The Leader News
BREAKING
Top Ad
Biz

නව ආදායම් බද්ද අධිකරණ විනිසුරුවරුන්ට අදාළ නැද්ද?

T

The Leader Desk

January 26, 2023 • 5:19 PM

නව ආදායම් බද්ද අධිකරණ විනිසුරුවරුන්ට අදාළ නැද්ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නව ආදායම් බද්ද අධිකරණ විනිසුරුවරුන්ට අදාළ නොවෙයි ද යන්න සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්ව තිබුණේ,
  • 2023 ජනවාරි 25 දින නිකුත් කරන ලද එහි ලිපියේ ශීර්ෂයේ දක්වා තිබුණේ 'අත්තිකාරම් පුද්ගල අදායම් බද්ද වැටුපෙන් අයකර ගැනීම' යනුවෙනි.
  • ඒ අනුව අධිකරණය ලබා දී ඇති අතුරු තහනම් නියෝගයට අනුව මෙහිදී කටයුතු කර ඇති බව හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.
  • ජනවාරි 25 වන දින ශ්‍රී ලංකා දිස්ත්‍රික් විනිසුරුවරුන්ගේ හා මහෙස්ත්‍රාත්වරුන්ගේ සංගමය විසින් ගොනු කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය විසින් විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයනවිට ගෙවීමේ බද්ධ අඩු කරගැනීම වළක්වාලමින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යටතේ වන ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම හේතුවෙනි.

2023 ජනවාරි 25 දින නිකුත් කරන ලද එහි ලිපියේ ශීර්ෂයේ දක්වා තිබුණේ 'අත්තිකාරම් පුද්ගල අදායම් බද්ද වැටුපෙන් අයකර ගැනීම' යනුවෙනි.

අමාත්‍යාංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය විසින් සියලුම කලාප ගණකාධිකාරිවරුන් හා රෙජිස්ට්‍රාර්වරුන් වෙත එම ලිපියෙන් දන්වා තිබුණේ, 2023 ජනවාරි මස අධිකරණ විනිසුරුවරුන්ගේ වැටුපෙන් අය කරන ලද අත්තිකාරම් පුද්ගල ආදායම් බදු සඳහා වන චෙක්පත දේශීය අදායම් දෙපාර්තමේන්තුව වෙත බැර කිරීම තාවකාලිකව නතර කරන ලෙසය.


අධිකරණයේ අතුරු තහනම් නියෝගය

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසිමකට පිළිතුරු ලබාදෙමින් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසුවේ අධිකරණ විනිසුරුවරුන් සඳහා බදු අය කිරීම සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් ලබාදී ඇති බැවින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි. ඒ අනුව අධිකරණය ලබා දී ඇති අතුරු තහනම් නියෝගයට අනුව මෙහිදී කටයුතු කර ඇති බව හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

ජනවාරි 25 වන දින ශ්‍රී ලංකා දිස්ත්‍රික් විනිසුරුවරුන්ගේ හා මහෙස්ත්‍රාත්වරුන්ගේ සංගමය විසින් ගොනු කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය විසින් විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයනවිට ගෙවීමේ බද්ධ අඩු කරගැනීම වළක්වාලමින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.


නව බදු ප්‍රතිපත්තිය

රුපියල් ලක්ෂයට වඩා වැඩි මාසික ආදයම් ලබන පුද්ගලයින්ගේ ආදායම මත බදු අය කෙරෙන දේශීය ආදායම් (සංශෝධන) පනත අනුව බදු ගණනය කිරීම්, 2023 ජනවාරි මස 1 වන දා සිට ක්‍රියාත්මකය.

zxdgsdfg

පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වූ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන දෙසැම්බර් 19 වන දා සිය සහතිකය සටහන් කළේ ය.

මේ වන විට මෙම බදු සංශෝධන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව බොහෝ දෙනෙකුට නිසි අවබෝධයක් නැතිබව සමාජ මාධ්‍යවල පළවන ඇතැම් අදහස්වලින් පෙනී යයි.

dfsfe4

මෙම ගැටලු සම්බන්ධයෙන් පිළිතුරු ලබා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පාරිභෝගික සේවා නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් එස්. එස්. ඩී.  වීරසේකරගෙන් බීබීසී සිංහල‌ සේවය අදහස් විමසීය.


ආදායම් බදු ප්‍රතිශතය

මෙම පනත යටතේ රුපියල් ලක්ෂයට වැඩි මාසික ආදයම මත 36% දක්වා බදු අය කිරීම 2023 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වනු ඇත. මාසික ආදායම රුපියල් ලක්ෂය දක්වා වන තැනැත්තන් බද්දෙන් නිදහස්කර තිබේ.

මාසික අදායම රුපියල් ලක්ෂය ඉක්මන විට, ඉක්මවන අදායම මත 6% සිට 36% දක්වා ආදායම් කාණ්ඩ සයක් යටතේ බදු අය කෙරෙනු ඇත.

ඒ අනුව මසකට රුපියල් 350 000ක ආදයමක් ලබන අයෙකු මසකට ගෙවිය යුතු බදු මුදල රුපියල් 52 500කි.


විදෙස්ගත ශ්‍රමිකයින් සම්ප්‍රේෂණය කරන මුදල්වලට බදු අය කෙරෙනවා ද?

විදෙස්ගත ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට සම්ප්‍රේෂණය කරන මුදල් සඳහා බදු අයකිරීමක් සිදු නොවන බව ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

"විදෙස්ගත ශ්‍රමිකයින්ගේ මුදල් බදුවලින් නිදහස් කරලා තියෙන්නේ. ඒ මුදල් බැංකු ගිණුමක බදුවලින් තොරව තැන්පත් කරන්න පුළුවන්. හැබැයි ඒ මුදල්වලට ලැබෙන පොළිය රුපියල් ලක්ෂයට වඩා වැඩි නම් ඒ මුදලට බද්ද අදාළ වෙනවා," ඔහු පැවසීය.

ඒ අනුව, බැංකු ගිණුම්වල තැන්පත් මුදල්වලට ලැබෙන පොළී මුදල රු. 100 000 ඉක්මවන්නේ නම් නව බදු ක්‍රමයට හසුවෙයි.



ණය වාරික හෝ කල්බදු වාරික ගෙවන්නන්ට සහනයක් තිබේ ද?

මෙම නව බදු සංශෝධනය අනුව රු. 350 000ක ආදායමක් ලබන්නන් බදු වශයෙන් රු. 52 500ක මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු ය.

යම් පුද්ගලයෙකු බැංකු ණය වාරික හෝ කල්බදු වාරික ගෙවන්නේ නම් තවත් විශාල මුදලක් ආදායම් බදු වශයෙන් ගෙවන්නේ කෙසේදැ යි ඇතැමෙකු නගන ප්‍රශ්නයකි.

කෙසේ වෙතත්, ඔවුන් ද අදාළ බදු මුදල් ගෙවිය යුතු බව නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.

"සියලු දෙනාටම බදු මුදල් ගෙවන්නම වෙනවා. සේවා නියුක්තිකයෙකු නම් ඔහුගේ හෝ ඇයගේ බදු මුදල් සේවා යෝජකයා විසින් ගෙවනු ලබනවා. ඔහුට හෝ ඇයට ආපසු ගෙවීමක් හරහා තමයි තමන් ගෙවූ බදු මුදල් නිදහස්කර ගන්න වෙන්නේ."

ඒ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ‌ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකයක් (Tax Identification Number) ලබාගත යුතු බව ඔහු පැවසීය.

"TIN අංකය ලබා ගත්තාම වසරකට වතාවක් සාධාරණ හේතු තියෙනවා නම් බදුවලින් යම් සහනයක් ලබාගන්න පුළුවන්."

එම අංකය ලබා ගැනීම සඳහා වන උපදෙස් මෙම සබැඳියෙන් දැනගත හැකි ය.


ටියුෂන් ගුරුවරුන් සහ පෞද්ගලික සේවා සපයන වෛද්‍යවරුන්ටත් බදු

මෙම බදු සංශෝධනය යටතට ටියුෂන් ගුරුවරුන්, පෞද්ගලික සේවා සපයන වෛද්‍යවරුන් ඇතුළු පෞද්ගලික සේවා සපයන්නන් ද ඇතුළත් කර ඇතැයි පාරිභෝගික සේවා නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් වීරසේකර පැවසීය.

ඔවුන් නිකුත් කරන රිසිට් පත් හරහා ආදායම ගණනයකර, එම ආදායම් අනුව බදු මුදල් ගෙවිය යුතු බව ඔහු සඳහන් කළේ ය.


බදු වැඩිවෙන්නේ කොහොම ද?

zxcfvsdf

ගැසට් නිවේදනයට අනුව මාසික ආදායම රුපියල් ලක්ෂය හෝ ඊට වඩා වැඩි පුද්ගලයන්ගෙන් ආදායම් බද්දක් අය කරනු ලැබේ.

කාණ්ඩ සයක් යටතේ බදු අයකෙරෙන අතර 06%, 12%, 18%, 24%, 30%, 36% ලෙස, ආදායම අනුව බදු ප්‍රතිශත ඉහළ දැමෙනු ඇත.

2022 ඔක්තෝබර් 01 වන දා සිට 2023 මාර්තු 31 දක්වා තක්සේරු වර්ෂයේ ඉතිරි මාස හයේ ආදායම රුපියල් ලක්ෂ හයක් හෝ ඊට අඩු නම්, එම පුද්ගලයින් ආදායම් බදුවලින් නිදහස් වෙයි.

එම දෙවන මාස හයේ ආදායම රුපියල් ලක්ෂ හයේ සීමාව ඉක්මවන්නේ නම්, එහිදී වැඩි වන පළමු රුපියල් 250 000 සඳහා 6%ක බදු මුදලක් අය කිරීමට යෝජිත ය.

දෙවන මාස හයේ මුල් රුපියල් ලක්ෂ හය හැර එතැන් සිට රුපියල් 250 001 සිට රුපියල් ලක්ෂ පහ අතර ආදායම පවතින පුද්ගලයෙකුගෙන් 12%ක් ද, මුල් ලක්ෂ පහ සීමාව ඉක්මවා රුපියල් ලක්ෂ හතහමාරක් දක්වා 18%ක ආදායම් බද්දක් ද අයකර ගැනීමට යෝජනාකර ඇත.

රුපියල් 750 001ත් රුපියල් මිලියනයත් අතර ආදායම පවතින පුද්ගලයෙකු 24%ක් ද, රුපියල් මිලියනයට වැඩි මිලියන 1.2ක් උපයන පුද්ගලයින්ගෙන් 30%ක ආදායම් බද්දක් සහ රුපියල් මිලියන 1.2කට වැඩි ආදායමක් ලබන පුද්ගලයෙකුගෙන් 36%ක ආදායම් බදු ලෙස අය කරගැනීමට යෝජිත ය.

2023 අප්‍රේල් 01 වනදා සිට ඉදිරි වර්ෂයක් සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත දේශීය ආදායම් බදු නීතිය අනුව වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12ක් වන පුද්ගලයෙකුගෙන් ආදායම් බදු අයකිරීමක් සිදු නොවේ.

එතැන් සිට උපයන අතිරික්ත රුපියල් ලක්ෂ පහ සඳහා 6%ක බදු මුදලක් අය කෙරේ.

මුල් ලක්ෂ 12 හැර රුපියල් ලක්ෂ පහේ සිට රුපියල් ලක්ෂ 10 දක්වා උපයන පුද්ගලයෙකුගෙන් 12%ක් ද අය කෙරේ.

මුල් ලක්ෂ 12 හැර රුපියල් ලක්ෂ 10 සිට රුපියල් ලක්ෂ 15 දක්වා වාර්ෂිකව ආදායම උපයන පුද්ගලයෙකුගෙන් 18%ක් බදු වශයෙන් අයකර ගැනීමට යෝජිත ය.

මුල් ලක්ෂ 12 හැර රුපියල් ලක්ෂ 15 සිට රුපියල් ලක්ෂ 20 දක්වා වාර්ෂිකව ආදායම් ලබන පුද්ගලයෙකුගෙන් 24%ක්, මුල් ලක්ෂ 12 හැර රුපියල් ලක්ෂ 20 සිට රුපියල් ලක්ෂ 25 දක්වා වාර්ෂිකව උපයන පුද්ගලයෙකුගෙන් 30%ක් හා, මුල් ලක්ෂ 12 හැර ආදයම රුපියල් ලක්ෂ 25 ඉක්මවන පුද්ගලයෙකුගෙන් 36%ක ආදායම් බද්දක් අයකර ගැනීමට යෝජිත ය.

මෙම ආදායම් පනත් සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිත අතර, එහිදී ද සංශෝධන එකතු විය හැකි බැවින් මෙම ප්‍රතිශතයන් වෙනස්විය හැකි බවට ආදායම් බදු විශේෂඥයින් පවසයි.

දැනට පවතින දේශීය ආදායම් පනත අනුව වාර්ෂික පුද්ගල ආදායම රුපියල් ලක්ෂ 30 (මාසික ආදායම රුපියල් 250 000) ඉක්මවන සෑම පුද්ගලයෙකුගෙන් රජය ආදායම් බදු අයකරගනු ලබයි.

නව කෙටුම්පතට අනුව යෝජනා කර ඇත්තේ මේ වසරේ ඔක්තෝබර් පළමුවන දා සිට ලබන වසරේ මාර්තු 31 වනදා දක්වා මාස හය තුළ ආදායම රුපියල් ලක්ෂ හය ඉක්මවන සෑම පුද්ගලයෙකුගෙන්ම ආදායම් බදු අයකර ගැනීමටත්, ලබන වසරේ සිට වාර්ෂික ආදායම වාර්ෂික පුද්ගල ආදායම රුපියල් ලක්ෂ 12 (මාසික ආදායම රුපියල් 100 000) ඉක්මවන සෑම පුද්ගලයෙකුගෙන් රජය ආදායම් බදු අයකර ගනු ලබයි.

ඉදිරි කාලය තුළ මෙතෙක් ලබා දී තිබූ වසරකට රුපියල් මිලියන 1.2ක් වූ වියදම් සහන ද ඉවත් කිරීමට පනත යෝජනා කර ඇත.

මෙයට අමතරව සම්මත ආයතනික ආදායම් බදු අනුපාතය ඔක්තෝබර් මස පළමු වන දා සිට 30% දක්වා ඉහළ නංවනු ඇත. මෙතෙක් සහනදායී බදු අනුපාත භුක්ති විඳි අපනයන, වැවිලි, සෞඛ්‍ය සේවා සහ සංචාරක සහ තොරතුරු තාක්ෂණ වැනි අංශවලටත්, මෙතැන් පටන් ආයතනික ආදායම් බදු අනුපාතය වූ 30%ක සම්මත ආයතනික බදු අනුපාතය ගෙවීමට සිදුවනු ඇත.


(BBC සිංහල සේවය)
 

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...