BREAKING
Top Ad
ඇඩ්වර්ටයිසිං ලෝකය

ඇඩ්වර්ටයිසිං ලෝකය (49) : ඔන් ද ස්පොට්

T

The Leader

June 29, 2023 • 2:49 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය (49) : ඔන් ද ස්පොට්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2000 වසර ආරම්භයත් සමග රක්ෂණයේ නව රැල්ල වූයේ සෙලින්කෝ VIP ඔන් ද ස්පොට් ය.
  •   මාළු ලොරිය ඉන්ෂුවර් කර ඇත්තේ වෙනත් රක්ෂණ සමාගමකය.
  • කාර් එක ඉන්ෂුවර් කර ඇත්තේ සෙලින්කෝ එකේය.
  •   එය හැප්පුණ එකක් බව ඇඟවීමට හෙඩ්ලයිට් එක ගලවා, බෆර් එක පැත්තකට ඇල කර, වීදුරු කටු බිමට දමා පොඩි ආර්ට් ඩිරෙක්ෂන් පාරක් දී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

වාහනයක් හැප්පුනාම පොලිස් රිපෝට් නැතුව වන්දි ලබාගැනීමට සැලැස්වීම මහත් අස්වැසිල්ලක් විය.

රස්තියාදු අඩු විය.
 
ඒ කාලේ සෙලින්කෝ VIP ඔන් ද ස්පොට් ආවරණ විකුණුවේ ස්විප් විකුණනවා වගේයැයි කතාවට කිව්වේ නිකම් නොවේ.
channels4 profileසෙලින්කෝ VIP ඔන් ද ස්පොට් හඳුන්වා දුන් අවුරුද්දේ එක දිගට කමර්ෂල් 13 ක් හැදුණි.
 
ඉන් එකක් රූපගත කළේ හලාවත ය.
 
මේ කතාව ඒ ගැනය.

කතා සාරාංශය මෙසේය.

මාළු ලොරියක් කාර් එකක හැප්පෙයි.
 
මාළු ලොරිය ඉන්ෂුවර් කර ඇත්තේ වෙනත් රක්ෂණ සමාගමකය.

කාර් එක ඉන්ෂුවර් කර ඇත්තේ සෙලින්කෝ එකේය.
 
සෙලින්කෝ රක්ෂණ නියෝජිතයකු පැමිණ කාර් හිමියාට on the spot වන්දිය ගෙවා දමයි.
 
ලොරි හිමියාගේ රක්ෂණ නියෝජිතයා හවස් වනතුරුත් නැත.
 
අවසානයේ ඔහු කරන්නේ මාළු ටික පාරේ දමා කරවල කිරීමයි.

මෙම දැන්වීම අධ්‍යක්ෂණය කළේ ලක්ෂ්මන් විජේසේකර විසිනි.
 
PHOTO 2023 06 29 13 17 04
ලක්ෂ්මන් විජේසේකර
 
ලක්ෂ්මන් තම පළමු වෙළෙඳ දැන්වීම කළේද ඇඩ්ඩා සමගය.
 
ඔහු සුන්දර මිනිසෙකි.
 
කිසි කලබලයක් නැත.
 
වැඩේ ගානට කරයි.
මෙහි වේශ නිරූපණය කළේ නලින් ප්‍රේමතිලක ය.
 
PHOTO 2023 06 29 13 17 05
 
නලින් ප්‍රේමතිලක
 
ඔහු ද විනෝදයෙන් වැඩ කළ හැකි මිනිසෙකි.

ප්‍රධාන නළුවා කාංචන කොඩිතුවක්කු ය.


මේ කමර්ෂල් එක සදහා ලොරියක් හොයාගත්තේ හලාවත පැත්තෙනි.

කමර්ෂල් එක කරගෙන යන අතරේ හිටි අඩියේම ලයිට් එක බැස්සේය.

ලොරිය අයිනක පාක් කර තිබේ.
 
එය හැප්පුණ එකක් බව ඇඟවීමට හෙඩ්ලයිට් එක ගලවා, බෆර් එක පැත්තකට ඇල කර, වීදුරු කටු බිමට දමා පොඩි ආර්ට් ඩිරෙක්ෂන් පාරක් දී තිබේ.
 
maxresdefault
 
කාංචන කොඩිතුවක්කු
 
මේක් අප් අව්වට දියවෙන නිසා නලින් ප්‍රේමතිලක කළේ මේක් අප් එක පිටින්ම කාංචන කොඩිතුවක්කුව කාර් එක මත හිඳුවා AC එකේ තැබීමය.

ලයිට් එන පාටක් නැත.

ඉර මුවා වී ගොසිනි.
 
ටික වෙලාවකට පසු පොරක් කඩුවකුත් කර තබාගෙන එනු පෙනේ.
එන ස්ටයිල් එක කියන්නේ ඒ එන්නේ කර්පට් වෙන්නම වැදුණු හාදයෙක් බවය.

ඔහු නතර කර ඇති ලොරිය දුටුවේ ය.

එය ගමේ ලොරියකි.

කවුරුන් හෝ එය හප්පා තිබේ.

වට පිට බැලු සද ඈතින් කාර් එකක් නතර කර තිබෙනු පෙනේ.

කඩුව වනමින් ඔහු කෙලින්ම ගියේ කාංචන සිටි කාර් එක වෙතයි.
 
" අඩෝ කැ...! තෝ අපේ ලොරිය හැප්පුවා නේද? බැහැපිය පරයා කාර් එකෙන් එලියට ...යකෝ ...! මූ අපේ ලොරියත් හප්පලා බබා වගෙ ඉන්න ආතල් එක... බැහු කිව්වේ..  කැ... බිමට.."
යනාදී වශයෙන් කඩුවත් වනමින් හෙතෙම ජාතිය අමතන්න විය.

කඩුවට වඩා ඔහු වැනෙයි.

අප සියලු දෙනා වෙනුවෙන් මද්දුම බණ්ඩාර මෙන් ඉදිරිපත් වුණේ නලින් ප්‍රේමතිලක ය.

" අයියේ.., අපි ටෙලිනාට්‍යයක් කරන්නේ ..."
 
jon flobrant 462801 unsplash
නලින් කිව්වේය.

"කියන්න එපැයි මල්ලි "

කඩ්ඩා ඒකට උත්තර දුන්නේය.

කඩ්ඩා කිව්වේ ඔහුගේ කඩ්ඩ පොලිෂ් නිසා නොව අතේ කඩුවක් තිබුන නිසාය.

" අපි හැමෝටම කිව්වා අයියේ, අයියා හිටියේ නෑ...."

නලින් යලිත් කීවේය.

"  හරි කියන්න මට.. මං ඕන සපෝට් එකක් දෙන්නං...! "

එසේ කියූ කඩ්ඩා ඊළඟට හැරුනේ කමර්ෂල් එක රූගත කරනු බලන්න පැමිණ සිටි ගමේ ජනතාව වෙතය.
 
" අඩෝව්...! මේ අපේ මහත්තයෙක් හරිද...? අනම් මනම් පාට් දාන්න බෑ හරී...!"
නලින්ව පෙන්වමින් එසේ කියූ ඔහු වැනි වැනි යන්න ගියේය.

අපි කාංචන ළඟට ගොස් බැලුවෙමු.

AC එකෙත් ඔහුට දාඩිය දමා ඇත.


වැඩිවෙලා එතැන ඉන්න ලැබුනේ නැත.

අරූ කඩුව වනමින් නැවත ආවේය.

" අඩෝ මහත්තයා ... බැහැපං එලියට ..!"

ගේම ඉල්ලන්නේ කාංචන ගෙනි.

දැන් කඩ්ඩාට ඇත්තේ ලැජ්ජාවය.

මේ කරන්නේ ටෙලිනාට්‍යයක් බව නොදැන ගම ඉදිරියේ නෝන්ඩි වීමේ ලැජ්ජාවෙන් ඔහු පෙළෙන බව පැහැදිලි ය.

ඒ ලැජ්ජාව කාංචන ගේ පිටින් අරින්නය මේ සූදානම් වන්නේ.
 
Picture taken in a park in Singapore.
නැවතත් එහි පැමිණියේ නලින් ය.

එවර ඔහු අත ටිෂූ බොක්ස් එකක් ද විය.
 
" අයියේ.., අපි දුප්පත් මිනිස්සු ... මං ඉන්නේ මේකේ රඟපාන නළු නිළියන් ගේ දාඩිය පිහිදාන්න.. මට ඒකට දවසකට රුපියල් 80 ක් ගෙවනවා..."
එසේ කියූ නලීන් ටිෂූ එකක් ඇඳ කඩ්ඩාගේ ගේ ද දාඩිය පිස දැම්මේය.

දැන් කඩ්ඩාට හොඳටම දුක ය.

ඕන සපෝට් එකක් දෙන්න පොරොන්දු වී කඩ්ඩා එතැනින් නික්ම ගියේය.

හවස 6 විතර වෙනකොට කමර්ෂල් එක ෂූට් කර අවසන් විය.

වැඩේ ඉවර වූ පසු අපට කඩ්ඩාව මතක් විය.

අපට කඩුව වැනුවාට කඩ්ඩාගේ රස්සාව වූයේ දැල් අඳින විට පැටලී එන ඉස්සන් එකතු කර මීගමු මාකට් එකට දී ජීවිකාව ගෙන යෑම යි.

යලි කොළඹ බලා පැමිණෙන්නට පෙර අපි කඩ්ඩා ගැන සොයා බැලුවෙමු.

අහෝ අසරණ කඩ්ඩා!
 
ගෙදර යන අතරේ තව වලියකට මාට්ටු වී ඔහුව පොලිස් කූඩුවේ දමා තිබුණි.
 
අප කළේ ටෙලිනාට්‍යයේ නොව රූපවාහිනී දැන්වීමක් බව ඇප ලබාගෙන පැමිණි පසු කඩ්ඩා ටීවී එකෙන්ම බලාගන්න ඇත.



(ඇඩ්ඩා විසින් ලියන ලදි)


''ඇඩ්වර්ටයිසිං ලෝකය'' සම්පුර්ණ ලිපි පෙළ මෙතනින්

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...