The Leader News
BREAKING
Top Ad
Biz

‘ගෝලීය උරුම ව්‍යාපාරික රැජින කිරුළ නදීශා මධුමාලි ට

T

The Leader Desk

September 12, 2023 • 4:37 AM

‘ගෝලීය උරුම ව්‍යාපාරික රැජින කිරුළ නදීශා මධුමාලි ට 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වියට්නාමයේ ඩැන්නොග් පළාතේ පසුගියදා පැවැති ‘Miss Business Global -2023’ තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ නදීශා මධුමාලි දිසානායක ‘ගෝලීය උරුම ව්‍යාපාරික රැජින 2023’ කිරුළ
  • මෙම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂ ලෙස තිළිණි ද සිල්වා කටයුතු කර තිබේ.
  • “මම අධ්‍යාපන ආයතනයක කළමනාකාරවරියක ලෙස කටයුතු කරනවා.
  • රටවල් 28 ක තරගකාරියන් 28 දෙනකු සමග තරගවැදීමෙන්දී ඔවුන් හරිම නිහතමානීව හා බොහොම මිත්‍රශීලීව එකිනෙකාට උදවු කිරීම විශේෂත්වයක් වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

හිමිකරගැනීමට සමත්වූවාය.

රටවල් 28 ක විවාහක හා අවිවාහක තරගකාරියන් 28 දෙනකු සමග තරගවැදි ඇය මෙම කිරුළ හිමිකර ගෙන තිබේ. 

2022 වසරේ මෙරටදී පැවැති ‘Mrs Business Blobal Sri Lanka’ තරගාවලියේ කිරුළ හිමිකරගැනීමෙන් පසු මෙම තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව ඇයට හිමිවුණි. මෙම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂ ලෙස තිළිණි ද සිල්වා කටයුතු කර තිබේ.

ජයග්‍රහණය පිළිබඳව නදීශා පැවැසුවේ මෙවන් අදහසකි.

“මම අධ්‍යාපන ආයතනයක කළමනාකාරවරියක ලෙස කටයුතු කරනවා. ඒ නිසා තමයි මට මේ තරගයට යන්න සුදුසුකම් ලැබුණේ. රටවල් 28 ක තරගකාරියන් 28 දෙනකු සමග තරගවැදීමෙන්දී ඔවුන් හරිම නිහතමානීව හා බොහොම මිත්‍රශීලීව එකිනෙකාට උදවු කිරීම විශේෂත්වයක් වුණා. බොහෝ ප්‍රශ්න මැද මෙවැනි තරගාවලියකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිරුළක් හිමිකරගැනීමට හැකිවීම ගැන මට ඇත්තේ ලොකු සතුටක්.

මම බොහොම කෙටි කාලයකින් සියලු‍ දේ ඉගෙන ගෙන මෙම තරගයට සහභාගි වුණේ. මගේ අම්මා, තාත්තා, නංගී, මල්ලී වගේම මගේ සැමියාගේ අම්මා, තාත්තා, අක්කා මට විශාල සහයෝගයක් ලබා දුන්නා. ඒ හැමෝටම මම ස්තූති කරනවා. ඒ වගේම  මගේ පිටුපස සිටිමින් මට විශාල ශක්තියක් වුණේ පුෂ්පා රම්‍යානි සොයිසා. ඇයට බොහොම පින්.

ඉදිරියේදී මම විවාහක ශ්‍රී ලංකා රූ රැජින තරගාවලියට සහභාගි වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මා දිනාගත් මේ කිරුළ ප්‍රයෝජනයට අරන් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ තැනකට යන්න කටයුතු කරනවා. ඒ වගේම හැම කාන්තාවකටම පුංචි ව්‍යාපාරයකින් හෝ පටන්ගෙන ශක්තිමත් ආර්ථික තත්ත්වයක් ගොඩනගා ගන්න දැනුවත් කිරීම තමයි මගේ එකම අරමුණ. මේ කිරුළ ඒ සඳහා මම යොදාගන්නවා.“ යැයිද කීවාය.

5 79
(lankadeepa.lk)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...