BREAKING
Top Ad
ඇඩ්වර්ටයිසිං ලෝකය

ඇඩ්වර්ටයිසිං ලෝකය (3) : රොබට් vs රොබට්

T

The Leader

April 27, 2023 • 11:29 PM

ඇඩ්වර්ටයිසිං ලෝකය (3) : රොබට් vs රොබට්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ටෝනි රොබට්ස් ‍යනු ඉංග්‍රීසි පිටපත් රචකයායි.
  • ටෝනි රොබට්ස්, රොබට් බාස්ට බනින්නේ බල්ලා, බූරුවා, හරකා ආදී සත්තු වත්තේ ඇති නැති සියලු සිව්පාවුන්ගේ නම් ඈඳා ගනිමිනි.
  • ඒ ශබ්දය නිසා තමන්ට හරියට කොපි චෙක් කරන්න බැරි බව පවසා ටෝනි වීසි කරන ආර්ට් වර්ක් පාවි යන්නේ ‍රොකට් මෙනි.
  • " යර්ස් ස්පීකිං..." කියා මෙහා පැත්තේ සිට උත්තර බැන්දේ ටෝනි රොබට්ස් ය.
අකුරු ප්‍රමාණය (Font Size):



රොබට් බාස් යනු නිකම්ම නිකං බාස් කෙනෙකි.

රොබට් බාස් මිටියක් ගෙන ඇණයකට ගසන්නේ පුදුමාකාර බයකිනි.

ඔහු ඇණයට ගසන්නේ ද ඇණයට රිදේවිදැයි යන ආකාරයටය.

රොබට් බාස් බයෙන් ඇණයට තලන්නේ ටෝනි රොබට්ස් නිසාය.

මිටියෙන් ඇණයට තලන ශබ්දය මඳක් හෝ උස්ව ඇසුණොත් ටෝනි රොබට්ස් කෑගසයි.

hitting nail into wooden beam 86079876 5c411789c9e77c0001854581

ටෝනි රොබට්ස්, රොබට් බාස්ට බනින්නේ බල්ලා, බූරුවා, හරකා ආදී සත්තු වත්තේ ඇති නැති සියලු සිව්පාවුන්ගේ නම් ඈඳා ගනිමිනි.

ඒ ශබ්දය නිසා තමන්ට හරියට කොපි චෙක් කරන්න බැරි බව පවසා ටෝනි වීසි කරන ආර්ට් වර්ක් පාවි යන්නේ ‍රොකට් මෙනි.

ටෝනි රොබට්ස් ගේත්, රොබට් බාස් ගේත් මේ ආරවුලට හේතුව කවුරුවත් දන්නේ නැත.

ඒ වගත් මෙසේය.

දිනක් දුරකථන ඇමතුමක් පැමිණියේය.

" මිස්ටර් ‍රොබට් ප්ලීස් ..." යනුවෙන් එහා කෙළවරින් තොදොල් වොයිස් එකක් ගලා ආවේය.

" යර්ස් ස්පීකිං..." කියා මෙහා පැත්තේ සිට උත්තර බැන්දේ ටෝනි රොබට්ස් ය.

ඇමතුමින් කියවුණේ මිස්ටර් ‍රොබට්ස්ට පසුවදා සවස 4.00 ට මයින්ඩ්ස් ආයතනයට පැමිණ කන්දප්පා මහතාව හමුවන ලෙසටයි.

පසුවදාට උදා විය.

Get Ready 091318 800x450

දවල් 11 හේ සිට ටෝනි රොබට්ස් ලක ලැහැස්ති වේ.

කොණ්ඩය පීරයි.

ටයි පටිය තද කරයි.

බෙල්ට් එක සකස් කරයි.

ඊට අමතරව හමුවන සැමට හවස 4.00 කන්දප්පා මහතා තමාට පැමිණෙන ලෙස දැන්වූ පුවත සැල කරයි.

4.00 වැඩේට 3.15 ට විතර ටෝනි රොබට්ස් පිටත් විය.

එහෙත් 4.00 කලින් ඔහු ආපසු කාර්යාලයට පැමිණියේය.

ඇයි දැයි විමසූ විට " දැට් බාස්ටර්ඩ්...." යනුවෙන් රොබට් බාස්ට ලව දෙවක් නැතුව බනින්නට විය.

පසුව සොයා බැලූවිට හෙළි වූයේ කන්දප්පා මහතා එන්න කියා තිබුනේ ටෝනි රොබට්ස්ට නොව රොබට් බාස්ට බවයි.

එදා සිට ටෝනි රොබට්ස් මියයනතුරුම ඔහුට රොබට් බාස් පෙන්නන්න බැරි විය.

(ඇඩ්ඩා විසින් ලියන ලදි)


ඇඩ්වර්ටයිසිං ලෝකය වෙනත් ලිපි :

ඇඩ්වර්ටයිසිං ලෝකය (2) : ලබු ගුණේ

ඇඩ්වර්ටයිසිං ලෝකය (1) : කන්දප්පාට කුණුහරුප වරුසාවක්!


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...