BREAKING
Top Ad
ඇඩ්වර්ටයිසිං ලෝකය

ඇඩ්වර්ටයිසිං ලෝකය (45) : ඇන්දීම

T

The Leader

June 23, 2023 • 3:16 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය (45) : ඇන්දීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බොහෝ මිනිසුන් ගේ විනාසයට මුල ඇන්දීම්වලට හසුවීම යි.
  • ඇඩ්වර්ටයිසිං ලෝකය හරියට කියෙව්වා නං ඇඩ්ඩාව ලේසියෙන් අන්දන්නට අමාරු බව තේරුම් යනු ඇත.
  • මේ කියන්නේ මහ බැංකු බෝම්බයෙන් පසු කාලයක වූ සිද්ධියකි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඇඩ්වර්ටයිසිං ලෝකය යනු ඇන්දීම්වලට තෝතැන්නකි.

එය මෙසේ විස්තර කළ හැකිය.

සාමාන්‍යයෙන් චෙයාර්මන් ප්‍රධාන විධායක අධ්‍යක්ෂකව අන්දවයි.

ප්‍රධාන  විධායක අධ්‍යක්ෂක මූල්‍ය අධ්‍යක්ෂක ව අන්දයි.

මූල්‍ය අධ්‍යක්ෂක විධායක නිර්මාණ අධ්‍යක්ෂව අන්දයි.

විධායක නිර්මාණ අධ්‍යක්ෂක විසින් නිර්මාණ අධ්‍යක්ෂකලා ද, නිර්මාණ අධ්‍යක්ෂකලා විසින් කොපි රයිටර්ලා ද, කොපි රයිටර්ලා විසින් ආර්ට් ඩිරෙක්ටර්ලා ද අන්දවනු ලබයි.

trick n
මේ චක්‍රය පියන් දක්වාම පහළට ඇදීයයි.

ඊළඟට පියන් ගෙන් පටන් ගන්නා ඇන්දිල්ල නැවත ආයතනයේ ප්‍රධානීයා දක්වාම ඉහළට ඇදීයයි.

ඒක හරියට මදුරුවාගේ ජීවන චක්‍රය මෙනි.

බොස්ගේ කාමරයට වැඩිම වාර ගණනක් යන්නා බොස්ව වැඩිපුරම අන්දන්නා ය.

එසේ බොස්ලාව ඇන්දූ පිරිස් දැන් ඇඩ්ඩාව අන්දවන්න ට්‍රයි කරන්නේ " ඇඩ්වර්ටයිසිං ලෝකය ටොප්, මරු , ෂෝක් , සිරීස් එක නියමයි! පුදුම ත්‍රිල් එකක් ඒක කියවලා..." යනාදී වශයෙන් ටෙක්ස්ට් එවීමෙනි.

ඇඩ්වර්ටයිසිං ලෝකය හරියට කියෙව්වා නං ඇඩ්ඩාව ලේසියෙන් අන්දන්නට අමාරු බව තේරුම් යනු ඇත.

PHOTO 2023 06 23 13 12 34

සෙලින්කෝ ගෲප් අධිපති ලලිත් කොතලාවල

අද කියන්නේ ලොකුම ඇන්දිල්ලක් ගැනය.

මෙසේ ඇන්දුවේ එවකට ලංකාවේ සිටි ලොකුම සමාගම් ලොක්කා ‍ය.

ඔහු සෙලින්කෝ ගෲප් අධිපති ලලිත් කොතලාවල මහතායි.

මේ කතාවට දිලීප අබේසේකරත් සාක්කි ‍ය.

මේ කියන්නේ මහ බැංකු බෝම්බයෙන් පසු කාලයක වූ සිද්ධියකි.

ලලිත් කොතලාවල මහතා මේ වනවිට සිංගප්පූරුවේ කොන්සල්වරයා වශයෙන් පත්වීමක් ලැබ සිටියේය.

 

එබැවින් ඔහු නිතර සිංගප්පූරුවත් ලංකාවත් අතර සැරිසැරුවේ ය.

PHOTO 2023 06 23 13 12 33දිලීපත් මාත් ගියේ ද ෆිනෑන්ස් සමාගම වෙනුවෙන් කළ ප්‍රචාරක ව්‍යාපෘතියක් ඉදිරිපත් කරන්නටය.

මේ රැස්වීමට ද ෆිනෑන්ස් සමාගම වෙනුවෙන් ලලිත් කොතලාවල මහතාට අමතරව එහි අධ්‍යක්ෂවරුන් වූ බණ්ඩාරනායක හා සිරිමාන්න ‍යන මහත්වරු ද සහභාගි වූහ.

මුලින්ම කොතලාවල මහතා කෑම බීම ඇනැවුම් කර අපට හොඳට සංග්‍රහ කළේය.

ප්‍රසෙන්ටේෂන් එකත් ෂේප් එකේ ගියේය.

ඉන් පසු එළැඹියේ වල්පල් දොඩන අවස්ථාවයි.

ලලිත් කොතලාවල මහතා සිංගප්පූරුවේ සිට ලංකාවට පැමිණ තිබුනේ එම රැස්වීම පැවැති දිනට පෙර දිනයේය.

er21211 1

මෙදින වන විට ශෙයාර් මාර්කට් එක ඉහළ ගොස් තිබුණි.

කොතලාවල මහතා ශෙයාර් මාර්කට් එක ඉහළ යෑම ගැන විමසීය.

" ශෙයාර් මාර්කට් එක නැග්ගේ සර් ලංකාවට ආපු නිසා"

බණ්ඩාරනායකත්, සිරිමාන්නත් ගත් කටටම පැවසුවෝ ය.

දිලීප අසල සිටි මට පයින් ඇන්නේය.

මම ඉතා අපහසුවෙන් සිනාව තද කර ගතිමි.

" රියලි..!"

යැයි කියූ කොතලාවල මහතා නැවතත් කෑම ඕඩර් කළේය.


ප.ලි.
මෙවැනි ඇන්දීම්වල අවසන් ප්‍රතිඵලය කෙතරම් ඛේදවාචකයක් දැයි කොතලාවල මහතාට අත් වූ ඉරණම විසින් අපට කියා දෙයි



(ඇඩ්ඩා විසින් ලියන ලදි)


''ඇඩ්වර්ටයිසිං ලෝකය'' සම්පුර්ණ ලිපි පෙළ මෙතනින්


JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...