BREAKING
Top Ad
ඇඩ්වර්ටයිසිං ලෝකය

ඇඩ්වර්ටයිසිං ලෝකය (48) : ඩෑෂ් බෝඩ් එක

T

The Leader

June 27, 2023 • 11:39 PM

ඇඩ්වර්ටයිසිං ලෝකය (48) : ඩෑෂ් බෝඩ් එක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇඩ්වර්ටයිසිං ලෝකයේදී අපට විවිධාකාර මිත්‍රයෝ හමුවෙති.
  • 400 ගණනක් වූ අයැදුම් පත් අතරින් අවසානයට තෝරාගැනුනේ අප දෙදෙනා ය.
  • ඒ නිසාම මේ කතා ගොඩනැගී ඇත්තේ ද සුරාමේරය පදනම් කරගෙනය.
  • විනාඩි 10 විනාඩි 15 ද, විනාඩි 15 පැය බාගයද, පැය බාගය පැය ද විය.
අකුරු ප්‍රමාණය (Font Size):


අද කතා කරන මිත්‍රයාත් මමත් ග්‍රාන්ට්ස් එකට ඉන්ටර්විව් පැමිණියේ එකටය.

400 ගණනක් වූ අයැදුම් පත් අතරින් අවසානයට තෝරාගැනුනේ අප දෙදෙනා ය.

ඉනුත් මුලින්ම තෝරාගැනුනේ ඔහු ය.

ඇඩ්ඩා ඇඩ්වර්ටයිසිං ලෝකයට එන්නේ ඔහු වෙනත් ආයතනයක සේවයට එක්වූ පසුවය.

අප දෙදෙනාම දෙපාරක් එකම ඒජන්සියෙන් අස්වී නැවත එම ඒජන්සියටම දෙපාරක් සේවයට පැමිණ තිබේ.

එහෙත් ඒ කාල වකවානු දෙකකදී ය.

interview 190418 520x293
එබැවින් අප දෙදෙනා කෙදිනකවත් එකට වැඩ කර නැත.

මේ ලියන්නේ ඔහු ගැන ඇසූ පුවත්‍ ය.

අපේ මේ මිත්‍රයා සුරාමේරය මජ්ජපමා දට්ඨානා කුලකයේ නොවේය.

ඒ නිසාම මේ කතා ගොඩනැගී ඇත්තේ ද සුරාමේරය පදනම් කරගෙනය.

දිනක් පාටියකට ගොස් අපේ මිත්‍රයා පැමිණියේ ප්‍රශාන්ත් සුප්‍රමනියම්ගේ වාහනයේ ය.

එදා අපේ මිත්‍රයාව ඩ්‍රොප් කළේ ප්‍රශාන්ත් ය.

" මචං, අද උඹ අපේ ගෙදර ආපු ෆස්ට් ඩේ එක... අද උඹ මාත් එක්ක අපේ ගෙදර ඉදන් අඩියක් ගහලා යන්න ඕන ..."

එසේ කියූ අපේ මිත්‍රයා ප්‍රශාන්ත් ව සාලයේ වාඩි කළේය.

" මං විනාඩියෙන් එන්නං "
එසේ කියූ ඔහු තරප්පු පෙළ දිගේ උඩ තට්ටුවට ගියේය.

new web header template 770 x 438 15
දැන් ප්‍රශාන්ත් සාලයේය.

විනාඩිය විනාඩි 5 විය.

විනාඩි 5 විනාඩි 10 විය.

විනාඩි 10 විනාඩි 15 ද, විනාඩි 15 පැය බාගයද, පැය බාගය පැය ද විය.

 ප්‍රශාන්ත් සාලයේය.

 මිත්‍රයා තාම උඩ තට්ටුවේ ය.

මොහොතකින් ගෙදර සේවිකාව පැමිණියාය.

" "ඇයි?"

ඇය විමසුවාය.

" මහත්තයා එනකන් ඉන්නේ ..."

 ප්‍රශාන්ත් කීවේය.

" මහත්තයා උඩ බුදි...!"

සේවිකාව කීවාය.

 අපේ මිත්‍රයා ගේ වැඩ ඔහොම ය.

අපේ මිත්‍රයා ඒජන්සි ගණනාවක සේවය කළේය.

කොහේ ගියත් ඔහු හොදින් සෙට් වුණේය.

මේ සෙට්වීම ගෙදර දොරේ ඇත්තන්ට දිරවන්නේ නැතිය.

එහෙම වුණා කියා සෙට්වීම නවතන්නේ ද නැතිය.

සෙට්වීම අවසානයේ අපේ මිත්‍රයා නිවසට ඇරලිය යුතුය.

101735416 old bell at the door hand knocks on the wooden door

එවිට ගෙදර ඇත්තන් ගෙන් එන මල්ටි බැරල් ප්‍රහාරයන් ගෙන් බේරීම සදහා අපූරු උපක්‍රමයක් භාවිතා කෙරිණි.

එනම් කට් වෙන්න වැදී සිටින අප මිත්‍රයාව ගෙදර දොරට හේත්තු කර දොරේ සවිකර ඇති බෙල් එක ගසා පැන දිවීමයි.

එවිට ගෙදර අයිතිකරුවන් පැමිණ අපේ මිත්‍රයාව ගේ ඇතුළට ගනී.

 අපගේ මිත්‍රයාත්, ඇඩ්ඩාත් දෙපොළක සිට එකම කොම්පැණියක් වෙනුවෙන් කොපි ලියා ඇත.

ඒ මෙසේය.


nidoඅපගේ මිත්‍රයා  මිත්‍රයා කාලයක් ග්‍රාන්ට්ස් එකේ සිට නෙස්ලේ කොම්පැණිය ගෙන්වූ නීඩෝ කිරිපිටි වෙනුවෙන් කොපි ලියුවේය.

ඇඩ්ඩා ඒ කාලයේ ෆීනික්ස් එකේ සිට කොපි ලිව්වේ නෙස්ලේ කොම්පැණිය විසින්ම වෙළෙඳ පොලට නිකුත් කළ නෙස්ප්‍රේ කිරිපිටි වෙනුවෙනි.

නීඩෝ හා නෙස්ප්‍රේ ‍යන කිරිපිටි දෙවර්ගයම එකට විකිණූ ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවය.

දවසක් අපගේ මිත්‍රයාට ටිකක් කට් වෙන්න වැදුණේය.

ඔහු කාර් එකට නැග්ගේය.

ඔහුට දෙලෝ රත් වුණේ එවිටය.

කාර් එකේ ඩෑෂ් බෝඩ් එක නැත.

ඒක හොරු අරන් ගිහින්‍ ය.

බොන්න යන්න කලින් ඩෑෂ් බෝඩ් එක තිබුනා ඔහුට හොඳට මතකය.

ඔහු වහාම 119 එබුවේය.

" ඩෑෂ් බෝඩ් එක හොරු ගත්තා කිව්වා නේද? මොකද වුණේ...? "

පොලීසියෙන් පැමිණ විමසුවේය.

" හරි.. ප්‍රශ්නය විසඳුණා.. රාළහාමිලා
 යන්න ..."

ප්‍රශ්නය විසඳී තිබුනේ මෙසේය.

අපගේ මිත්‍රයා වෙරි මරගාතේ ගොඩවී ඇත්තේ කාර් එකේ පිටිපස්සේ සීට් එකට ය.

360 F 574790080 J3iLxQwVr7aRwIaJSovitn1qgPR6hjbu

පසු කලෙක අපගේ මිත්‍රයා වැඩ කළ එක්තරා ඒජන්සියට ඇඩ්වර්ටයිසිං ලෝකයටම වහක් වූ නපුරු කුඩම්මා කෙනෙක් පැමිණියාය.

ඇය පැමිණියේ ඇය කලින් වැඩ කළ ඒජන්සියේ සෙට් එකම හූරාගෙන ය.

මේ නපුරු කුඩම්මා මුලින්ම කළේ අපේ මිත්‍රයා ගේ බෙල්ල කැපීම ය.

බොරු හිල්වලට ආයුෂ කොටය.

වැඩිකල් යන්න කලින් නපුරු කුඩම්මා  ‍යන්න ගියේ ඒජන්සියත් වසා දමා අවුරුදු ගණනක් සේවය කළ මිනිසුන් ගේ ජොබ් ටිකටත් කෙළවලා ය.

එහෙත් අපේ මිත්‍රයා  අඹ ගෙඩියක් මතට වී මැජික් පෙන්වමින් අදටත් ඇඩ්වර්ටයිසිං ලෝකයේ වැජඹෙයි.

 

(ඇඩ්ඩා විසින් ලියන ලදි)


''ඇඩ්වර්ටයිසිං ලෝකය'' සම්පුර්ණ ලිපි පෙළ මෙතනින්


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...