BREAKING
Top Ad
ඇඩ්වර්ටයිසිං ලෝකය

ඇඩ්වර්ටයිසිං ලෝකය (54) : කෙසෙල් ඇවරිය

T

The Leader

September 27, 2023 • 2:10 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය (54) : කෙසෙල් ඇවරිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ කතාව 90 දශකය අග භාගයේ දී සිදු වූවකි.
  • අප නුවර යන කතාව ටෝනි රොබ්ට්ස්ගේ කණට ද ගියේය.  ඔහු චාමිලා අතට රුපියල් 100 ක් දී නුවරින් එන විට කෙසෙල් ගෙනෙන ලෙස කීවේය.
  • අප කොළඹට එන විට රාත්‍රී 10 පසු වී තිබුණි.
  • දැන් කෙසෙල් ඇවරියෙන් ගෙඩි එක දෙක වැටෙන්නට පටන් ගෙන ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ කතාවේ ප්‍රධාන නළුවා ටෝනි රොබට්ස් ය.

ටෝනි හිටියේ ක්‍රියේටිව් ඩිපාර්ට්මන්ට් එකේය.

ඔහු අපගේ ඉංග්‍රීසි පිටපත් රචකයා ය.

මෙහි ප්‍රධාන නිළිය චාමිලා ද සිල්වා ‍ය.

ඇය හිටියේ ක්ලයන්ට් සර්විසිං ඩිපාර්ට්මන්ට් එකේය.

එවකට ද ෆිනෑන්ස් සමාගමේ ඉඩම් වෙන්දේසිවල දැන්වීම් බොහෝමයක් සිදු කළේ ෆීනික්ස් ආයතනය හරහාය.

ලෑන්ඩ් සේල් දැන්වීම් නිසා මෙහෙම දෙයක් සිදුවෙයි.

අදාළ ඉඩම විකිණීම සදහා යන සියලු ප්‍රචාරක වියදම් අවසානයේ ගනුදෙනුකරුවන් මිලදී ගන්නා සෑම පර්චස් එකකටම එකතු වෙයි.

Hanthana Mountain Range 1

මේ කතාවට අදාළ ඉඩම තිබුනේ හන්තාන කඳු පංතියේ ය.

හන්තාන කඳු පංතියේ පිහිටි මේ ඉඩමට ද ෆිනෑන්ස් ලොක්කන් නම තිබ්බේ රැන්ඩ්ල්ස් හිල් කියා ය.

කෙළවී ගියේ එතැනිනි.

රැන්ඩ්ල්ස් හිල් යනු කිංස්වුඩ් විදුහල ඉදිරියේ වූ කඳුයාය යි.

ද ෆිනෑන්ස් සමාගම ඉඩමට මේ නම තැබීමත් සමගම කිංස්වුඩ් විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය ඇවිස්සුනේ දෙබරයට ගල් ගැසුවාක් මෙනි.

අවසානයේ ද ෆිනෑන්ස් සමාගමට නම අකුළා ගැනීමට සිදුවූ අතර වාසිය වූයේ අපට ය.

වාසිය නම් එකම ඉඩමට කැම්පේන් දෙකක් කිරීමට සිදුවීම යි.

ඒ නිසාම පර්ච් එකක වටිනාකම ද උඩ ගියේය. 

කරගත් ගොංකමට වන්දි වශයෙන් පළමු වටයේදී මහනුවර ද ෆිනෑන්ස් ලොක්කා ද , ලෑන්ඩ්‍ සේල් එක අවසානයේ කොළඹ ද ෆිනෑන්ස් ලොක්කන් දෙදෙනෙකුට ද ගෙදර යන්න සිදුවිය.

දැන් අපි කතාවට බහිමු.

house and land for sale
මේ ලෑන්ඩ්‍ සේල් එකේ වැඩට දෙතුන් වතාවක්ම අපට නුවර යන්න සිදු විය.

ඒ ජායාරූපගත කිරීමට සහ රූපවාහිනී දැන්වීම නිර්මාණය  කිරීමට ය.

මේ ගමනට ජායාරූප ශිල්පීයා වශයෙන් සරත් පෙරේරා ද, ඒජන්සිය වෙනුවෙන් චාමිලා, හේමන්ත හා රියැදුරු රංජිත් ද සහභාගි වූහ.

අප නුවර යන කතාව ටෝනි රොබ්ට්ස්ගේ කණට ද ගියේය. 

ඔහු චාමිලා අතට රුපියල් 100 ක් දී නුවරින් එන විට කෙසෙල් ගෙනෙන ලෙස කීවේය.

දැන් කොළඹ සිට ගමන පටන් ගත්තු තැන සිටම කෙසෙල් කඩයක් දුටු ගමන් චාමිලා රංජිත්ට වාහනය නතර කරන්න කියයි.

ඇයට මේ ෂූට් එකේ වැදගත්ම කොටස වූයේ ටෝනිට කෙසෙල් ඇවරියක් මිලට ගැනීමය.

කෙසේ හෝ ෂූට් එක අවසානයේ චාමිලා ලොකු කෙසෙල් ඇවරියක් මිලට ගත්තාය.

ඒ කඩුගන්නාව හරියේය.

අප කොළඹට එන විට රාත්‍රී 10 පසු වී තිබුණි.

bananas d5a7b4c
දැන් කෙසෙල් ඇවරියෙන් ගෙඩි එක දෙක වැටෙන්නට පටන් ගෙන ඇත.

ඒ තරමටම කෙසෙල් ඉඳී ඇත.

" මිසී, ඕක දැන් ටෝනි මහත්තයාට දීලා වැඩක් නෑ... හෙට උදේට තව ඉදෙයි... "

රංජිත් කිව්වේ ‍ය.

ඒ අනුව ටෝනි ට කෙසෙල් ගෙඩි 5 ක් ඉතුරු කර ඉතිරි කෙසෙල් ගෙඩි ටික අප අතර බෙදාගන්නා ලදි.

දැන් පහුවදා උදේය.

ටෝනි ඩේලිනිවුස් එක බලමින් කෙසෙල් අනුභව කරයි.

කලින් සැලසුම් කළ පරිදි එකෙක් ටෝනිට ඇසෙන සේ මහ හඬින් මෙසේ පැවසුවේ ය.

" මචං, උඹලා ගෙනාපු කෙසෙල් මාරයි ආ..."

ටෝනි අංශක 180 ක්  කැරකුණේය.

" ආ ...ඕගොල්ලොත් කෙසෙල් ගෙනාවද...?"

ටෝනි ඇසුවේය.

" ඔව් ටෝනි, අපි යනකොට ද ෆිනෑන්ස් ක්ලයන්ට් ඉඩමේ කෙසෙල් වගාවක් දාලා තිබුනා... අපට කෙසෙල් කැනක්ම කපලා දුන්නා... හොඳ ඉදිච්ච කෙසෙල් ... බෙහෙත් ගහලත් නෑනේ...." 

මා එසේ පැවසූ විට ටෝනි ගේ මූණ නරක් වූ කෙසෙල් ගෙඩියකටත් වඩා නරක් වී ගියේය. 

ඔහු යලි අංශක 180 කැරකී ඩේලිනිවුස් එකට මූණ ඔබාගත්තේය.

ටෝනිට අප්සෙට් දෙකකි.

එකක් කෙසෙල් කැනක්ම ගෙනාවත් චාමිලා ඔහුට දී ඇත්තේ කෙසෙල් ගෙඩි 5 කි.

අනෙක නිකං ලැබුන කෙසෙල් කැනෙන් ගෙඩි 5 ක් දී චාමිලා ඔහු ගෙන් රුපියල් 100 ක් ගැනීමයි.

upset
ටික වේලාවකට පසු ටෝනි හිමින් පුටුවෙන් නැගිට්ටේය.

අප සැක කළ පරිදිම ඔහු ගියේ රියැදුරු රංජිත් සොයාගෙන ය.

" මහත්තයා බඩු හම්බ වුණා නේද? අපිට ලෑන්ඩ්‍ සේල් එකෙන් කෙහෙල් කැනක්ම හම්බ වුණා..."

රංජිත් ඇක්ටිං පාර නියමෙට දුන්නේ ය.

දැන් ටෝනි ගේ මූණ තවත් 'ඤොස්' ය.

මෙලෝ වැඩක් නොකරයි.

කොපි චෙක් කරන්න දුන් විට කොපිය විසි කරයි.

චාමිලා ද පැත්ත පළාතේ එන්නේ නැත.

හවස 4 ට විතර ෆ්‍රැනා අපව සොයාගෙන ආවාය.

 ෆ්‍රැනා කිව්වේ ෆ්‍රැන්සීන්ට ය.

ඒ කිව්වේ ටෝනි ගේ දුවට ය.

" උඹලා ටෝනිට මොකද කළේ...? "

ඇය කෙළින්ම ඇසුවාය.

අපි ද කළ දේ කෙළින්ම කීවෙමු.

" උඹලා මොනාද බං කරන්නේ ? ගිහිං ඇත්ත කියපං.. ඒ මනුස්සයා අන්න කිසි වැඩක් කරන්නේ නෑ අප්සෙට් එකට..."

අපි ඒ අනුව විහිළුවක් කළ බව සැල කර සිටියෙමු.

ඇඩ්ඩාට හිතෙන විදියට ටෝනි ලස්සනටම හිනා වුණේ ඒ මොහොතේය.

චාමිලා නැවත ක්‍රියේටිව් ඩිපාර්ට්මන්ට් එකට ආවේ ඊට ටික වේලාවකට පසුවය.


(ඇඩ්ඩා විසින් ලියන ලදි)


''ඇඩ්වර්ටයිසිං ලෝකය'' සම්පුර්ණ ලිපි පෙළ මෙතනින් 


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...