BREAKING
Top Ad
ඇඩ්වර්ටයිසිං ලෝකය

ඇඩ්වර්ටයිසිං ලෝකය (27) : ටයි එක

T

The Leader

May 30, 2023 • 12:13 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය (27) : ටයි එක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නෙවිල් පෙරේරා කියන්නේ පරණම ආර්ට් ඩිරෙක්ටර් කෙනෙකි.
  • ෆීනික්ස් එකේ ස්ප්‍රේ ගන් එක උස්සලා බව දැන්ගත්තේ නෙවිල් මහත්තයා නිසාය.
  • නෙවිල් මහත්තයා 90 දශකය අන්තිම හරියේ යලි ෆීනික්ස් එකට ආවේය.
  • රුපියල් 16,000 ක් පමණ වටිනා ස්ප්‍රේ ගන් එක උස්සා ඇති බව ඔෆිස් එක දැනගත්තේ එලෙසිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

කවුරුත් ඔහුට කිව්වේ නෙවිල් මහත්තයා කියාය.

නෙවිල් මහත්තයා සියුම් වැඩකරුවෙකි.

සියුම් නිසාම කාලයක් ගනී.

නෙවිල් මහත්තයාට කොම්පියුටර් වැඩ අරහංය.

එම නිසා වැඩේ කරන්නේ කවුරු හරි අල්ලාගෙන ය.

නෙවිල් මහත්තයා රූපවාහිනී ලෝගෝව නිර්මාණය කළ පුද්ගලයාය.

rupa

රූපවාහිනීය එය පසුකාලීනව නොපිළිගන්නා විට අර්වින් ලොක්කා නෙවිල් ලොක්කාවත් ඇදගෙන උසාවි ගියේය.

මේ නඩුවට සාක්කි දීම සදහා එවකට යුනෙස්කෝ එකේ සේවය කරමින් සිටි සරත් අමුණුගම මහතා ප්‍රංශයේ සිට පැමිණියේ ය.

අන්තිමට රූපවාහිනීයට එරෙහිව වාරණ නියෝගයක් ද ලබාගත්තේ ‍ය.

අර්වින්ට ඉන්ජන්ෂන් යනු අප ඉදහිට කන ඩෙසර්ට්වලටත් වඩා සරල දෙයකි.

කෙසේ හෝ කාලයක් රූපවාහිනීය දිව්වේ ලෝගෝ එක නැතුව හෙළුවෙනි.

නෙවිල් මහත්තයා පැන්සලෙන් ස්කෙච් එකක් ගැසිය හැකි ආර්ට් ඩිරෙක්ටර්ලා කිහිපදෙනා අතුරින් කෙනෙකි.

අද ඉන්නේ ආර්ට් ඩිරෙක්ටර්ස්ලාට වඩා කොම්පියුටර් බාස්ලා ය.

නෙවිල් මහත්තයාට ස්ප්‍රේ ගන් එකෙනුත් වැඩ දාන්න පුළුවන.

ෆීනික්ස් එකේ ස්ප්‍රේ ගන් එක උස්සලා බව දැන්ගත්තේ නෙවිල් මහත්තයා නිසාය.

නෙවිල් මහත්තයා 90 දශකය අන්තිම හරියේ යලි ෆීනික්ස් එකට ආවේය.

ඔහු පැමිණි පළමු දවසේම වැඩක් සදහා ස්ප්‍රේ ගන් එක අවශ්‍ය විය.

කොම්ප්‍රෙෂරය ඇත.

ගන් එක නැත.

රුපියල් 16,000 ක් පමණ වටිනා ස්ප්‍රේ ගන් එක උස්සා ඇති බව ඔෆිස් එක දැනගත්තේ එලෙසිනි.

කොම්ප්‍රෙෂරය ඉතිරි වී තිබුනේ ඒක උස්සන් යෑමට අමාරු නිසාය.

කෙසේ වෙතත් ස්ප්‍රේ ගන් එක ඉස්සුවේ කවුද කියා අහුවුණේ නැත.

ඒකටත් වුණේ මහ බැංකු හොරකමට වූ දේමය.


types of paint

නෙවිල් මහත්තයාට තද වේ.

ගොඩක්ම තද වෙන්නෙ "පොම්පෙ" කිව්වොත් ය.

 නෙවිල් මහත්තයා ඇවිදින්නේ පැත්තකට ඇලවෙලාය.

හරියට පොම්පෙකින් සයිකල් එකකට හුළං ගහනවා වගේය.

ඔහුට පොම්පෙ කිව්වේ එබැවිනි.

නෙවිල් මහත්තයාට ඔය නම ඇහෙන්නට කියා ස්ටුඩියෝ එකේ සජ්ජා කණ පළා නොගත්තේ පූරුවේ පින් බල මහිමයෙනි.

MA304635

දවසක් ශිරානි සෝන්ඩර්ස් ජනවාරි පළවෙනි දාක සාරියක් ඇඳන් ආවාය.

බර්ගර් යුවතියක් සාරියක් ඇන්දාම ඒක මාතෘකාවකි.

නෙවිල් මහත්තයා ශිරානිගේ සාරි ඇදිල්ල ගැන ඇසුවේය.

" අයියෝ නෙවිල් මට මේක අඳින්න
විනාඩි 5 යි ගියේ..."

ශිරානි කිව්වාය.

" ඇඳලා පෙන්නන්න පුළුවන්ද? "

නෙවිල් මහත්තයා ඇඟට පතට නොදැනී කිව්වේය.



දවසක් උදේ පාන්දර මහා ගෝරියකි.

නෙවිල් මහත්තයා තම මේසය ඉදිරියේ වාඩි වී සිටී.

ක්ලයන්ට් සර්විසිං එකේ නයීම් නෙවිල් මහත්තයා එක්ක බැන ගනී.

දිගටම බනින්නේ නයීම් ය.

නෙවිල් මහත්තයා තාම වචනයක්වත් කියා නැත.

ඔය අතරේ තේත් ආවේය.

tea
ඒත් වලිය තාම යයි.

නයීම් බනියි.

නෙවිල් මහත්තයා නිහඬව සිටි.

නයීම් බනින්නේ එන්න එන්නම නෙවිල් මහත්තයාගේ මේසයට අත් දෙක තබාගෙන පහත් වෙමිනි.

එක් වරම නෙවිල් මහත්තයා අවදි විය.

" ගන්නවා ටයි එක අහකට....!"

නෙවිල් මහත්තයා වහලයේ උළු ගැලවෙන සයිස් එකෙන් කෑගසුවේය.

නයීම් පමණක් නොව අප ද අන්දුන්කුන්දුන් වී ගොසිනි.

බැලින්නම් නයීම් ගේ ටයි එක නෙවිල් මහත්තයාගේ තේ කෝප්පය ඇතුලේය.

නයීම් මේසයට බරවී බනින කොට ටයි එක තේ කෝප්පයට වැටී තිබේ.


නෙවිල් මහත්තයා දැන් ගොඩක් වයෝවෘද්ධ ය.

 

එතුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු!

 

(ඇඩ්ඩා විසින් ලියන ලදි)


''ඇඩ්වර්ටයිසිං ලෝකය'' සම්පුර්ණ ලිපි පෙළ මෙතනින්


 

JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...