BREAKING
Top Ad
ඇඩ්වර්ටයිසිං ලෝකය

ඇඩ්වර්ටයිසිං ලෝකය (9) : උඹ කතා නැත්තේ මොකද අද උමා

T

The Leader

May 4, 2023 • 1:15 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය (9) : උඹ කතා නැත්තේ මොකද අද උමා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උමා ‍යනු ඇඩ්වර්ටයිසිං තුලින්ම ගොඩ නැගුනු චරිතයකි.
  • අප අවුට්වර්ඩ් බවුන්ඩ් වැඩ සටහනකට දඹුල්ලට ගොස් සිටියදී අඩි 200 ක පමණ උස ගලක් තරණය කරන්නට සිදුවිය.
  • යුනි ලීවර් සමාගම ලක්ෂ ගණනක් වියදම් කළ වැඩ සටහන ඇතුළේ රුපියල් 50,000 කින් සාර්ථක ප්‍රචාරක මෙහෙයුමක් දියත් කරන්නට ඇය සමත් වූවාය.
  • විශේෂයෙන්ම තමන්ව මාර්කට් කරන්නේ කෙසේද කියා හොදින්ම හදාරා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):



ඇඩ්වර්ටයිසිං ක්ෂේත්‍රය තුල ලස්සන සාරි ලස්සනට ඇන්දේ උමා ය.

එය ඇයගේ සංකේතයක් බඳු විය.

උමා ඕනෑම අභියෝගයකට සූදානම් චරිතයකි.

අප අවුට්වර්ඩ් බවුන්ඩ් වැඩ සටහනකට දඹුල්ලට ගොස් සිටියදී අඩි 200 ක පමණ උස ගලක් තරණය කරන්නට සිදුවිය.

එහි සිටි ස්ත්‍රී හා පුරුෂ පරාණ අතරින් මුලින්ම එය තරණය කළේ සැත්කමකට පවා භාජනය වී සිටි උමා ය.

උමා එවැනි ශක්තිවන්ත ගැහැණියකි.

විශේෂයෙන්ම ජනමාධ්‍ය සමග හොඳ සහ සම්බන්ධතාවක් ඇයට තිබුනි.

ITN එකේ කෝපි කඩේ වැඩ සටහනට ඒ කාලේ අනුග්‍රහය දැක්වුයේ යුනි ලීවර් සමාගමයි.

යුනි ලීවර් සමාගම තායිලන්තයෙන් ලුණු කුඩු ආනයනය කොට බෙදාහැරීයේ ද ඒ සමයේය.

ලුණු ගෙන්වූ යුනි ලීවර් සමාගම අනුග්‍රහය දැක්වූ කෝපි කඩේ වැඩ සටහන අස්සට රිංගා ලක් ලුණු ගැන ගරිල්ලා මාර්කටිං පාරක් ගහන්න සැලසුම් කළේ ද උමා ය.

යුනි ලීවර් සමාගම ලක්ෂ ගණනක් වියදම් කළ වැඩ සටහන ඇතුළේ රුපියල් 50,000 කින් සාර්ථක ප්‍රචාරක මෙහෙයුමක් දියත් කරන්නට ඇය සමත් වූවාය.

උමා අපට හමුවන්නේ බොහෝ විට කැන්ටිමේදී ය.

ඒ දිවා ආහාරය ගන්නා වෙලාවට යි.

උමා කනවාට වඩා කරන්නේ කතා කරන එක ය.

උමා ඕනෑම කතාවක් පටන් ගන්නේ 'Asela said…’ යනුවෙනි.

අසේල යනු උමා ගේ හස්බන්ඩ්‍ ය.

උමා මීඩියා කළාට මාර්කටිං හොඳට දනී.

විශේෂයෙන්ම තමන්ව මාර්කට් කරන්නේ කෙසේද කියා හොදින්ම හදාරා ඇත.

ඒ කාලයේ ලේක්හවුස් පත්තරවල ඇඩ් එකක් යන විට පෲෆ් බැලීම කළ යුතු විය.

ඇතැම් දිනවල උමා ත් පෲෆ් බලන්න යන්නීය.

එය ඇය මව් පදවිය බලාපොරොත්තුවෙන් සිටි කාලයකි.

පෲෆ් බලා අවසානයේ උමා අප්ඩේට් එකක් ද දෙන්නීය.

ඒ බොස් ට ය.

" බොස් මම ඇඩ් එක බැලුවා... ඒක  ඕකේ..."

වෙලාව රෑ 12.00 ට විතරය.

එතකොට බොස් හිතන්නේ රෑ 12 ටත් මේ මනුස්සයයා ආයතනය වෙනුවෙන් වැඩ කරනවා කියායි.

සෙල්ෆ් මාර්කටිං කියන්නේ මෙන්න මේවාට ය.

එක් වෙසක් සමයක ස්ටුඩියෝ එකේ හා ක්‍රියේටිව් ඩිපාර්ට්මන්ට් එකේ කොල්ලන් සෙට් වී වෙසක් කූඩුවක් හදන්නට විය.

සල්ලි දැම්මෙත් මේ දෙගොල්ලන් විසිනි.

ස්ටුඩියෝ එක පැත්තේ කැරකුනු උමා මේ කූඩුව දැක්කේ ය.

ඒ දවල් 12.00 ට පමණ ය.

යලිත් උමා ස්ටුඩියෝ එකට ආවේ සවස 2.45 ට විතරය.

ඒ වනවිට කූඩුවේ රැළි බාගයක් විතර අලවා තිබිණ.

" මං මේක පොඩ්ඩකට ගන්නං " යැයි කියු උමා බාගෙට ඇලවූ කූඩුවත් රැගෙන දිව්වේ රිසෙප්ෂන් එක පැත්තටය.

ඒ ෆීනික්ස් එකේ බොස් වූ අර්වින් වීරක්කොඩි දිවා ආහාරය ‍රැගෙන ආපසු පැමිණෙන වෙලාවයි.

ඔහු ඇතුළට පැමිණෙනවාත් සමග කූඩුව රැගෙන ඉදිරියට ගිය උමා මෙසේ කීය.

" බොස්, අපි කූඩුවක් හදනවා "

ඉන් පසු කූඩුවේ ඉතිරි රැළි ඇලවීම සදහා නැවත ස්ටුඩියෝ එකටම බාර දුන්නාය.

ඒ මොකක්ද වුණේ කියා කූඩුව හදන්න මුදල් හා ශ්‍රම දායකත්වය දුන් සෙට් එක තවමත් කල්පනා කරමින් සිටිනවා විය හැකිය.

ඒ කාලේ ෆීනික්ස් එකට මරුටි රථ කිහිපයක් මිලදී ගෙන තිබුනි.

එකක් පාවිචිචි කළේ දිලීප ය.

උමා හා ශිරානි සෝන්ඩර්ස් විසින් තවත් මරුටි රථ දෙකක් පාවිච්චි  කරන ලදි.

කලකට පසු ශිරානිට දුන් මරුටි රථය කැඩුණි.

අර්වින් ඇයට ස්ටාර්ලට් වර්ගයේ වාහනයක් ලබා දුනි.

ඊට පසුවදාම උමා අර්වින් ඉදිරියේ පෙනී සිටියා ය.

" බොස්, මගේ මරුටි එකත් කැඩුණා..."

එසේ කියා කාර් එකේ යතුරු කැරැල්ල අර්වින් ගේ මේසය උඩට දැම්මා ‍ය.

අර්වින් සමග එලෙස ගනුදෙනු කළ නොහැක.

උමා ෆීනික්ස් එකෙන් යනතුරු ආයේ කාර් එකක් නම් ලැබුනේ නැත.

උමා ලකුණු දමා ගැනීමට පසු කාලීනව කළ ව්‍යාපෘති ගණනාවක්ම අසාර්ථක විය.

එකක් බොස් ගේ උපන්දිනයට බෝධි පූජාවක් කරන්නට යෑම යි.

බොස් එදා ඔෆිස් එක පැත්ත පළාතේවත් නාපු නිසා බෝධි පූජා අහෝසි කර්මයකට යට වී ගියේය.

තවත් උපන්දිනයකදී ‘ happy birthday’ කියා කොම්පියුටර් ප්‍රින්ට් අවුට්වලින් ඔෆිස් එක සරසන්න ගොස් ජෙයරාජ් ගෙන් බඩ කට පුරා අසා ගත්නට ලැබුනි.

ෆීනික්ස් ආයතනය ඔගිල්වි හා සම්බන්ධ වන දින ජාතික කොඩිය කොඩි ගස දිගේ 15 වතාවක් පමණ උමා ඉහළ පහළ යැව්වේ බොස් දකින තුරුය.

අප මේවාට සිනාසුනත් උමාට ගානක් නැත.

ඇය කරන දේ කරයි.

මොන කාඩ් එක ගැසුවත් ඇයට එය අදාළ නැත.

එසේ කාඩ් ගැසුවා කියා උමා තරහා වන්නේ ද නැත.

උමා සමග කතාවට අහුවීම කෝච්චියකට අහුවීම හා සමානය.

එක නත්තල් උත්සවයකදී බුෆේ ටේබල් එක ළඟදි උමාට බොස්ව මාට්ටු වූයේ පිඟාන ද බොස්ගේ අතේ තිබියදී ය.

දහ පහළොස් දෙනෙක් විතර දැන් කෑම බෙදාගෙන කනවාය.

උමා තාම කතාවේය.

මේ දර්ශනය ගුණේගේ කැමරාවට හසු විය.

මේ ජායාරූපය ෆීනික්ස්  නත්තල් ඇල්බමයේ ද විය.

ඊට යටින් මේ පද පේළි විය.

" උඹ කතා නැත්තේ මොකද
අද උමා...

උඹ එපා අඬන්නට මගෙ සුදා...

මට නිකං ලැබුනේ බං...

ඒක නිසයි බිව්වේ මං...

නාඬන් මට බත් ටික බෙදපන්...."


උමාගේ ext අංකය 12 ය.

" please call 12 “

යන්න ඒ දිනවල නිතර ඇහෙන නිවේදනයකි.

නමුත් ඒ නිවේදනය නැවත නැවත අපට ඇහෙන්නෙ බොස් ඉන්න වෙලාවට විතරය.

මේක කියවා අවසානයේ උමා මහ හඬින් සිනාසෙන බව නම් ඇඩ්ඩාට සහතිකය.


(ඇඩ්ඩා විසින් ලියන ලදි)


ඇඩ්වර්ටයිසිං ලෝකය වෙනත් ලිපි :

ඇඩ්වර්ටයිසිං ලෝකය (8) : පුතා මම රොසන්

ඇඩ්වර්ටයිසිං ලෝකය (7) : වහල ගැසීම

ඇඩ්වර්ටයිසිං ලෝකය (6) : අධිකාරි මං කංකුං දේවී...!

ඇඩ්වර්ටයිසිං ලෝකය (5) :මහා කලු සිංහලයා

ඇඩ්වර්ටයිසිං ලෝකය (4) : පොල් ගහේ කතාව

ඇඩ්වර්ටයිසිං ලෝකය (3) : රොබට් vs රොබට්

ඇඩ්වර්ටයිසිං ලෝකය (2) : ලබු ගුණේ

ඇඩ්වර්ටයිසිං ලෝකය (1) : කන්දප්පාට කුණුහරුප වරුසාවක්!




JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...