BREAKING
Top Ad
ඇඩ්වර්ටයිසිං ලෝකය

ඇඩ්වර්ටයිසිං ලෝකය (44) : පයිරිනෙක්ස් 400

T

The Leader

June 22, 2023 • 12:34 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය (44) : පයිරිනෙක්ස් 400

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අවුරුද්ද 1995 ය.
  • පයිරිනෙක්ස් 400 නම් වූ කෘමි නායකයක් සම්බන්ධයෙන් වූ දැන්වීමක් ලියන්න මට බාර වුණි.
  • ක්ලයන්ට් මේ ඉල්ලන්නේ ‍රඹුටන් බව සුරේන් ට තේරුණේය.
  • වාහනය නතර කළ සුරේන් රඹුටන් ගෙඩි 200 ක් ගත්තේ ‍ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ක්ලයන්ට් බවර් සහ සමාගම ය.

ඒ කාලේ අපට ලැබෙන්නේ මෙහෙම කමර්ෂල් ලියන්නට ය.

මොකද කුඹුරු, වල් නාශක, ගොවියෝ ආදිය ග්‍රාන්ට්ස් එකේ පොෂ් කට්ටිය අඳුනන්නේ නැත.

පයිරිනෙක්ස් 400 නම් වූ කෘමි නායකයක් සම්බන්ධයෙන් වූ දැන්වීමක් ලියන්න මට බාර වුණි.

ඒ කාලයේ කමර්ෂල් කරද්දී මුලින්ම කරන්නේ ලොකේෂන් පියවි ඇසින්ම දැක බලාගන්නට යෑමය.

වර්තමානයේ මෙන් වීඩියෝ කළ ලොකේෂන් බලන්න ලැබෙන්නේ නැත.

අපට අවශ්‍ය වූයේ හොදින් නිල්ල වැදුණු වෙල් යායකි.

කොළඹින් පටන් ගත් ගමන නතර වූයේ පොල්ගහවෙල ය.

779Vb1hc4TZAfkfS Cover Image
දැන් තැන හරිය.

ඊළඟට මොඩ්ල්ස්ලා සොයාගත යුතුය.

ඒ යුගයේ වල්නාශක හා කෘමිනාශක දැන්වීම්වල වැඩිපුරම හිටියේ නළු නිළියන් ය.

එහෙත් ගොවි මහතුන් වැඩිපුරම විශ්වාස කරන්න කැමති වූයේ තමන්ට වඩා වැඩිහිටි ගොවියෙක් කියන දේ ය.

මේ අනුව පොල්ගහවෙලින්ම වැඩිහිටි ගොවි මහතකු හා තරුණ ගොවි මහතකු සොයා ගන්නා ලදි.

ෂූටිං සදහා දිනයක් වෙල් යායේ සිටම යොදා ගැණිනි.

මේ කමර්ෂල් එක අධ්‍යක්ෂණය කළේ
සුරේන් ද සිල්වා ‍ය.

PHOTO 2023 06 22 11 02 11

සුරේන් ද සිල්වා

කැමරා අධ්‍යක්ෂ චන්න දේශප්‍රිය යි.

ඔන්න ෂූටිං දවස උදා විය.

අපත් සමග ක්ලයන්ට් ද පැමිණියේ ය.

DgXSnDyXkAAGVvJඒ රඹුටන් සමයයි.

නුවර පාර දිගටම රතට රතේ දිදුලන රඹුටන් ය.

දැන් ක්ලයන්ට් ගේ කතාව රඹුටන් ගැන විතරය.

ක්ලයන්ට් මේ ඉල්ලන්නේ ‍රඹුටන් බව සුරේන් ට තේරුණේය.

වාහනය නතර කළ සුරේන් රඹුටන් ගෙඩි 200 ක් ගත්තේ ‍ය.

හිත යටින් කාපිය කියාගෙන ගෙඩි 100 ක්ම ක්ලයන්ට්ට දුන්නේය.

ඉතීරි ගෙඩි 100 අපට දුන්නේය.

රඹුටන් දුන් පසු පොල්ගහවෙලට යනතුරුම ක්ලයන්ට් කට ඇරියේ නැත.

මේ සමහර ක්ලයන්ට්ලා හිතන ආකාරයයි.

ඔවුන් හිතන්නේ කොම්පැණියේ සල්ලි තමන්ගේ සල්ලි ලෙසයි.

ඒවා තමන් වෙනුවෙන් වියදම් කළ යුතුය කියායි.

අප ලොකේෂන් එකට යන විට ගොවි මහත්වරුන් දෙන්නා වේලාවටම පැමිණ සිටියහ.

එහි සිටි වයෝවෘද්ධ ගොවි මහතාගේ දෙපා දෙස බැලූවිට ඔහුගේ නිය පොතු 10 ම ගැලවී ගොස් තිබුණි.

ඒ ඇයි දැයි විමසූ විට ඔහු මෙලෙස පැවසීය.

" සෑහෙන්ඩ කාලයක් මේ මඩේ බැහැලනේ කුඹුරු කොටන්නේ... ඒකයි නියපොතු වැටිලා තියෙන්නේ ..."

එය අසා සිටි ක්ලයන්ට් හීන් සීරුවේ අපට මෙසේ කීය.

" අපි විකුණන රසායනිකවල සැරටයි මේ නියපොතු වැටිලා තියෙන්නේ ... පව්..,මේ මනුස්සයා ඒක දන්නේ නෑ..."

මේ ටික ලිව්වේ හිතන්නට ය.

දැන් රූපගත කිරීම් කරගෙන යයි.

වෘත්තීය නළුවන් නොවන නිසා වැඩේ ටිකක් ඇදෙයි.

PHOTO 2023 06 22 11 02 11 1

චන්න දේශප්‍රිය

 චන්න දේශප්‍රිය කට ඇරියේ මෙතැනදී ය.

" මොනවද අංකල් නිකං කැඳ බීලා වගේනේ...ටිකක් පණ ඇතුව ඇවිදගෙන එන්නකෝ...."

ගොවීන් යනු වැදගත් මහත්වරුන් ය.

මේ කතාවට ගොවි මහතාට තද විය.

" දැන් වෙලාව කීයද..? "

ඔහු ඇසීය.

" 12.30 යි"

අපි කීවෙමු.

" දැන් කෑවේ නැත්තං මට ගැස්ට්‍රික්"

Image 3 Farmers EDITED scaled e1616582825797
එසේ කියූ ගොවි මහතා කෑමට ගෙදර ගියේය.

අපේ ඉහ මොළ රත් වී ගොසිනි.

ලයිට් එක බැස්සොත් වැඩේ තව දවසකට ඇදෙයි.

එහෙම වුණොත් අතින් පාඩුය.

ප්‍රවාහන ගාස්තු, කෑම් බීම්, උපකරණ ගාස්තු  විතරක් නොව ආපහු ක්ලයන්ට් රඹුටන් අරන් දෙන්නත් සල්ලි ‍යයි.

ගොවි මහත්තයා දිවා ආහාර ගෙන යලි ආවේ පැය එකහාමාරකට පමණ පසුව ය.

ඒ පැය එකහාමාරෙම අපි චන්නට බැන්නේ උඹ නිසා තමයි මේක උනේ කියලා ය.

එසේම නැවත පැමිණියේ ගිය ගොවි මහතා නොවේ.

ඔහු වෙනස් වී තිබේ.

ඔහු කෙලින්ම මෙසේ ඇසුවේය.

" දැන් මහත්තයා අපට කොහොමද වෙන්නේ...?"

ඔහු මේ අසන්නේ මොඩ්ල් ෆීස් ගැනය.

කලින් ඔහු ඒ ගැන කතා කළේවත් නැත.

අන්තිමට දෙන දේවල් සියල්ලම පොරොන්දු වීමෙන් ඉක්බිතිවය ගොවි මහතා දැන්වීමේ ඉතිරි ටික රඟපාන්න පටන් ගත්තේ.

කොළඹින් ගිය මහත්තුරුන්ට එදා පොල්ගහවෙල ගොවි මහත්තයා පරිප්පු කැව්වේ මෙලෙසින් ය.

මේ මා ලියූ පළමු දැන්වීමයි.

දැන් මේ සිදුවීම වී වසර 28 ක් පමණ වේ.

වසර 28 කට පසුවත් එදා වගේම චන්නත්, මාත් එකට වැඩ කරමු.

සතුට ඒකය.


(ඇඩ්ඩා විසින් ලියන ලදි)


''ඇඩ්වර්ටයිසිං ලෝකය'' සම්පුර්ණ ලිපි පෙළ මෙතනින්

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...