කුඩා කාලයේ අප රචනාව පටන් ගන්නේ එලෙසිනි.
එහෙත් පොල් ගස වනාහි ඇඩ්වර්ටයිසිංවලට අයත් ගසක් බව බොහෝ දෙනා දන්නේ නැත.
කතාව බොහෝ දුර අතීතයට දිව යන්නකි.
මේ කතාව උපදින්නේ එකල ප්‍රකටව තිබූ First & Forward ප්‍රචාරක ආයතනයෙනි.
මේ කතාවේ ප්‍රධාන නළුවන් දෙදෙනෙකි.
දී.ග. සෝමපාල හා බෝධි එම නළුවන් දෙපළයි.
බෝධි ගැන සුළු හැඳිවීමක් කළහොත් අපට එක් වතාවක් පමණක් සෑදෙන පැපොල, කම්මුල් ගාය වැනි රෝග ඔහුට දහ දොළොස් වතාවකට වඩා වැළදී ඇත.
ඔහුගේ ආච්චිලා, සීයලා ද එකම ආත්මයක් තුල යලි යලිත් පුනරුප්පත්තිය ලබා යලි යලිත් මිය ගොස් තිබේ.
ඇඩ්වර්ටයිසිං රස්සාව කරන කාලයේ බෝධි එක් වරක් හෝ තරහා වී නැත්තේ ඔහු සමග පමණකි.
බෝධි රස්සාවට පැමිණෙන්නේ බලපිටියේ සිටය.
දිනක් ඔහු දී.ග. සෝමපාල ඉදිරියේ උදේ පාන්දරම පෙනී සිටියේ හඬා වැළපෙමිනි.
" අඬන්නේ නැතුව මොකද වුනේ කියපං..."
දී.ග. සෝමපාල කීය.
" ගෙදර වහළ උඩට පොල් ගහක් කඩං වැටුනා..."
බෝධි යලිත් හඬා වැටෙන්නට විය.
" හරි... අපි මෙහේ වැඩ ටික බලාගන්නම්... උඹ ගෙදර පළයං..."
දී.ග. එලෙස පවසා බෝධිව පිටත් කරන හැරීය.
" පව් අහිංසකයා..!"
එසේ පැවසූ දී.ග. සෝමපාල කලෙක්ෂන් පාරක්ද දැම්මෙය.
එකතුවූ ගණන අද කාලේ හැටියට නම් ස්වෛරී බැඳුම්කරයක් ගැනීමට ප්‍රමාණවත් ය.
එම සති අන්තයේ දී.ග. සෝමපාල ට ගාල්ලේ ෂූටිං එකක් තිබුණි.
සැලැස්ම වූයේ ගාල්ලේ ෂූටිං අවසන් කර එන අතරවාරයේ බලපිටියට ගොස් අර එකතු වූ මුදල බෝධි අත තැබීමය.
බෝධි මේ හාංකවිසියක්වත් දන්නේ නැත.
ෂූටිං අවසන් කළ දී.ග. සෝමපාල බලපිටියේ බෝධිගේ නිවසට පැමිණෙන විට ඉර මාදු ගඟේ ගිලෙමින් පැවතින.
වාහනය බෝධිගේ ගෙමිදුලට සේන්දු විය.
බෝධි හාන්සි පුටුවේ දිගෑදී සැතැපී සිටී.
වත්ත හතර මායිමේ පොල් තියා කුන්දිරා ගසක්වත් නැත.
" බලු වැඩ කරන්න එපා යකෝ...! "
අත දිග හැර බෝධිය වන්දනා කළ දී.ග. සෝමපාල කොළඹ බලා පිටත් විය.
( බලපිටියේ සිදුවූ මේ පොල් ගහේ කතාව ඇඩ්ඩාට වාර්තා වූයේ කොහුවල හන්දියේදී ය.)
(ඇඩ්ඩා විසින් ලියන ලදි)
ඇඩ්වර්ටයිසිං ලෝකය මිට පෙර පළවූ ලිපි :
ඇඩ්වර්ටයිසිං ලෝකය (3) : රොබට් vs රොබට්
ඇඩ්වර්ටයිසිං ලෝකය (2) : ලබු ගුණේ
ඇඩ්වර්ටයිසිං ලෝකය (1) : කන්දප්පාට කුණුහරුප වරුසාවක්!
ඇඩ්වර්ටයිසිං ලෝකය (4) : පොල් ගහේ කතාව
T
The Leader
April 28, 2023 • 11:57 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- පොල් ගහ වනාහි තාල වර්ගයට අයත් ගසකි.
- එහෙත් පොල් ගස වනාහි ඇඩ්වර්ටයිසිංවලට අයත් ගසක් බව බොහෝ දෙනා දන්නේ නැත.
- බෝධි ගැන සුළු හැඳිවීමක් කළහොත් අපට එක් වතාවක් පමණක් සෑදෙන පැපොල, කම්මුල් ගාය වැනි රෝග ඔහුට දහ දොළොස් වතාවකට වඩා වැළදී ඇත.
- එලෙස පවසා බෝධිව පිටත් කරන හැරීය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



