The Leader News
BREAKING
Top Ad
Biz

ප්‍රතිපත්ති පොලී අනුපාතිකයන්ට අදාළ නිවේදනයක්

T

The Leader Desk

January 25, 2023 • 10:59 AM

ප්‍රතිපත්ති පොලී අනුපාතිකයන්ට අදාළ නිවේදනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙළඳපොළ පොලී අනුපාත තීරණය කරන ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (24) පැවති රැස්වීමේදී තීරණය කර තිබේ.
  • මහ බැංකුව බැංකු සඳහා ණය සැපයීමේදී අයකරනු ලබන පොලී අනුපාතිකය හෙවත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 15.5 %ක් ලෙසත් තවදුරටත් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ය.
  • ''පොලී අනුපාත වැඩි කිරීම ඉතාම අසාධාරණයි '' - හිටපු මුදල් ඇමති රවී K  රටේ පොලී අනුපාත වැඩි කිරීම ඉතාම අසාධාරණ බව හිටපු මුදල් අමාත්‍යවරයකු වන රවී කරුණානායක පවසයි.
  • එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක එබව කියා සිටියේ, ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ රජමල් වත්තේ පිහිටි සිය නිවසේ දී පසුගිය 21දා  පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව, බැංකු මහ බැංකුවේ කරනු ලබන තැන්පතු සඳහා කරනු ලබන පොලිය හෙවත් නිත්‍ය තැන්පතු අනුපාතිකය 14.5% ක් ලෙස තවදුරටත් පවතිනු ඇත.

මහ බැංකුව බැංකු සඳහා ණය සැපයීමේදී අයකරනු ලබන පොලී අනුපාතිකය හෙවත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 15.5 %ක් ලෙසත් තවදුරටත් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ය.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් තවදුරටත් මෙවැනි ඉහළ පොලී අනුපාතිකයක් පවත්වාගැනීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.


''පොලී අනුපාත වැඩි කිරීම ඉතාම අසාධාරණයි '' - හිටපු මුදල් ඇමති රවී K 


රටේ පොලී අනුපාත වැඩි කිරීම ඉතාම අසාධාරණ බව හිටපු මුදල් අමාත්‍යවරයකු වන රවී කරුණානායක පවසයි.

රට බංකොලොත් වුණේ ආණ්ඩු නිසා නොව ශ්‍රී ලංකා මහා බැංකුව සහ එහි නිලධාරීන්ගේ ක්‍රියා කලාපය නිසා යැයි ද ඔහු අවධාරණය කර සිටියි.

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක එබව කියා සිටියේ, ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ රජමල් වත්තේ පිහිටි සිය නිවසේ දී පසුගිය 21දා  පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දීය.

''රටේ පොලී අනුපාත වැඩි කිරීම ඉතාම අසාධාරණයි. ශ්‍රී ලංකා මහා බැංකුව ක්‍රියා කරන්නේ ලෙඩා මළත් බඩ සුද්දයි යන න්‍යායට අනුවයි. ඇඟිල්ලක් කපා ලෙඩා බේරා ගැනීමට හැකියාව තිබිය දී ලෙඩාගේ බෙල්ලම කපා දැමීම හරිද..? මීට මාස හයකට පෙර 12%ත් 17ත් අතර පැවැති බැංකු පොලී අනුපාතය අද 30% ඉක්මවා ගොස් තිබෙනවා. නමුත් මිනිස්සුන්ගේ වැටුප් ඊට සාපේක්ෂව වැඩි වී නැහැ. මේ තත්ත්වය මිනිස්සු දරා ගන්නේ කෙසේද..? මහා බැංකුවේ නිලධාරීන්ට මේ යථාර්ථය ගැන අවබෝධයක් ඇත්තේ නැහැ. අහිංසක පවුල් ජීවත් වන්නේ කෙසේද..? ඊට උත්තරයක් අවශ්‍යයි. '' යයි ද ඔහු සඳහන් කළේය.


සබැඳි පුවත් :

රවී මහ බැංකුවට දෙහිකපයි !


JW


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...