The Leader News
BREAKING
Top Ad
Biz

ගයාන් ලංකාවේ එළවළු ඉතාලියේ වවා ග්‍රීන් ඔස්කාර් සම්මානය දිනා ගනී

T

The Leader Desk

July 12, 2023 • 5:33 AM

ගයාන් ලංකාවේ එළවළු ඉතාලියේ වවා ග්‍රීන් ඔස්කාර් සම්මානය දිනා ගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2023 වර්ෂය සඳහා ඉතාලියේ නාපොලි කම්පානියා පළාතේ නැගී එන කෘෂි ව්‍යවසායකයා ලෙස ග්‍රින් ඔස්කාර් සම්මානය ශ්‍රි ලාංකිකයෙකු හිමි වී ඇත.
  • එයට සාර්ථක පිළිතුරු සෙවු ඔහු නාපෝලි නගරයට ආසන්නයේ සොරෙන්කෝ ප්‍රදේශයේ අතහැර දමා තිබු අක්කර 17 ක් හදුනාගෙන වල් වැදී තිබු එම ස්ථානයේ ශ්‍රී ලාංකික එළවළු වගා කිරීම ආරම්භ කර ඇත.
  • මෙම ඉඩමේ කෙලවරේ ගලා යන කුඩා දිය පහරකින් ශ්‍රී ලාංකික ඉපැරණි වාරි තාක්ෂණය ක්‍රම යොදා ගෙන ජලය ලබා ගෙන පලා වර්ග හා අනෙක් එළවළු ක්‍රමවත් ලෙස වගා කිරීම සිදු කර තිබේ.
  • ගයාන් වික්‍රමසිංහ ගේ මෙම සියළු වික්‍රමයන් නිරීක්ෂණය කල ඉතාලියේ ප්‍රසිද්ධ කෘෂිකාර්මික සංවිධනයක් වු COLDIRETTI ආයතනය වසරේ නැගී එන හොදම කෘෂි ව්‍යවසායකයට පිදෙන ඔස්කාර් ග්‍රීන් සම්මානය පුදකර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මීට වසර 13 පමණ පෙර ඉතාලියට පැමිණි අවුරුදු 37ක් වන තරුණයකු වූ මීගමුවේ ගයාන් වික්‍රමසිංහ විසින් මෙම සම්මානය හිමි කර ගත්තේය.

නාපෝලියන් නගරයේ දී වයස අවුරුදු 24 පුංචි ව්‍යාපාරයක් පටන් ගත් ගයාන් වික්‍රමසිංහ, ශ්‍රී ලංකාවේ සිට ආනයනය කරන එළවළු ක්‍රමවත් ලෙස ඉතාලියට ගෙන්වා ගැනීමට අපහසුතාවය මත ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයන් හට අවශ්‍ය එළවළු ඉතාලිය තුලම වගා කිරීමේ ඇති හැකියාව සොයා බලා තිබේ.

එයට සාර්ථක පිළිතුරු සෙවු ඔහු නාපෝලි නගරයට ආසන්නයේ සොරෙන්කෝ ප්‍රදේශයේ අතහැර දමා තිබු අක්කර 17 ක් හදුනාගෙන වල් වැදී තිබු එම ස්ථානයේ ශ්‍රී ලාංකික එළවළු වගා කිරීම ආරම්භ කර ඇත. මෙම ඉඩමේ කෙලවරේ ගලා යන කුඩා දිය පහරකින් ශ්‍රී ලාංකික ඉපැරණි වාරි තාක්ෂණය ක්‍රම යොදා ගෙන ජලය ලබා ගෙන පලා වර්ග හා අනෙක් එළවළු ක්‍රමවත් ලෙස වගා කිරීම සිදු කර තිබේ.

ගයාන් වික්‍රමසිංහ ගේ මෙම සියළු වික්‍රමයන් නිරීක්ෂණය කල ඉතාලියේ ප්‍රසිද්ධ කෘෂිකාර්මික සංවිධනයක් වු COLDIRETTI ආයතනය වසරේ නැගී එන හොදම කෘෂි ව්‍යවසායකයට පිදෙන ඔස්කාර් ග්‍රීන් සම්මානය පුදකර ඇත.

(lankadeepa.lk)
khhg

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...