BREAKING
Top Ad
ඇඩ්වර්ටයිසිං ලෝකය

ඇඩ්වර්ටයිසිං ලෝකය (29) : ටානියාගේ දෙයියෝ ...!

T

The Leader

June 1, 2023 • 12:48 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය (29) : ටානියාගේ දෙයියෝ ...!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවට සෝයාමීට් ආපු මුල් කාලේ ගැන කතාවකි මේක.
  • එහෙම කිව්වේ ඇය වැඩ වවන නිසාය.
  • ඇඩ් එකක හා පුවත්පත් නිවේදනයක් අතර ඇති වෙනස ටානියා ඉගෙනගත්තේ එදායින් පසුවය.
  • ඒ කාලේ හැමදාම සඳුදා හවස 5 ට ක්ලයන්ට් සර්විසිං මීටිමක් තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):



ලංකා සෝයි ලෙස මුලින්ම හඳුන්වා දුන් එහි කාර්යාලය තිබුනේ රත්මලාන කඳවල පාරේය.

එහි යන එක හරියට ට්‍රිප් එකක් වගේය.

මුලින්ම ලංකා සෝයි ඇඩ් හැදුවේ දිලීප ය.

සනත් ජයසූරිය යොදාගෙන ගාලු කොටුවේ කළ දැන්වීම දැන්නම් කාටවත් මතක නැති ය.

ඒ කාලේ  සෝයාමීට් එච්චර විකිණුනේ නැත.

fitted

සනත් දාලා වත් සෝයාමීට් විකුණන්න බැරි වුනේ අපේ රටේ ගෑනු හැමදාම සෝයා ඉව්වේ එකම විදියට ය.

මේ නිසා සූපවේදීන් ගෙන්වා විවිධ විවිධාකාර යෙන් සෝයාමීට් පිස ඒවායේ වට්ටෝරු ප්‍රචාරය කිරීමට පටන් ගන්නා ලදි.

බලා ඉද්දි වාගේ සෝයාමීට් අලෙවිය වැඩිවෙන්න පටන් ගත්තේ එතැන සිටය.

soy
ලංකා සෝයි කාර්යාලයට යන ගමන ගැන මුලිනුත් සදහන් කළෙමි.

මුල්ම කාලයේ මේ ගමනට අර්වින්, ඇන්ඩෲ සැමුවෙල් සමග මටත් යෑමට ඉඩ ලැබුණි.

රියැදුරු ධර්මසිරි ‍ය.

අප යන කදවල පාර අයිනේ ගෑනු ටැප් ළඟ බේසන් තියාගෙන නාති.

" අන්න G N T Spot එකක් ...!"

එවිට අර්වින් කියයි.


G N T කිව්වේ ගෑනු නාන තැන යන්නටයි.

අර්වින්ට ඕක උගන්වා තිබුනේ දොම්පේ පැත්තේ කරක් ගහද්දී සරච්චන්ද්‍ර රාජකරුණා ය.

මේ සේරම වැල්වටාරම් කිව්වේ ටානියා ගැන කියන්නට ය.

ටානියා දැඩි ආගම් භක්තිකයකු විය.

පොඩ්ඩක් නෙවෙයි, ගොඩක් විතර ටියුබ් ලයිට් ය.

සාමාන්‍ය දැනීම හොඳටම අවුල්‍ ය.

ලංකා සෝයි එකවුන්ට් එකේ වැඩ කළේ ටානියා ය.

ටානියා ගොවිගම කුලේ විය යුතුය.

එහෙම කිව්වේ ඇය වැඩ වවන නිසාය.

ටානියා දවසක් මරු වැඩක් කළාය.

පත්තරවලට යැවීම සදහා ප්‍රෙස් රිලීස් එකක් හෙවත් පුවත්පත් නිවේදනයක් ලංකා සෝයි ක්ලයන්ට් ටානියා අතට දුන්නේ පුවත්පත්වල පල කිරීම සදහා ය.

එය පත්තරේ පල විය.

design11

හැබැයි පුවත්පත් නිවේදනයක් වශයෙන් නොවේ.

පිටු කාලක ඇඩ් එකක් වශයෙනි.

ඇඩ් එකක හා පුවත්පත් නිවේදනයක් අතර ඇති වෙනස ටානියා ඉගෙනගත්තේ එදායින් පසුවය.

කෙසේ වෙතත් ලංකා සෝයි ක්ලයන්ට් හොඳ මනුස්සයෙකි.

ප්‍රෙස් රිලීස් එක වෙනුවට ටානියා පළ කළ පිටු කාලේ ඇඩ් එකට ඔහු මුදල් ගෙව්වේ ය.

ඒ කාලේ හැමදාම සඳුදා හවස 5 ට ක්ලයන්ට් සර්විසිං මීටිමක් තිබේ.

මේ මීටිමට කලින් දවස වූ ඉරිදා හවස පැයක් විතර ටානියා ප්‍රේ කරයි.

ඇය දෙවියන් ගෙන් ඉල්ලා සිටින්නේ එක දෙයකි.

එනම් සඳුදා මීටිමේදී අර්වින් ගෙන් බැනුම් නොඅසා බේරාදෙන ලෙසයි.

අවාසනාවක මහත!

ජන කවියා "මගේ හේනමයි ඌරට පෙනෙන්නේ " කීවා සේ හැමදාම මේ මීටිමේදි ටානියාව මොනවා හෝ කේස් එකකට මාට්ටු වෙයි.

ඇයගේ ඒකාබද්ධ ගිණුමට බැනුමක් වැටෙන්නේ නැත්තේ පසළොස්වක පෝය සඳුදාට යෙදී තිබුනොත් පමණි.

tanys

" ඔයාගේ දෙයියෝ ඔයත් එක්ක නෙවෙයි ඉන්නේ ... ඒකයි කොච්චර ප්‍රේ කළත් හැමදාම බැනුම් අහන්නෙ ..."

දිලීප කොච්චරවත් ටානියා ට කියයි.

එහෙත් ටානියා තම දෙවියන් අත හැරියේ නැත.

ඒ වෙනුවට ඇය රැකියාව අත හැරියාය.


ඒ කාලේ ක්ලයන්ට් සර්විසිං එකේ හිටියේ ටානියාලා එක් කෙනෙක් හෝ දෙන්නෙකි.

එහෙත් අද වනවිට ඒජන්සි ඇතුලේ ටානියාලා වැහි වැහැලා ය.


(ඇඩ්ඩා විසින් ලියන ලදි)


''ඇඩ්වර්ටයිසිං ලෝකය'' සම්පුර්ණ ලිපි පෙළ මෙතනින්


JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...