BREAKING
Top Ad
ඇඩ්වර්ටයිසිං ලෝකය

ඇඩ්වර්ටයිසිං ලෝකය (28) : දැට් නයිට් ...!

T

The Leader

May 31, 2023 • 12:27 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය (28) : දැට් නයිට් ...!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇඩ්වර්ටයිසිංකාරයන් හා මධුවිත අතර ඇත්තේ සමීප සම්බන්ධතාවයකි.
  • මේ රෙස්ටොරන්ට් එක අරින්නේ හරියටම හවස 5 ටය.
  • ටික කාලයක් යනකොට ටොම් ද බම්බලපිටිය ‍රෙස්ටොරන්ට් එකට යන්න හුරු විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔවුහු දුකටත් බොති.

සතුටටත් බොති.

හේතුවක් ඇතුවත් බොති.

නැතුවත් බොති.

බෝනස් දුන්නාමත් බොති.

බෝනස් නොදුන්නාටත් බොති.

මේ කියන්න ‍යන කතාවට ඈත අතීතයක් ඇත.

ඒ සඳහා අතීත බම්බලපිටියට යා යුතුය.

bammba

එදා තිබූ සරල බම්බලපිටිය අද දකින්නට නැත.

බම්බලපිටිය රෙස්ටොරන්ට් එක පිහිටා තිබුනේ ගාලු පාරට මුහුණලාය.

ඩිවොස් ඇවන්‍යු එක කිට්ටුවය.

බම්බලපිටිය ‍රෙස්ටොරන්ට් එක කිව්වාට ඒක තිබුනේ පැරණි ගෙදරකය.

එය තනි තට්ටුවේ ගෙයකි.

රට උළු හෙවිල්ලා ඇත.

යකඩ ගේට්ටුව හදා තිබුනේ කොටු දැලකිනි.

ගේට්ටුව මතක ගේට්ටුව අරින්නත් කලින් එහි ගොස් තිබෙන නිසාය.

මේ රෙස්ටොරන්ට් එක අරින්නේ හරියටම හවස 5 ටය.

ඉස්සර නම් මෙහි දුන්නේ ජින් වලින් උඩ දේය.

පස්සෙ පස්සේ නම් බියරුත් දුන්නේය.

PHOTO 2023 05 31 11 08 02

මුල් කාලයේ මෙතැන ක්‍රීම් ක්‍රැකර් සමග චීස් තිබුනේ ය.

පසුව වෙනත් බයිට් වර්ග ද හඳුන්වා දුනි.

මුලින් මුලින් මේකට ග්‍රාන්ට්ස් එකේ එකා දෙන්නා යන්න පටන්ගත් අතර එතකොට මේස තිබුනේත් එක දෙකකි.

පස්සේ පිරිවර වැඩිවන විට මේස පුටුද වැඩිවෙන්න ගත්තේය.

ග්‍රාන්ට්ස් එකේ මේ කියන කාලයේ සුද්දෙක් හිටියේය.

සුද්දාගේ නම් ටොම් ය.

ඉංග්‍රීසි පිටපත් රචකයකු වූ රැන්ස්ලි බරෝස්ව වැඩට ගත්තේ මේ ටොම් ය.

ටික කාලයක් යනකොට ටොම් ද බම්බලපිටිය ‍රෙස්ටොරන්ට් එකට යන්න හුරු විය.

ග්‍රාන්ට්ස් සෙට් එකට දෙක වදින විට සිංදු කීමට පටන් ගනී.

ටොම් කට ඇරගෙන බලා සිටියි.

ටොම් ගේ ඉදිරියේ රැන්ස්ලි වාඩි වී සිටියි.

ග්‍රාන්ට්ස් පොරවල් දැන් සිංදු කියන්නේ පුටුවලින් නැගිට හිටගෙනය.

එහෙම සිංදු කියන්නේ උච්චතම අවස්ථාවේ ය.

PHOTO 2023 05 31 11 08 02 1ඔවුන් කියන්නේ මිල්ටන් මල්වාරච්චිගේ සිංදුවකි.


" එදා රෑ...

 ගුවන් තොටුපලේ දී මා

වෙන් වී ගියේ...

 සිතකින් නොවේ... "


ටොම් සුද්දාට මේ  කියන මොන මලදානයක් වත් නොතෙරේ.

ඌ උඩ බලාගෙන සිටියි.

රැන්ස්ලිටත් දැන් දුකය.

ඔහුට ක්ෂණික අදහසක් පහළ වුයේය.

රැන්ස්ලි කළේ මේකය.

" එදා රෑ..."

සිංදුව යයි.

සිංදුව යන විට රැන්ස්ලි හිටිවන ට්‍රාන්ස්ලේෂන් පාරක් ටොම් ට දෙන්නේය.

" එදා රෑ..."

" that night “

දැන් සුද්දාට තේරේ.

ඔහු ඔලුව වනයි.


" ගුවන් තොටුපලේ දී මා "

“ me at the airport “

යලිත් සුද්දා ඔලුව වනයි.

 රැන්ස්ලි ට්‍රාන්ස්ලේට් කරයි.

"වෙන්වී ගියේ..."

"broke up..."

සුද්දා නැවත ඔලුව වනයි.

" සිතකින් නොවේ..."

"Not by heart..."


" නෑසිය මිතුරන් පැමිණීලා..."

"Relatives and friends have come.."

" ආසිරි සුබ පැතුම් පැතුවා..."

"wished for best wishes..."

" ඔබ නාවේ ඇයි මිහිරියේ..."

"Why didn't you come..."

 රැන්ස්ලි ගීතය සම්පූර්ණ කර දුන්නේය.

" එක්සලන්ට් "

ටොම් කිව්වේය.

බම්බලපිටිය ‍රෙස්ටොරන්ට් එකේදී

රැන්ස්ලි කළ මේ ට්‍රාන්ස්ලේෂන් එක නිසා මිල්ටන්ගේ සිංදුවක තේරුම දැනගත් ප්‍රථම සුද්දා බවට ටොම් පත් විය.

 

(ඇඩ්ඩා විසින් ලියන ලදි)


''ඇඩ්වර්ටයිසිං ලෝකය'' සම්පුර්ණ ලිපි පෙළ මෙතනින්


JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...