියවරුන් දිවයිනේ නමගිය ප්‍රචාරක ඒජන්සි මඟහැර ෆීනික්ස් ප්‍රචාරක ආයතනය වෙත තම දරුවන් යොමු කළ හේතුව කුමක් ද ?

ෆීනික්ස් සතු මැජික් එක කුමක් ද ?

විමසා බැලීමට වටින කරුණ එයයි.

 

මේ සියල්ලම අතර ලොකු නම් නැති තාත්තාලාගේ දරුවන් වූ ඇඩ්ඩා වැනි පොඩ්ඩන් රැසක් ද කාලයෙන් කාලයට ෆීනික්ස් සෙවනේ හුන් බව අවසන් ලෙස සටහන් කළ යුතුව ඇත.

 

(ඇඩ්ඩා විසින් ලියන ලදි)

''ඇඩ්වර්ටයිසිං ලෝකය'' සම්පුර්ණ ලිපි පෙළ මෙතනින්


JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...