The Leader News
BREAKING
Top Ad
Biz

ගතවූ පළමු මාස පහ තුළ වාහන ආනයනයෙන් රු. බිලියන 136ක ආදායමක්

T

The Leader Desk

June 5, 2025 • 4:32 AM

ගතවූ පළමු මාස පහ තුළ වාහන ආනයනයෙන් රු. බිලියන 136ක ආදායමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර 5ක පමණ කාලයක් පැවති වාහන ආනයන සීමා ඉවත් කර මේ වන විට මාස කිහිපයක් ගතව ගොස් තිබේ.
  • ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු ලියාපදංචි කළ වාහන ගණන 62,000 ඉක්මවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව පෙබරවාරි, මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාස තුළ අලුතින් ලියාපදිංචි කර ඇති මෝටර් රථ ගණන 62,000 ඉක්මවයි.
  •  මෙම වසරේ ගතවූ පළමු මාස පහ තුළ පමණක් වාහන ආනයනයෙන් රුපියල් බිලියන 136ක ආදායමක් ලබාගෙන ඇති බවය මහා භාණ්ඩාගාරය පවසයි.
  • සෙනෙවිරත්න පැවසුවේ වාහන ආනයනයෙන් රජය අපේක්ෂා කළ රුපියල් බිලියන 450ක ආදායම වසර අවසානය වනවිට සපුරා ගැනීමට හැකිවනු ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


පෞද්ගලික ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කෙරෙන වාහන නැවත ආනයනය කිරීමට 2025 පෙබරවාරි මස 1 වන දා සිට අවසර ලැබිණි.

ඒ අනුව කාර්, වෑන් ආදී මෝටර් වාහන, පොදු ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා බස් රථ, භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා මෝටර් වාහන, විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා රථ, ත්‍රී රෝද රථ, යතුරු පැදි සහ අනෙකුත් මෝටර් එන්ජින් භාවිත නොවන වාහන ආනයනය කිරීමට 2421/44 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් අවසර ලැබිණි.

ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු ලියාපදංචි කළ වාහන ගණන 62,000 ඉක්මවයි


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව පෙබරවාරි, මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාස තුළ අලුතින් ලියාපදිංචි කර ඇති මෝටර් රථ ගණන 62,000 ඉක්මවයි.

 මෙම වසරේ ගතවූ පළමු මාස පහ තුළ පමණක් වාහන ආනයනයෙන් රුපියල් බිලියන 136ක ආදායමක් ලබාගෙන ඇති බවය මහා භාණ්ඩාගාරය පවසයි.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට පැමිණි මහ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය මහලේකම් ඒ.කේ. සෙනෙවිරත්න පැවසුවේ වාහන ආනයනයෙන් රජය අපේක්ෂා කළ රුපියල් බිලියන 450ක ආදායම වසර අවසානය වනවිට සපුරා ගැනීමට හැකිවනු ඇති බවයි.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා ඒ සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රශ්න කළ අතර රේගු අධ්‍යක්ෂ තිලක් පඥ්ඥාරත්න ද ඊට පිළිතුරු ලබා දුන්නේය.



වාහන ආනයනයට පනවා ඇති බදු අඩු කිරීමට නොහැකි දැයි මෙහිදී ප්‍රශ්න කෙරින.

මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ.කේ. සෙනෙවිරත්න ද මෙහිදී අදහස් පළ කළේය.



(මුලාශ්‍ර | nethnews.lk + BBC)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...