The Leader News
BREAKING
Top Ad
Biz

සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී ධුරය කාන්තාවකට‍

T

The Leader Desk

April 11, 2023 • 5:32 PM

සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී ධුරය කාන්තාවකට‍

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සොෆ්ට්ලොජික් කැපිටල් PLC සමුහයට අනුබද්ධිත සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් PLC සමාගමේ
  • ඒ අනුව 2023 මාර්තු 27 වන දින සිට බලපැවෙත්වෙන පරිදි එම ධුරයට ඉවෝන් බ්‍රෝහියර් පත්කර ඇත.
  • අවුරුදු 15කට අධික පළපුරුද්දක් ඇති ඇය 2020 වර්ෂයේදී සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් සමාගමේ ප්‍රධාන මුල්‍ය නිලධාරිනිය ලෙස කටයුතු කිරීමට පෙර, ශ්‍රී ලංකාවේ කීර්තිමත් මූල්‍ය ආයතන කිහිපයක නායකත්ව භූමිකාවන්හි කීර්තිමත් වෘත්තීයභාවයක් හෙබවූ  නිලධාරිනියකි.
  • 2011 අංක 42 දරන මුල්‍ය ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ලියාපදිංචි මුල්‍ය සමාගමක්වන සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී, 2000 අංක 56 දරන මුල්‍ය කල්බදු පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී විශේෂඥ කල්බදු සමාගමකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රධාන විධායක නිලධාරී ධුරය සඳහා එම සමාගම් ඉතිහාසයේ පළමුවරට කාන්තාවක් පත් කළ බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව 2023 මාර්තු 27 වන දින සිට බලපැවෙත්වෙන පරිදි එම ධුරයට ඉවෝන් බ්‍රෝහියර් පත්කර ඇත.

අවුරුදු 15කට අධික පළපුරුද්දක් ඇති ඇය 2020 වර්ෂයේදී සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් සමාගමේ ප්‍රධාන මුල්‍ය නිලධාරිනිය ලෙස කටයුතු කිරීමට පෙර, ශ්‍රී ලංකාවේ කීර්තිමත් මූල්‍ය ආයතන කිහිපයක නායකත්ව භූමිකාවන්හි කීර්තිමත් වෘත්තීයභාවයක් හෙබවූ  නිලධාරිනියකි. ඇය අබාන්ස් ෆයිනෑන්ස් සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරිනිය සහ ප්‍රධාන මුල්‍ය නිලධාරිනිය ලෙසත් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ මුල්‍ය වාර්තාකරණ සහ පාලන අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනිය ලෙසත් AMW කැපිටල් ලීසිං සහ ෆයිනෑන්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ මූල්‍ය කළමනාකාරිනිය ලෙසත් කටයුතුකර ඇත.

ඉවෝන් බ්‍රෝහියර්, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සහ ශ්‍රී ලංකාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (CMA) යාවජීව සාමාජිකාවකවන අතර කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධියකට සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ BSc උපාධියකටද හිමිකම් කියයි.

2011 අංක 42 දරන මුල්‍ය ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ලියාපදිංචි මුල්‍ය සමාගමක්වන සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී, 2000 අංක 56 දරන මුල්‍ය කල්බදු පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී විශේෂඥ කල්බදු සමාගමකි.

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී ධුරය කාන්තාවකට‍ | The Leader