The Leader News
BREAKING
Top Ad
Biz

පීපල්ස් ලීසිං සන්නාම තානාපතිවරුන් ලෙස ධනංජය සහ කමිඳු පත්කෙරේ

T

The Leader Desk

May 26, 2023 • 10:53 AM

පීපල්ස් ලීසිං සන්නාම තානාපතිවරුන් ලෙස ධනංජය සහ කමිඳු පත්කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ මුල්‍ය සේවා සැපයුම්කරුවෙකු වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ සන්නාම තානාපතිවරුන් ලෙස මෙරට ජනප්‍රිය සහ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් පත්කර තිබෙනවා.
  •   පීපල්ස් ලීසිං සමාගම බංගලාදේශයේ විදේශ ව්‍යාපාරයක් ඇතුළුව අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් හරහා විවිධාංගීකරණය වූ බැංකු නොවන මුල්‍ය බලවතෙක් බවට වර්ධනය වී තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඒ සමාගමෙහි සේවාවන් පුළුල් පිරිසක් වෙත ප්‍රවර්ධනය කිරීම සහ එහි ඉදිරි පැවැත්ම ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින්. 
 
එලෙස ගිවිසුම් ගතවීම පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමෙහි ප්‍රධාන ශාඛාවේ දී පසුගියදා සිදුකෙරුණු අතර මෙම අවස්ථාව සඳහා එම සමාගමෙ හි සභාපති ප්‍රදීප් අමිර්තනායගම්, සාමාන්‍යධිකාරී සහ ප්‍රධාන විධායක නිලධාරී ශමින්ද්‍ර මර්සිලින් සහ සමාගමෙ හි තවත් විධායක නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. 
 
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ එක්දින සහ ටෙස්ට් උප නායකයෙකු ලෙස කටයුතු කරන දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා ආක්‍රමණශීලි පිතිකරණය සහ ප්‍රබල දඟපන්දු යැවීම සඳහා ප්‍රසිද්ධියට පත්ව ඇති අතර මෑත කාලීනව කණ්ඩායමේ සාර්ථකත්වය වෙනුවෙන් අතිශයින් වැදගත් වූ ක්‍රීඩකයෙක් වුණා.
 
එසේම සුවිශේෂී පන්දු යවන්නෙකු ලෙස තමාටම අවේණික නමක් දිනාගත් එකම ඕවරයක දී වමතින් සහ දකුණතින් පන්දු යැවීමේ සුවිශේෂී හැකියාවක් සහිත කමිඳු මෙන්ඩිස් පන්දු යැවීම වෙනුවෙන් ජාතික කණ්ඩායමට නවතම බලාපොරොත්තුවක් එක්කරනවා. 
 
පීපල්ස් ලීසිං සමගම මෙරට ප්‍රමුඛ පෙලේ බැංකු නොවන මුල්‍ය ආයතනයක් වන අතර මෙරට විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත ආයතනයක්. වර්ෂ 1996 දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළෙඳපොල හි ලැයිස්තුගත වුණා.
 
පීපල්ස් ලීසිං සමාගම බංගලාදේශයේ විදේශ ව්‍යාපාරයක් ඇතුළුව අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් හරහා විවිධාංගීකරණය වූ බැංකු නොවන මුල්‍ය බලවතෙක් බවට වර්ධනය වී තිබෙනවා.
 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...