The Leader News
BREAKING
Top Ad
Biz

දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණය යනු කුමක් ද?

T

The Leader Desk

June 28, 2023 • 6:57 AM

දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණය යනු කුමක් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දින 05ක බැංකු නිවාඩුවක් ද සමගින්, දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණය කිරීමේ ක්‍රියාවලිය මේ සතිය තුළ ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වෙයි.
  • අනතුරුව ණය ප්‍රතිව්‍යුගතකරණ යෝජනාවලිය ජුනි 29, 30 යන දිනවල පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කිරීමටත් ලබන 01 වැනිදා සහ 02 වැනිදා ඒ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමටත් නියමිතය.
  • වසර පහක කාලයක් තුළ ඩොලර් බිලියන 41.5ක මුළු විදේශ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 17ක් ප්‍රතිව්‍යුහගත කිරීමට රජය අපේක්ෂා කරන බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමද ඒ අනුව සිදුකළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
  • මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ බීබීසි සිංහල වෙත අදහස් දක්වමින් කියා සිටියේ; "මේ රටේ බැංකු පද්ධතියට සහ මේ රටේ මුල්‍ය පද්ධතියට හානියක් නොවන්න, ස්ථාවරත්වය ආරක්ෂා කරන්න තීන්දුවක් ගන්නා" බවයි ඒ පිළිබඳ රජය පොරොන්දුවක් ලබා දී ඇති බවද ඔහු පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙමගින් බැංකුවල තැන්පත්කරුවන්ට සහ විශ්‍රාමිකයින්ගේ අරමුදල්වලට බලපෑමක් වෙතැයි ඇතැම් පාර්ශව බිය පළ කරයි.

දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණ යෝජනාවලිය අද (ජුනි 28 වැනිදා) විශේෂ කැබිනට් රැස්වීමකට ඉදිරිපත් කර ඊට අනුමැතිය ලබා ගැනීමට රජය අදහස් කරයි.

අනතුරුව ණය ප්‍රතිව්‍යුගතකරණ යෝජනාවලිය ජුනි 29, 30 යන දිනවල පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කිරීමටත් ලබන 01 වැනිදා සහ 02 වැනිදා ඒ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමටත් නියමිතය.

වසර පහක කාලයක් තුළ ඩොලර් බිලියන 41.5ක මුළු විදේශ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 17ක් ප්‍රතිව්‍යුහගත කිරීමට රජය අපේක්ෂා කරන බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමද ඒ අනුව සිදුකළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ බීබීසි සිංහල වෙත අදහස් දක්වමින් කියා සිටියේ; "මේ රටේ බැංකු පද්ධතියට සහ මේ රටේ මුල්‍ය පද්ධතියට හානියක් නොවන්න, ස්ථාවරත්වය ආරක්ෂා කරන්න තීන්දුවක් ගන්නා" බවයි

ඒ පිළිබඳ රජය පොරොන්දුවක් ලබා දී ඇති බවද ඔහු පැවසීය.

77ab2790 1570 11ee 816c eb33efffe2a0

දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණය යනු කුමක් ද?

රජය ණය ලබා ගැනීම සඳහා භාවිත කරන ප්‍රධාන ණය උපකරණ වන්නේ භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරය.

රජය සිය අයවැය හිඟය පියවා ගැනීම සඳහා විදේශීය වශයෙන් මෙන්ම දේශීය වශයෙන්ද ණය ලබා ගෙන තිබේ. මූලිකව ගත් කළ ඕනෑම ණයක් ලබා දීමේදී කොන්දේසී පවතියි. එනම් ණය ලබා දීමේදී ණය වාරිකය, පොලී අනුපාතය, ගෙවන කාලය යන කරුණු සම්බන්ධයෙන් කොන්දේසි පවතියි. එම ණය කොන්දේසි ව්‍යුහය යළි වෙනසකට ලක් කෙරෙන්නේ නම් එය ප්‍රතිව්‍යුගතකරණය යනුවෙන් හැඳින්වෙයි.

මෙහිදී පොලී අනුපාත වෙනස් කිරීම හෝ අඩු කිරීම, ණය ගෙවීමට දී ඇති කාලය දීර්ඝ කිරීම, ණය වටිනාකමින් කොටසක් කපා හැරීම සිදුවිය හැකිය. ණය මුදලින් කොටසක් කපා හැරීම ‘හෙයාර් කට්’ යනුවෙන් හඳුන්වනු ලබයි.

ඒ අනුව ලබා ගෙන ඇති ණයක, ව්‍යුහය වෙනස් කිරීමේදී ණය වටිනාකම, පොලී අනුපාතය හා ගෙවන කාල සීමාව වෙනස් කළ හැකිය.

පසුගිය කාලසීමාව තුළ රජය ණය පොලිය සහ වාරික ගෙවීමට රටේ මුළු ආදයමෙන් 70%කට වඩා වැය කර තිබුණි.

ඒ අනුව ණය ප්‍රතිව්‍යුගතකරණ ක්‍රියාවලිය තුළින්, ණය යළි ගෙවීමට හැකි පරිදි ප්‍රශස්ත මට්ටමකට ණය ප්‍රමාණය අඩු කර ගැනීමට රජය අපෙක්ෂා කරන බව වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා බීබීසී සිංහල වෙත පැවසීය.

ඔහු කියා සිටියේ රජය ණය කප්පාදු කිරීමක් නොකරන්නේ නම්, ණය පොලිය අඩු කිරීමක් සිදුවිය හැකි බවය.

රජයේ ඉලක්කය කුමක් ද?

තෝරාගත් රාජ්‍ය ණය ප්‍රතිව්‍යුගත කිරීම 2023 වසරේදී සම්පූර්ණ කිරීමට රජය අපෙක්ෂා කරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් කරන ලද ණය තිරසාරත්ව විශ්ලේෂණයට අනුව ණය තිරසාරාත්ව ඉලක්ක සපුරාලිය හැකි සහ නොපියවූ ණය කළමනාකරණය කළ හැකි මට්ටමකට ණය අඩු කිරීමට මෙන්ම ණය ප්‍රතිව්‍යුගත කිරීමේ විකල්ප ඇගයීමේ ක්‍රියාවලියක රජය නිරතව සිටියි.

ණය ප්‍රතිව්‍යුගතකරණය තුළින් 2032 වසර වන විට නොපිය වූ රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 95%කට වඩා පහළ මට්ටමකට අඩු කිරීමට අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ 2027 සිට 2032 දක්වා කාලය තුළ දී මධ්‍යම රජයේ දළ මුල්‍යන අවශ්‍යතාවයේ සාමාන්‍ය දළ දේශීය නිශ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 13%කට වඩා අඩු අගයක පවත්වා ගැනීම සහ මධ්‍යම රජයේ විදේශීය ණය ගෙවීම් 2027 සිට 2032 දක්වා යන කාලයේදී ඕනෑම වසරක් තුළ දළ දේශීය නිශ්පාදිතයෙන් 4.5%කට වඩා අඩුවෙන් පවත්වා ගැනීම රාජ්‍ය ණය ප්‍රතිව්‍යුගතකරණය මගින් අපෙක්ෂා කරන බවය.

bbc 17

2022 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව මධ්‍යම රජයේ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් මිලියන 28,672,731 කි. දළ දේශීය නිශ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය ප්‍රතිශතය 118.7කි.

මධ්‍යම රජයේ නොපියවූ විදේශීය ණය ප්‍රමාණය නාමික වශයෙන් 2021 වසර අවසානයේදී රුපියල් බිලියන 6517 සිට 2022 වසර අවසානය වන විට රුපියල් බිලියන 12458.2 දක්වා ඉහළ ගොස් තිබේ.

අන්තර් කාලීන ක්‍රියාමාර්ගයක් ලෙස 2022 වසරේ අප්‍රේල් මස 12 වැනිදා සිට රජය විසින් තෝරාගත් ද්වීපාර්ශවික සහ වාණිජ විදේශීය ණය සඳහා ණය සහ පොලී ගෙවීම අත්හිටුවනු ලැබුවේය.

“ණය කපහැරීමක් සිද්ධ වෙන්න බැහැ”

සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ජුනි 27 වැනිදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අවධාරණය කළේ, දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණ ක්‍රියාවලියේදී ණය කපා හැරීමක් සිදු නොකළ යුතු බවය. ණය කපා හැරීමේ යෝජනාවකට එකඟ නොවන බවද ඔහු සඳහන් කළේය.

“දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණය සම්බන්ධයෙන් අපි කිව්වේ නොකළ යුතු දෙයක්. ඒක ලේසි දෙයක් නෙමෙයි. නොකරනවා නම් වඩාත් සුදුසුයි. අත්‍යාවශ්‍ය නම් කළයුතු විදිහ අපි පැහැදිලි කරලා තියෙනවා” මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු කියා සිටියේ දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණයේදී කාරණා දෙකක් පිළිබඳ මූලික අවධානය යොමු කළ යුතු බවය. එනම්,

01 දේශීය මූල්‍ය වෙළෙඳපොපොල ස්ථාවරත්වය 100% රැකීම

02 තැන්පත්කරුවන්ට අගතියක් නොවීමට වගබලා ගැනීම

ආචාර්ය හර්ෂ ද සිල්වා පවසන්නේ, තමන් මෙය ඉතාම ගැඹුරින් විශ්ලේෂණය කළ බවය. ජනතාවට, අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින්ට, තැන්පත් හිමිකරුවන්ට අගතියක් නොවන යෝජනාවලියක් ඉදිරිපත් කළහොත් පටු දේශපාලනයෙන් එහාට ගොස් රට වෙනුවෙන් කළ යුතු දේ කුමක්ද යන්න සම්බන්ධයෙන් තීරණය කළ හැකි බවද ඔහු පැවසීය.

ණය ප්‍රතිව්‍යුගතකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විපක්ෂය නියෝජනය කරන පක්ෂ අද (28 වැනිදා) දිනයේ රැස්වී සාකච්ඡා කිරීමට නියමිතයි.

දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණය කිරීමෙන් EPF/ETF අරමුදල්වලට බලපෑමක් වෙයි ද?

දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණය කිරීමෙන්, බැංකු හා මුල්‍ය ආයතනවල ස්ථීර තැන්පත් කරුවන්ට මෙන්ම EPF/ETF අරමුදල්වලට බලපෑමක් වේදැයි අතැම් පාර්ශව බිය පළ කරයි. කෙසේවෙත් රජය දිගින් දිගටම එම කරුණ බැහැර කළේය.

ණය කපා හැරීමකින් තොරව පොලී අඩු කළ හොත් එය සේවක භාරකාර අරමුදල සහ සේවා නියුක්තකයින්ගේ භාර අරමුදලේ ආදයම අඩුවීමට හේතු විය හැකිය. එහෙත් එමගින් රටේ සිටින ප්‍රතිලාභීන්ට විශාල බලපෑමක් වනු ඇතැයි අපෙක්ෂා නොකරන බව මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පැවසීය. “මේක අනියත බියක් කියන එක තමා මගේ හැඟීම.” ඔහු අවධාරණය කළේ මෙමගින් ස්ථාවර තැන්පතුකරුවන්ට ද බලපෑමක් විය නොහැකි බවය.

bbc 18

 bbc19

ජනපතිගෙන් සහතිකයක්

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයකට ඊයේ (ජුනි 27 වැනිදා) එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ වසර පහක කාලයක් තුළ ඩොලර් බිලියන 41.5ක මුළු විදේශ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 17ක් ප්‍රතිව්‍යුහගත කිරීමට රජය අපේක්ෂා කරන බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමද ඒ අනුව සිදුකළ යුතු බවත් ය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්‍ෂණය යටතේ පවතින රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ඇතුළු රටේ බැංකු පද්ධතියේ ස්ථායිතාවට කිසිදු බලපෑමක් සිදු නොවන බවට ජනාධිපතිවරයා මෙහිදී සහතික විය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් බැංකු පද්ධතියේ තැන්පතුවලට හෝ දැනට බැංකු තැන්පතු සඳහා ගෙවන කිසිඳු පොලියකට බලපෑමක් ඇති නොවන බව ද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු කිසිඳු මහජන අරමුදලක සාමාජික ශේෂයට බලපෑමක් එල්ල නොවන බව ද හෙතෙම වැඩි දුරටත් එහිදී කියා සිටියේය.

ණය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලයි

මේ අතර රජය විසින් ක්‍රියාත්මක කිරීමට යන යෝජිත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලදී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලෙන් ලබාගත් ණය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අන්තර් සමාගම් සේවක සංගමය සහ එහි සභාපති වසන්ත සමරසිංහ, එහි ලේකම් ජනක අධිකාරි ඇතුළු 6 දෙනෙකු විසින් පෙත්සම ඉදිරිපත් කරනු ලැබ ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලේ ප්‍රධානීන්, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් , නීතිපතිවරයා ඇතුළු 46 දෙනෙකු නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ සේවක අර්ථසාධක අරමුදල තුළ වැඩකරන ජනතාවගේ මිලියන විස්සකට ආසන්න සක්‍රිය ගිණුම් පවතින බවය.

ඊට අමතරව සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල තුළ ආසන්න වශයෙන් මිලියන 2.6 ක සක්‍රිය සාමාජික ගිණුම් පවතින බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

සේවක අර්ථසාධක අරමුදලට අයත් අරමුදල් වලින් 93%ක් පමණ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් සහ මහ බැංකු බැඳුම්කරවල ආයෝජනය කර ඇති බව පෙත්සමේ දැක්වෙයි.

මෙම වාතාවරණය යටතේ සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල වෙතින් රජය විසින් ලබාගෙන තිබෙන ණය කප්පාදු කිරීමට කටයුතු කළහොත් ඉන් ඒවායේ සාමාජිකයින්ට දැඩි අගතියක් සිදු විය හැකි බව පෙත්සම්කරුවන් අවධාරණය කරයි.

මෙවැනි ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ කටයුත්තක් සඳහා රජයේ විසින් අදාල අරමුදල්වල සාමාජිකයින්ගේ කැමැත්ත ලබාගෙන නොමැති අතර ඒ තුළින් රජය ඔවුන්ගේ අදහස් විමසීම ප්‍රතික්ෂේප කර ඇති බවත් පෙත්සමෙන් චෝදනා කර තිබේ.

මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු භාණ්ඩාගාර බිල්පත් හා රජයේ බැඳුම්කරවල ආයෝජනය කර ඇති සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලේ සහ සේවක අර්ථසාධක අරමුදලේ ණය මුදල් කප්පාදු කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
(BBC සිංහල සේවය )


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...