The Leader News
BREAKING
Top Ad
Biz

පළමුවරට ඇමෙරිකාවේ මූල්‍ය ආයතනයකට මෙරටින් නියෝගයක් !

T

The Leader Desk

April 20, 2023 • 5:07 AM

පළමුවරට ඇමෙරිකාවේ මූල්‍ය ආයතනයකට මෙරටින් නියෝගයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට ලියාපදිංචි කරන ලද පෞද්ගලික සමාගමක් මඟින් ඇමෙරිකානු ඩොලර් කෝටි 10කට අධික මුදලක් නීති විරෝධී අන්දමින් පිරමීඩාකාර ගනුදෙනුවල
  •   ඒ අනුව මෙලෙස අත්හිටුවූ ගිණුම් අට වන්නේ, ඔන්මැක්ස් ඩීටී පුද්ගලික සමාගම (ශ්‍රී ලංකාව), ඔන්මැක්ස්  පී.ටී.වයි.එල්.ටී.ඩී.
  • සමාගම (ඔස්ට්‍රේලියාව), ශ්‍රී ලාංකිකයින් වන ධනංජය ගයාන්, සම්පත් සඳරුවන් ලේනදූවගේ, සාරංග රන්දික ජයතිස්ස (ගිණුම් දෙකක්), වික්‍රමපේලි ගෙදර චන්ද්‍රකාන්ති සහ කහදව ආරච්චිගේ අතුල ඉන්දික සම්පත් යන අයවලුන්ගේ නමින් පිහිටුවා ඇති ගිණුම්ය.
  •   මෙම ඔන්මැක්ස් පුද්ගලික සමාගමේ ගිණුම් දෙකක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):

යෙදවූයේ යැයි කියන ‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ මුදල් තැන්පත් කර ඇති ඇමෙරිකාවේ පිහිටි මූල්‍ය සමාගමක ගිණුම් 08ක් මාස හයකට වහාම අත්හිටුවන ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්, ඇමෙරිකාවේ ‘බයිනෑන්ස් ඩොට්කොම්’ (Binance.com) මූල්‍ය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට ඊයේ (19) නියෝගයක් නිකුත් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂවරයා සඳහන් කළ අන්දමට ඇමෙරිකාවේ මූල්‍ය ආයතනයකට මෙරටින් නියෝගයක් නිකුත් කළ පළමු අවස්ථාව මෙය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී අධිකරණයට දැනුම් දුන්නේය.

ඇමෙරිකාවේ ‘බයිනෑන්ස් ඩොට්කොම්’ මුල්‍ය සමාගමේ ගිණුම් අටක අත්‍යන්ත මුදල් වශයෙන් රුපියල් කෝටි 43කට අධික මුදලක් තැන්පත් වී ඇති බවට මෙම විමර්ශනයේ දී හෙළිවූ අතර, ඒ අනුව එම ගිණුම් අටේ ගනුදෙනු ඊයේ (19) සිට මාස හයක කාලයක් අත්හිටුවීම සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.

 

ඒ අනුව මෙලෙස අත්හිටුවූ ගිණුම් අට වන්නේ, ඔන්මැක්ස් ඩීටී පුද්ගලික සමාගම (ශ්‍රී ලංකාව), ඔන්මැක්ස්  පී.ටී.වයි.එල්.ටී.ඩී. සමාගම (ඔස්ට්‍රේලියාව), ශ්‍රී ලාංකිකයින් වන ධනංජය ගයාන්, සම්පත් සඳරුවන් ලේනදූවගේ, සාරංග රන්දික ජයතිස්ස (ගිණුම් දෙකක්), වික්‍රමපේලි ගෙදර චන්ද්‍රකාන්ති සහ කහදව ආරච්චිගේ අතුල ඉන්දික සම්පත් යන අයවලුන්ගේ නමින් පිහිටුවා ඇති ගිණුම්ය.

 

මෙම ගිණුම් හිමි අය අතර, මෙරට පිහිටි ‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් සිවු දෙනකු වන සම්පත් සඳරුවන්, කහදව ආරච්චිගේ අතුල ඉන්දික සම්පත්, සාරංග රන්දික ජයතිස්ස සහ ධනංජය ගයාන් යන අයවලුන් ද ඇතුළත් වන අතර, එම පුද්ගලයන් සිවු දෙනා ඇතුළු එම සමාගමේ අධ්‍යක්ෂවරුන් හය දෙනකුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද අධිකරණයෙන් ඉකුත්දා නිකුත් කෙරිණි.

 

මෙම ඔන්මැක්ස් පුද්ගලික සමාගමේ ගිණුම් දෙකක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.


එම ගිණුම් සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලීම සඳහා එම පුද්ගලයන් දෙදෙනාගේ ජංගම දුරකතන, පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ඉදිරිපත් කිරීම සඳහා නියෝගයක් ලබා දෙන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීය. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය දුන්නේය.

‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගම මෙරට ගනුදෙනු සඳහා යොදා ගත් ලංකා බැංකුව, සෙන්ට්‍රල් ෆිනෑන්ස්, නේෂන් ට්‍රස්ට්, සෙලාන් බැංකුව සහ පීපල්ස් ට්‍රස්ට් යන බැංකු හා මුල්‍යායතනවල අදාළ සමාගම නමින් තිබූ බැංකු ගිණුම් 57ක් ද අත්හිටුවීමට ඉකුත් 28 වැනිදා අධිකරණයෙන් නියෝග නිකුත් කෙරිණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසිනි.
 
 
‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගම ලෙසින් සමාගමක් ලියාපදිංචි කරමින් එම සමාගම හරහා නීතිවිරෝධී පිරමීඩාකාර ගනුදෙනු කරමින් අතත්‍ය මුදල් වොලට්ටුවල (Crypto Currency Wallent) ඇමරිකානු ඩොලර් කෝටි 10කට අධික මුදලක් ගනුදෙනු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබිණි.
 
 
බැංකු පනතේ 83 අ (1) වගන්තියට අනුව සහ 2011 අංක 40 දරන පනතේ 2006 අංක 5 මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 3 වන වගන්තියට අනුව මෙම අයවලුන් සිදුකර ඇත්තේ දඬුවම් ලැබිය හැකි වරදක් බවට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය වාණිජ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් සැරයන් (14719) ප්‍රියන්ත, පොලිස් කොස්තාපල් (31223) අනුරාධ යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.

(lankadeepa.lk)
 

JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පළමුවරට ඇමෙරිකාවේ මූල්‍ය ආයතනයකට මෙරටින් නියෝගයක් ! | The Leader