BREAKING
Top Ad
ඇඩ්වර්ටයිසිං ලෝකය

ඇඩ්වර්ටයිසිං ලෝකය (40) : ඇඩ්‍රස් නෑ... !

T

The Leader

June 16, 2023 • 12:25 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය (40) : ඇඩ්‍රස් නෑ... !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙය වූ කලි ජැක්සන් ගේ 'ඇඩ්‍රස් නෑ ' චිත්‍රපටියේ කතාව නොවේ.
  • මේක චරිත 3 ක් සම්බන්ධ කතාවකි.
  • රොසන් උදේම ලල්ලා ට කතා කළේය.
  • සෙනසුරාදා අනිවාර්යයෙන්ම වැඩට ආයුතු බවත්, වැඩේ පත්තු වෙන්නෙ සිකුරාදා රෑට බවත් ඔහු ලල්ලා ට දැන්වූයේ ය..
අකුරු ප්‍රමාණය (Font Size):

 

ජැක්සන් ෆීල්ඩ් එකට එන්නත් පෙර ග්‍රාන්ට්ස් එකේ සිදු වූ කතාවකි.

මේක චරිත 3 ක් සම්බන්ධ කතාවකි.

මෙ කතාවේ රොසන් කෲස්, ලලිත් පිටුවල හා මෙල්වින් ඇන්ටන් වනිගසේකර ප්‍රධාන චරිත රඟපාති.

හැබැයි ප්‍රධාන නළුවා විය යුත්තේ රොසන් ද නැතිනම් ලල්ලා ද කියා හිතාගන්න ටිකක් අමාරුය.

ඒ කාලයේ ස්ටුඩියෝ මැනේජර් රොසන් ය.

රොසන්

ස්ටුඩියෝ මැනේජර් වෙන එක ලේසි පාසු පුතෙකුට කරන්න බැරිය.

මොකද ස්ටුඩියෝ එකේ ඉන්නේ වෙනම ඇම්ඩන්ලා සෙට් එකකි.

ග්‍රාන්ට්ස් ස්ටුඩියෝ එකේ හිටියේ ඇම්ඩන්ලාගේත් ඇම්ඩන්ලා ටිකකි.

ග්‍රාන්ට්ස් එකේ ඒ දවස්වල ස්ටුඩියෝ එකට OT ගෙව්වේ අමුතු විදියකට ය.

සෙනසුරාදාට නිකං OT ය.

ඉරිදාට ඩබල් OT ය.

istock overtime regulations 970x550

ඉතින් ඉරිදාට වැඩට එන්න කවුරුත් කැමතිය.

ක්‍රියේටිව් එකේ කට්ටිය නම් ඔය දවස් දෙකෙන් එකකටවත් එන්න අකමැති උන්ට OT නැති නිසාය.

 

OT නොව ඩබල් OT දුනත් සමහරු වැඩට ගෙන්වා ගත්නේ බල්ලන් නාවන්න ගෙනියනවා වගේය.

ලල්ලාව සෙනසුරාදා ගෙන්වා ගන්නවාට වඩා ඉබ්බන් ගෙන් පිහාටු ඉල්ලීම ලේසිය.

එක් සෙනසුරාදාවක වැඩක් යෙදී තිබුණි.

එහෙත් ක්ලයන්ට් ගෙන් හරියටම වැඩේ වෙනවාද කියා වචනයක් ලැබුනේ නැත.

ඔහු ගෙන් වචනයක් එන්නේ සිකුරාදා රෑට ය.

ඒ වචනය එනකොට ස්ටුඩියෝ එකේ කට්ටිය ගෙදර ගිහින් ය.

ලල්ලා

මේ වැඩේට හරියටම හරියන පුද්ගලයයා ලලිත් පිටුවල හෙවත් ලල්ලා ‍ය.

මන්ද යත් එය ස්ප්‍රේ ජොබ් එකකි.

වැඩේට සුදුසු අනෙකා මෙල්වින්‍ ය.

මෙල්වියා කිව්වොත් වඩාත් නිවැරැදි ය.

රොසන් උදේම ලල්ලා ට කතා කළේය.

සෙනසුරාදා අනිවාර්යයෙන්ම වැඩට ආයුතු බවත්, වැඩේ පත්තු වෙන්නෙ සිකුරාදා රෑට බවත් ඔහු ලල්ලා ට දැන්වූයේ ය..

" Ok රොසන් "

ලල්ලා ඔලුව වැනුවේය.

එබැවින් ගෙදර ඇඩ්‍රස් එක ලියා දෙන ලෙස රොසන් මුලින්ම කිව්වේය.

" Ok රොසන් "

ලල්ලා යලිත් ඔලුව වැනුවේය.

1 0x0 790x520 0x520 become a better driver 6968

තමන් සෙනසුරාදා උදේම වාහනයෙන් ලල්ලා ව ඔෆිස් එකට රැගෙන යාමට පැමිණෙන බව දෙවනුව කිව්වේය.

" Ok රොසන් "

ලල්ලා ඒකටත් ඔලුව වැනුවේ ය.

රොසන් ඇඩ්‍රස් එක කිහිප විටක්ම ඉල්ලා සිටියේය.

දෙතුන් පාරක්ම මතක් කළේය.

හැබැයි හවස 5 වනතුරුත් ඇඩ්‍රස් එක ලැබුනේ නැත.

දැන් රොසන්ට මල පැනගෙන එයි.

රොසන් වහාම ලල්ලා ට එන ලෙස දැන්වීය.

" කෝ පුතා ඇඩ්‍රස් එක ...? මං උදේ ඉදන්නේ ඉල්ලන්නේ ?"

රොසන් කීවේය.

Isolated man's hands passing an item. Interaction between two people

මොහොතකට පසු ලල්ලා ඔලුව කසමින් කොල කෑල්ලක් ගෙනැවිත් දුන්නේ ‍ය.

එහි නමක් තිබුනේ නැත.

නොම්මරයක් සහිත පිළියන්දල පැත්තේ ඇඩ්‍රස් එකක් පමණක් විය.

සිකුරාදා රෑ ක්ලයන්ට් කෝල් එකක් දුන්නේය.

වැඩේ පත්තු වී ඇත.

සෙනසුරාදාට වැඩය.

රොසන් සෙනසුරාදා පාන්දරම වාහනයේ නැගී පිළියන්දල බලා පිටත් විය.

මහ පාරවල්, හන්දි, මාවත්, පටුමගවල් පහුකර පැය ගානකට පසුව රොසන් අර කොල කෑල්ලේ සදහන් නොම්මරය සහිත ඇඩ්‍රස් එකට ළඟා විය.

රොසන් වාහනයෙන් බැස්සේය.

ගේට්ටුව ළගට ගොස් එබී බැලුවේය.

PHOTO 2023 06 16 10 01 50

මෙල්වියා

කවුද හාදයෙක් ෂෝටක් ගසාගෙන කාර් එක හෝදමින් සිටියි.

 රොසන් තව හොඳට බැලුවේය.

ඒ හිටියේ මෙල්වින් ය.

ලල්ලා උගේ ඇඩ්‍රස් එක වෙනුවට රොසන්ට දී තිබුනේ මෙල්වියා ගේ ඇඩ්‍රස් එකය.

PHOTO 2023 06 16 10 01 50 2

ග්‍රාන්ට්ස් ස්ටුඩියෝවේ පැරණි පරපුර

 

(ඇඩ්ඩා විසින් ලියන ලදි)

''ඇඩ්වර්ටයිසිං ලෝකය'' සම්පුර්ණ ලිපි පෙළ මෙතනින්


JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...