BREAKING
Top Ad
ඇඩ්වර්ටයිසිං ලෝකය

ඇඩ්වර්ටයිසිං ලෝකය (34) : සරත් පෙරේරා

T

The Leader

June 8, 2023 • 11:35 PM

ඇඩ්වර්ටයිසිං ලෝකය (34) : සරත් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇඩ්වර්ටයිසිං ලෝකයේ දී අපට බොහෝ විට බාහිර පුද්ගලයන් සමග කටයුතු කරන්නට සිදුවේ.
  • සරත් ෆොටෝක්‍රෝම් එකට වඩා වැඩි කාලයක් ඉන්නට ඇත්තේ ෆීනික්ස් එකේය.
  • ඔහු අර්වින් සමග වැඩ කරන්න පටන් ගන්නේ 1973-74 තරම් ඈත සිටය.
  • " මේ පොඩි එකාගේ දැඟලිල්ල නම් වැඩියි" සරත් කිවේ අනාවැකියක් බව පසක් වූයේ පසුදින පුවත්පත් බලද්දී ය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

එසේ සම්බන්ධ වන ඇතැම් අය ජොබ් එක අවසානයත් සමගම අමතක වී යයි.

එයින් සමහරුන් වසර ගණනක් ගෙවී ගියද මතකයෙන් ඈත්ව නොයයි.

සරත් පෙරේරා එවැනි මනුස්සයෙකි.

සරත් මුලින්ම හිටියේ ෆොටෝක්‍රෝම් එකේය.

ඔහු ලාල් හෑගොඩගේ ගේ ගෝලයාය.
 
ෆීනික්ස් එක සමග වැඩිම කාලයක් වැඩ කළ ජායාරූප ශිල්පීයා ඔහුය.
සරත් ෆොටෝක්‍රෝම් එකට වඩා වැඩි කාලයක් ඉන්නට ඇත්තේ ෆීනික්ස් එකේය.

ඔහු අර්වින් සමග වැඩ කරන්න පටන් ගන්නේ 1973-74 තරම් ඈත සිටය.

සරත්, අර්වින් සමග උඩින්, මඩින්, ගොඩින් ජායාරූප ගැනීමට ගොස් තිබේ.

මේ දෙදෙනා ලංකාවේ නොගිය තැනක් නැති තරම් ය.
 
සම්පත් බැංකු කොටස් නිකුතුවේ සිට ශාඛා ආරම්භ කිරීම දක්වා ප්‍රචාරක ව්‍යාපෘති රැසක නිත්‍ය ජායාරූප ශිල්පියා වූයේ සරත් ය.
PHOTO 2023 06 09 10 08 30
 
සෙලින්කෝ කොන්සොලිඩේටඩ් වෙතින් කළ ඉඩම් වෙන්දේසියක් විය.

ඉඩම තිබුනේ බොල්ගොඩ ගඟ ඉදිරියේ ය.

නමුත් අප ජායාරූප ගැනීම ආරම්භ කළේ බෙන්තර ගඟ දිගේ ගොසිනි.

එදින බෙන්තර ගඟේ පොඩි කොලු පැටියෙක් දිය ක්‍රීඩා කරමින් සිටියේය.

" මේ පොඩි එකාගේ දැඟලිල්ල නම් වැඩියි"

සරත් කිවේ අනාවැකියක් බව පසක් වූයේ පසුදින පුවත්පත් බලද්දී ය.

අර පොඩි කොලුවා ක්‍රීඩා කිරීමේදී හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබිණ.

එසේ ජීවිතයෙන් සමුගෙන තිබුනේ ලංකාවේ සුප්‍රකට බල්බ් ආයතනයක හිමිකරු ගේ පුත්‍රයා ය.

සරත් අනතුර දුටුවේ එය සිදුවන්නට හෝරා කිහිපයයකට පෙරාතුවය.

PHOTO 2023 06 09 10 08 34

බොල්ගොඩ ජායාරූප ගත්තේ ඉඩම් කට්ටි කළ පසුවය.

එය සිදු කළේ ඔරුවකින් ගඟ මැදට ගොසිනි.

පීනන්න නොදත් මම කුඩා ඔරුවේ ඉතා අසීරුවෙන් සරත්ගේ කැමරා ආම්පන්න අල්ලාගෙන සිටියෙමි.
 
මගේ ඇඟේ වතුර වූ ලේ ආපසු ලේ බවට පත්වූයේ ගොඩබිමට පය තැබූ පසුය.
PHOTO 2023 06 09 10 08 33 1
 
වරක් සරත් හා අර්වින් සමග මාතර ගියේ තවත් කැම්පේන් එකකටය.

අර්වින්, සරතුත් කැටුව මුලින්ම ගියේ මාතර තාරකා කොටුවට යි.

මාතර තාරකා කොටුව හා එය සෑදූ ඔරුකෙම මුහන්දිරම් පිළිබද තොරතුරු ජායාරූපගහ කෙරිණි.

කැම්පේන් එක පටන් ගත්තේ එයිනි.

PHOTO 2023 06 09 10 08 32 1

සරත් බියර් බොන්නේ ස්ප්‍රයිට් ටිකක් එකතු කරගෙනය.

බියර්වල අමි රහ එයින් මැකී යයි.

සරත් සමග බොහෝ දුර බැහැර ප්‍රදේශවලට මට යෑමට අවස්ථාව ලැබිණි.
 
සරත් සමග ෆීනික්ස් එකේ වැඩවලට ගියද කා බී බිල ගෙවන්න සරත් ගෙන් ඉඩක් ලැබෙන්නේ කලාතුරකිනි.

ඒ ඔහු සියල්ලට පළමුව බිල ගෙවන නිසාය.

ඔහු බිල ගෙවූ බව ආරංචි වූ විට අර්වින් බනින්නේ අපටය.

" ඒ මනුස්සයාට බිල ගෙවන්න දෙන්න එපා..."

ඔහු එසේ පවසයි.

PHOTO 2023 06 09 10 08 32

ඒ කාලේ 'ගෙදර' නමින් නුවර පාරේ කඩයප්පන් කඩයක් පිහිටා තිබිණ.

සරත්, හේමන්ත හා මාත් උදේට ඉඳි ආප්ප කෑවෙමු.

සරත්ට පෙර බිලද ගෙවා දැමීමි.
 
PHOTO 2023 06 09 10 08 33

පසුදා කාර්යාලයට පැමිණ එකවුන්ට්ස් එකේ ලොක්කා වූ ජෙයරාජ් ට සියලු බිල්පත් හා ඉතිරි මුදල් දුන්නෙමි.

එතැන 'ගෙදර' නම් කඩෙන් කෑම කෑ බිලත් විය.

ටික වේලාවකින් ජෙයරාජ් බිල් ටිකත් රැගෙන මා සොයා ආවේය.

" අයිෂෙ තමුසෙලා 'ගෙදරින්' කාලා බිලුත් දානවද...? "

ජෙයරාජ් ගේ ප්‍රශ්නවලට උත්තර බඳිනවාට වඩා අර්වින් ගෙන් බැනුම් ඇසීම පහසු බැවින් ඉන්පසු මම දිගටම සරත්ටම බිල් ගෙවන්න ඉඩ හැරියෙමි.

PHOTO 2023 06 09 10 08 35

වරක් රමණී බර්තොලමියුස් මොඩ්ල් ලෙස යොදාගත් ෆොටෝ ෂූට් එකක් එවරෙඩි බැටරි සදහා කෙරිණි.

ඒ දැන්වීමක් වෙනුවෙන් කළ රමණී ගේ පළමු ෆොටෝ ෂූට් එකයි.

රමණී අසල වූ පොකුණ ළග වාඩි වී පොකුණට මල් දමයි.

වැඩේ පහසු වනු පිණිස අර්වින් ද මල් රැගෙන ඇවිත් තැබුවේය.

එකෙණෙහිම සරත් පැපරාසි වැඩක් කළේය.

සරත්ගේ කැමරාව ක්‍රියාත්මක විය.

ජායාරූපය මුද්‍රණය කෙරුණි.
 
සරත් පිංතූරය අරගෙන තිබුනේ අර්වින් ‍රමණි බර්තොලමියුස්ට මල් පූජා කරන ලෙසිනි.
PHOTO 2023 06 09 10 08 35 1
 
මේ සියල්ලම දැන් අතීතයට අයත් මිහිරි මතකයන්‍ ය.

සරත් පෙරේරා හා ෆීනික්ස් දීගය බිඳ වැටෙන්නේ රොසන් ගේ පැමිණීමත් සමගය.

රොසන් ගිහින් එල්ලුනේ ඩීන්ගේ ඩිජිටල් කැමරාවේය.

වර්තමානයේ සිටින බාග ආර්ට් ඩිරෙක්ටර්ස්ලා තම අඩුව වහගන්නේ ඩිජිටල් කැමරාවේ පිහිටෙනි.

ඔවුන් ඒ සදහා අලවන ලේබලය " අප් ඩේටඩ් නෑ" යන්නයි.

ඔවුන් සරත්ට කළේ ද ඒකමය.
 
srath s
 
 
එහෙත් මේ රටේ ඇඩ්වර්ටයිසිං කලාව ඔප් නංවන්නට සරත් පෙරේරලා කැමරාවෙන් කළ මෙහෙය ඉතිහාසයයේ වෙනම පිටුවක සටහන් විය යුතුය.
PHOTO 2023 06 09 10 08 32 2
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...