BREAKING
Top Ad
ඇඩ්වර්ටයිසිං ලෝකය

ඇඩ්වර්ටයිසිං ලෝකය (31) : නූලා

T

The Leader

June 5, 2023 • 12:06 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය (31) : නූලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නූලා නූලක් මෙන් හීනිය.
  • මෙහෙම කේස් කිහිපයක්ම නූලාට කැම්පස් එක තුල සිදුවී ඇත.
  • දිනක් ධම්මිකා සමග ස්ටුඩියෝ එකේ ශාන්ත බත් පැකට් 2 ක් ගැනීමට සමූපකාර කඩේට ආවෝය.
  • අප කළේ ඔවුන් මිලදී ගත් බත් පැකට් 2 එක බෑගයක දමා එය ශාන්ත අතට දීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):

දිගය.

නූලාට නූලා යන කාඩ් එක වැදුනේ කැම්පස් එකේදී ය.

නූලා ඇඩ්වර්ටයිසිං ලෝකයට එකතු වෙන්නේ කැම්පස් එකෙන් ලැබුනු කාඩ් එකත් සමගය.

නූලා ආර්ට් ඩිරෙක්ටර් කෙනෙක් වුණාත් තමන් කරන වැඩේ මාර්කට් කරගන්න අති දක්ෂයෙකි.

නූලාගේ කැම්පස් එකෙන්ම පැමිණි ඩික්කා සහ තීක්ෂණට වඩා නූලා ඉදිරියට ගියේ එබැවිනි.

ඒ කොහොම වුණාත් නූලා ට නූලාව නම් මාර්කට් කරගැනීම එතරම් ලේසි වූයේ නැත.

ඒ වගත් මෙසේය.

නූලාගේ බැචාලා කියන පරිදි නූලා දුක්ගන්නාරාළ කෙනෙකි.

කැම්පස් එකේ කෙල්ලෙකුට කොල්ලා බූට් එක තිබ්බාම කෙල්ල සොයා එන්නේ නූලාව ය.

ඇය නූලාට දුක කියන්නීය.

නූලා දුක අහන්නේය.

නූලා ඉන්පසු දිගටම ඉන්නේ මේ කෙල්ල සමග කෙල්ලව සනසවමිනි.

නූලා හිතන් ඉන්නේ කෙල්ල නූලාට සෙට් වෙයි කියාය.

ඒත් එහෙම වෙන්නෙ නැත.

how to comfort a girl crying sad

ඒ කෙල්ලට වෙන කොල්ලෙක් සෙට් වුණා ගමන් ඇය නූලාව හලා මාරු වෙන්නීය.

මෙහෙම කේස් කිහිපයක්ම නූලාට කැම්පස් එක තුල සිදුවී ඇත.

මේ නිසාම නූලා කැම්පස් එකෙන් එලියට ආවේ හිස් අතිනි.

නූලා ඇඩ්වර්ටයිසිං ලෝකයට ආවේද කෙල්ලෙක් නැතුව ය.

නුලා ෆීනික්ස් එකට පැමිණ ආර්ට් ඩිරෙක්ටර්වරයකු වශයෙන් සේවය කරන අතරතුරේ කෑල්ලක් සෙට් කරගැනීම ස්වයං ව්‍යාපෘතියක් වශයෙන් දියත් කළේය.

එහෙත් ඔහුගේ ඒ සියලු ප්‍රයත්නයන් අසාර්ථක වූයේ කාගෙන්වත් නූලාට සත පහකවත් උදව්වක් නොලැබීම නිසාය.

උදව් කරනු වෙනුවට නූලා ගේ මාරපුත්තර යාලුවන් කළේ නූලාව තවත් බයිට් කිරීමය.

නූලා ෆීනික්ස් එකේදී බහුකාර්ය ව්‍යාපෘතියක් දියත් කළේය.

එනම් ස්ටුඩියෝ එකේ හා ක්‍රියේටිව් ඩිපාර්ට්මන්ට් එකේ දෙදෙනෙකුට එකවර ට්‍රයි කිරීම යි.

 ස්ටුඩියෝ එකේ හිටියේ ධම්මිකා ය.

 ක්‍රියේටිව් එකේ හිටියේ නාලිකා ය.

sfsdfsd

 නූලා නාලිකාට හොරෙන් ධම්මිකාටත්, ධම්මිකාට හොරෙන් නාලිකාටත් ට්‍රයි කරගෙන ගියේය.

මේ දෙදෙනාම නූලාට කැමති නැත.

දෙදෙනාටම කසාද බඳින්න දෙදෙනෙකුත් සිටී.

ඒ එකක්වත් නූලාට අදාළ නැත.

එබැවින් නූලාව ඇන්නවීම යුතුකමක් වශයෙන් අපි කරගෙන ගියෙමු.

ෆීනික්ස් එක ඉස්සරහ සමූපකාර කඩේ දවල්ට බත් පැකට් විකිණීමට තිබේ.

දිනක් ධම්මිකා සමග ස්ටුඩියෝ එකේ ශාන්ත බත් පැකට් 2 ක් ගැනීමට සමූපකාර කඩේට ආවෝය.

අප කළේ ඔවුන් මිලදී ගත් බත් පැකට් 2 එක බෑගයක දමා එය ශාන්ත අතට දීමයි.

දෙදෙනා ඔෆිස් එකට යන අතරේ නූලාට කෝල් එකක් දී රිසෙප්ෂන් එකට එන ලෙස දැනුම් දීමට තරම් අපි කාරුණික වීමු.

ධම්මිකා හා ශාන්ත ඇතුළු වනවිටම නූලාත් රිසෙප්ෂන් එකට ආවේය.

නූලා දුටු දර්ශනයෙන් ඔහුව වටයක් කරකැවී ගිහින් තව පාරක් එක තැනම කරකැවුණේය.

නූලා හිතුවේ මේ දෙන්නා සෙට් වෙලා කියාය.

එදා සිට නූලා ශාන්ත ගේ මූණ බැලුවේ නැත.



මේ අතරේ නත්තල් කාලේ උදා විය.

 සීක්‍රට් සැන්ටා තොවිලය ඊට සමගාමීව පැවැත්වීමට කටයුතු සූදානම් කෙරිණි.

මෙහිදී සිදුවන්නේ තමන්ට ලැබෙන චිට් එකේ නමට අදාළ සගයාට ත්‍යාගයක් පිරිනැමීමයි.

 

family christmas gift exchange ideas bkco1vf2

අපි සෙට් වී නූලාට ලනුවක් දුන්නෙමු.

ධම්මිකාගේ නම අඩංගු චිට් එක ලැබී ඇත්තේ මට බව ඔහුට ආරංචිවීමට සැලැස්වීමු.

ධම්මිකාගේ නම කොලයක ටයිප් කරගෙන එයද නූලාට පෙන්වීමු.

දැන් කිසි සැකයක් නැත.

එතැන් සිට නූලා මගේ වටේය.

නූලාගේ චිට් එක මට දී මගේ චිට් එක ඔහුට ලබාදෙන ලෙසට කළ ඉල්ලීම්, ආයාචනා , බැගෑපත්වීම් දිගින් දිගටම ඉදිරිපත් විය.

මම සැලසුමේ පරිදි ගණං ඉස්සුවෙමි.

අවසානයේ මගේ චිට් එක රුපියල් 3000/- කට අලෙවි කරන බව දැන්වූයේ එම සල්ලිවලින් අප කණ්ඩායම බේක් හවුස් පැත්තේ යාමටය.

අපට රුපියල් 3000 සම්තිං වුවත් නූලාට එය  නතිංය.

පසුව ඇඩ්මින් එකේ අමරසිංහ ගේ ඉල්ලීමට චිට් එක අලෙවි කිරීම අත් හැරියෙමු.

මන්ද යත් නුලා ඒ වනවිට හිටියේ කැරට් 22 රන් මාලයක් වුවත් තෑගි දෙන සයිස් එකකය.

 

මේ අතරතුරේ අපට නෙස්ලේ වැඩකට කොළඹින් පිට යෑමට සිදුවිය.

අපේ නවාතැන වූයේ කොස්ගොඩ බීච් හෝටලයයි.

මේ පිරිසට නූලා , නාලිකා, උපාලි හේරත් , කපිල කුමාර කාලිංග, ස්වන්ත, ශිරානි සෝන්ඩර්ස්, රජීව් වීරසිංහ ඇතුළු කණ්ඩායමක් ඇතුළත් වූහ.

බලපිටියේ සිට පැමිණ බෝධි ද මේකට ප්ලග් වුයේය.

කතන්දරේ තිබුනේ එවකට සේල්ස් වැටී තිබූ නෙස්ප්‍රේ කිරිපිටි ගොඩගැනීම සදහා ය.

 සාකච්ඡා පැවැතියේ කණ්ඩායම් කිහිපයකට බෙදාගෙන ය.

නූලා හිටි කණ්ඩායමේ නාලිකා හිටියේ නැත.

 එබැවින් නූලා ෆුල් ට්‍රයි කළේ නෙස්ප්‍රේ ගොඩගැනීමට නොව තමන් ගොඩයෑම පිණිස නාලිකා ඉන්න ගෲප් එකට පැනගැනීමටය.

එහෙත් අර්වින් ලොක්කා ඊට ඉඩ දුන්නේ නැත.

ඔහු එසේ කළේ කිසිවක් දැනගෙන නොවේ.

ඔහු මේ කේස් එක ගැන තාම දන්නේ නැත.

" මොකද බං මූ නාලිකා ඉන්න ගෲප් එකටම පනින්න හදන්නේ ...?"

ස්වන්ත ඇසුවේය.

ස්වන්තට කාරණාව පැහැදිලි කර දී නාලිකා ළඟටම වී ඉන්නා ලෙස ඌට උපදෙස් ලබාදුන්නෙමි.

අපරාදේ කියන්න බැරිය.

එවැනි උපදෙස් නම් ස්වන්ත අකුරට පිළිපදින්නෙකි.

පළමු දින අවසානයේ ස්විමිං පූල් එකට බැසීමට අපි කතිකා කරගත්තෙමු.

නූලාටත් ඒ සදහා ආරාධනා කළෙමු.

" මට බෑ... හවසට මට පීනසේ..."

අප සියලු දෙනා සමගම තරහෙන් සිටි නූලා කිව්වේය.

353117564

හවස 5 ට විතර අපි පූල් එකට බැස්සෙමු.

කපිල කුමාර කාලිංගටත් , මටත් පීනන්න බැරි ය.

එබැවින් අපි දෙදෙනා බේබි පූල් එකේ  බැම්මට හේත්තු වී කකුල් දිග ඇරගෙන සිටියෙමු.

එවිට ඈතට පෙනෙන්නේ අප දෙදෙනා කරවටක් දියේ ගිලී සිටින්නා සේය.

කොස්ගොඩ බීච් එකේ ස්විමිං පූල් එක පිහිටා ඇත්තේ බෑවුම් පෙදෙසකට මුහුණලා ය.

බෑවුම පටන් ගන්නා කණ්ඩිය සෑහෙන උසය.

ලොකු පූල් එකේ පීනන්න පුළුවන් සියලු දෙනාම සිටිති.

ඔය අතරේ ඈත සිට නූලා එනු පෙනිණ.

නාලිකා ළඟට වී පීනපන් යැයි මම ස්වන්තට කිව්වෙමි.

කණ්ඩිය උඩට පැමිණි නූලා මේක දැක්කේය.

ඌ කණ්ඩිය මුදුනේ සිට ස්වන්ත හා නාලිකා අතරට පැන්නේය.

ජුලියන් බෝලිංවත් එහෙම පැනිල්ලක් පැන නැත.

ඊට පසු නූලා දියකාවකු මෙන් නාලිකා වටේ පීනන්නට විය.

බේබි පූල් එකේ සිටි කපිල කුමාරත් මාත් සිත් සේ මේ ආතල් විඳගත්තෙමු.

කපිලත් මාත් කොළඹ ආවේ මේ සිද්ධිය අළලා සිංදුවකුත් හදාගෙනය.

එහි මුල් පද මෙසේය.

" පූල් එකේ අපි

  නාන වෙලාවේ...

  කූල් එකේ අපි

  සිටින වෙලාවේ....

  පැන්නා මේම නූලා ...

  පැන්නා මේම නූලා ...."

  මේ සිදුවීම වී බොහෝ කලකට පසු මම නූලාව දුටුවෙමි.

ඒ, ඔහු අතගත් යුවතිගේ අතගෙන නුවර මාලිගාව ඉදිරියෙන් පාර පනිද්දීය.


(ඇඩ්ඩා විසින් ලියන ලදි)


''ඇඩ්වර්ටයිසිං ලෝකය'' සම්පුර්ණ ලිපි පෙළ මෙතනින්


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...