The Leader News
BREAKING
Top Ad
Biz

ශ්‍රී ලංකා ටෙලිකොම් ලාභය තවත් 100% වැඩි කල හැකියි - CNL

T

The Leader Desk

June 15, 2023 • 10:44 AM

ශ්‍රී ලංකා ටෙලිකොම් ලාභය තවත් 100% වැඩි කල හැකියි - CNL

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රි ලංකා ටෙලිකොම් සමාගම පොද්ගලීකරණය සමිබන්දයෙන් රඡය පාර්ශවයෙන් ඇති යෝජනාව පිලිබද 'ලංකා බිස්නස් ලයින් -Colombo News Line) මීට මාස තුනකට පමණ පෙර අපගේ අදහස සමාඡ ගත කරා.
  • මේ කාරණයේ පවතින බරපතළ තත්වය නිසාම අප නැවතත්  මේ සම්බන්දයෙන් කතිකාවක් ඇති කිරීමට උත්සාහ කරනවා.
  •  හැබැයි එමගින් කියවෙන්නේ නැහැ ශ්‍රි ලංකා ටෙලිකොම් සමාගම ප්‍රතිව්‍යුහගතකරණ නොකල යුතුයි කියල,   වෘත්තීමය කළමනාකරණයක් යටතේ මෙම සමාගමේ ලාභය තවත් 100% වැඩි කල හැකිය යන පදනමේ සිට අපගේ කියවීම මේ ආකාරයට පෙල ගස්සනවා.
  •   හම්බන්තොට වරාය කිසිදු දේශපාලනික හෝ ජාත්‍යන්තර භූ දේශපාලන පිළිබඳව විශ්ලේෂණයක් නොකර 100% අයිතිය චීනයේ පෞද්ගලික සමාගමකට ලබාදීමත් මේ වගගේම නිවැරදි කල නොහැකි වරදක්!!!
අකුරු ප්‍රමාණය (Font Size):

දැඩි නිහඩතාවයකින් පසු දැන් නැවතත් ඒ සම්බන්දයෙන් කතා කරන්න පටන් අරගෙන.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව “ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණ කිරීමෙන් ජාතික ආරක්ෂාවට වන බලපෑම්” පිළිබඳ වාර්තාව දැන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙනවා.



මේ කාරණයේ පවතින බරපතළ තත්වය නිසාම අප නැවතත්  මේ සම්බන්දයෙන් කතිකාවක් ඇති කිරීමට උත්සාහ කරනවා.  හැබැයි එමගින් කියවෙන්නේ නැහැ ශ්‍රි ලංකා ටෙලිකොම් සමාගම ප්‍රතිව්‍යුහගතකරණ නොකල යුතුයි කියල,  

වෘත්තීමය කළමනාකරණයක් යටතේ මෙම සමාගමේ ලාභය තවත් 100% වැඩි කල හැකිය යන පදනමේ සිට අපගේ කියවීම මේ ආකාරයට පෙල ගස්සනවා.

ශ්‍රී ලංකා ටෙලිකොම් පුද්ගලීකරණය ජාතික ආරක්ෂාවට තර්ජනයක්

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් පණවන ලද කොන්දේසි ක්‍රියාත්මක කිරීම සඳහා හෝ රජයට කෙටි කාලීන ආදායමක් ලබාගැනීමේ පරමාර්ථයෙන් හෝ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු 49.5%ක කොටස් විදේශ සමාගමකට අලෙවි කිරීම තුලින් යම් දිනයක ජාතික ආරක්ෂාවට බරපතළ අර්බුදයක් ඇති වීම වැළැක්විය නොහැකි බව අපගේ අදහසයි!!!

 

හම්බන්තොට වරාය චීනයට බදු දීම ගැටලුවක් නැහැ'- ජනාධිපති ගෝඨාභය

හම්බන්තොට වරාය කිසිදු දේශපාලනික හෝ ජාත්‍යන්තර භූ දේශපාලන පිළිබඳව විශ්ලේෂණයක් නොකර 100% අයිතිය චීනයේ පෞද්ගලික සමාගමකට ලබාදීමත් මේ වගගේම නිවැරදි කල නොහැකි වරදක්!!!

 

ටෙලිකොම් සමාගම අනුබද්ධ සමාගම් වන මොබිටෙල්,  දත්ත මධ්‍යස්ථානය (Data Centers),  මුහුද යටින් යන සන්නිවේදන කේබල් (SEA-ME-WE 3,4,5 6), (SLT GLOBAL) NETWORK ),  මුළු රටම ආවරණය වන කිලෝ මීටර් 65000 ක ෆයිබර් ඔප්ටික් ජාලය සහ තවත් සමාගම් රාශියක් සමග රුපියල් බිලියන 220 කට වැඩි වටිනා කමක් සහිත චංචල සහ නිශ්චල දේපල අයත් සමාගමක්. ඩොලර් මිලියන 650ක් පමණ වටිනා සමාගමක් !

 

විදුලි සංදේශ සේවාව රටක ආරක්ෂාවට සහ රජයේ තොරතුරු සම්ප්‍රරේෂණය කිරීමේ දී වැදගත් කාර්ය භාරයක් උසුලන අතර මෙරට ක්‍රියාත්මක වන සියලුම ජංගම දුරකථන සමාගම් දේශීය නොවන සමාගම් වන අතර ඒවායේ අයිතිය ද 100%ක් විදේශීය දුරකථන සමාගම් සතුවයි පවතින්නේ.

 

සමස්ත දුරකථන හා විදුලි සංදේශ කර්මාන්තයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට හිමිව ඇත්තේ  20%ක පමණ කොටසක්. විදේශ සමාගමකට හෝ දැනට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් වලින් 44.95%ක් හිමිකාරත්වය දරන මැලේසියාවේ මැග්සීස් සමාගමට අනුබද්ධ ග්ලෝබල් ටෙලිකමියුනිකේෂන්ස් හෝල්ඩින්ග්ස් N.V.(GTLH ) සමාගමට අලෙවි කිරීම තුළ සිදු වන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් අයිතියෙන් 95% ක ප්‍රමාණයක් විදේශීය සමාගමකට හිමිවන බවයි.

 

රජය විවෘත වෙළඳපලේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ 49.5% ක කොටස් අලෙවි කිරීමට උත්සාහ කළත් ටෙලිකොම් සමාගමේ ඉතිරි කොටස් යම්කිසි දිනයකදී විවෘත වෙළඳපලට ඉදිරිපත් කිරීමට පෙර දැනටමත් හවුල්කරුවකු වන GLTH මැලේසියානු සමාගමට පිරිනැමීමට (offer) කටයුතු කළ යුතු බව අදාල ගිවිසුමේ සදහන් වන බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

රජය ඉදිරිපත් කරන මිල ගණන් වලට  GLTH සමාගම ඉතිරි කොටස් මිලදී ගැනීමට ඉදිරිපත් වුවහොත් තුන්වන පාර්ශවයකට ඒ සඳහා ඉඩක් නොලැබෙන බව මේ අනුව පැහැදිලියි.

රජයට ආදායම් මාර්ගයක් ලබා ගැනීමේ පරමාර්ථයෙන් පමණක්ම මෙම පෞද්ගලීකරණ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා නම් ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිති සමග ද සාකච්ඡා කිරීමට සිදුවනවා.  

එහෙම සංවාදයක් නම් තවම සිදුවන්නේ නැහැ.

අද අප රටේ දැවෙන ප්‍රශ්නය වන්නේ විදේශ විනිමය හිඟය.

ලංකාවේ ක්‍රියාත්මක වන ආයෝජන මණ්ඩල සමාගම් සහ මහා පරිමාණ කර්මාන්ත ශාලා, දුරකථන සමාගම් සහ වැවිලි සමාගම් වල පවා ලාභාංශ පිටරටට ඇදී යනවා.

ශ්‍රී ලංකා ටෙලිකොම් : 'ජූනි මස තෙක් කොටස් විකුණන්නේ නැහැ'

දැනට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමෙන් වසරක  රුපියල් බිලියන 100 ක විතර ආදායමක් රජයට ලැබෙනවා.

බදු ගෙවීමෙන්  පසු 2022 වර්ෂයේ ශුද්ධ ලාභය මිලියන 4765 ක් බව සදහන් වෙනවා.

 

මෙම සමාගම විදේශීය සමාගමකට ලබා දුන්නොත් වාර්ෂිකව තවත් ඩොලර් මිලියන 6.7 ක් පමණ මෙරටින් පිටට ගලා යාම වැළැක්විය නොහැකි බව අප රඡයට අවධාරණය කරනවා.

 

(Colombo News Line)



JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...