The Leader News
BREAKING
Top Ad
Biz

ආසිරි පෝට් සිටි හොස්පිටල් ළඟදීම

T

The Leader Desk

April 18, 2023 • 4:03 AM

ආසිරි පෝට් සිටි හොස්පිටල් ළඟදීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන 'ආසිරි පෝට් සිටි හොස්පිටල් (පුද්) සමාගම' විසින් කොළඹ වරාය නගරය තුළ රෝහලක් ඉදිකිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා කොළඹ වරාය නගර
  • කොළඹ වරාය නගරය තුළ හඳුනාගෙන ඇති ප්‍රධාන උපායමාර්ගික සහ මහා පරිමාණ සමාජ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති හතරෙහි එකක් ලෙසින් රෝහලක් ස්ථාපනය කිරීම සඳහා මෙම ගිවිසුම්ගත වීම සිදුවී තිබේ.
  • ඒ අනුව පෝට් සිටි පරිශ්‍රය තුළ රෝහල් සඳහා වෙන් කර ඇති භූමිය වෙනුවෙන් වසර 99ක බදු ගිවිසුමකට එළඹිම සිදුවනු ඇත.
  • Softlogic සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සමාගමක් වන Asiri Hospital Holding PLC යනු ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික සෞඛ්‍ය සේවා සැපයුම්කරුවායි.
අකුරු ප්‍රමාණය (Font Size):

ආර්ථික කොමිෂන් සභාව සමඟ බදු ගිවිසුමකට එළඹ ඇති බව නිවේදනය කර සිටී.

කොළඹ වරාය නගරය තුළ හඳුනාගෙන ඇති ප්‍රධාන උපායමාර්ගික සහ මහා පරිමාණ සමාජ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති හතරෙහි එකක් ලෙසින් රෝහලක් ස්ථාපනය කිරීම සඳහා මෙම ගිවිසුම්ගත වීම සිදුවී තිබේ. ඒ අනුව පෝට් සිටි පරිශ්‍රය තුළ රෝහල් සඳහා වෙන් කර ඇති භූමිය වෙනුවෙන් වසර 99ක බදු ගිවිසුමකට එළඹිම සිදුවනු ඇත.

Softlogic සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සමාගමක් වන Asiri Hospital Holding PLC යනු ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික සෞඛ්‍ය සේවා සැපයුම්කරුවායි. දිවයින පුරා රෝහල් 11ක් ආසිරි සමූහය යටතේ ක්‍රියාත්මක අතර එහි සමස්ත ඇඳන් ධාරිතාවය 800 ඉක්මවා තිබේ.

ආසිරි රෝහල් සමූහයේ මෙම නව මුලපිරීම වෛද්‍ය සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සහ ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා රට ගෙන යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Softlogic සමූහයේ නිර්මාතෘ සහ සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ අශෝක් පතිරගේ පවසයි.

Asiri Port City Hospital (Pvt) Ltd දේශීය වෙළෙඳපොළට පිවිසෙන විශේෂඥතාව සහ ජාත්‍යන්තර සහයෝගීතාවයේ සංකලනය මගින් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නව තලයකට ගෙන ඒමටත්, ආසියාවේ වෛද්‍ය සංචාරක ගමනාන්තය බවට පත් කිරීමටත් අපේක්ෂා කරනු ලබන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.

(adaderana.lk)

WhatsApp Image 2023 04 18 at 8.51.48 AM

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...