"ශ්‍රී ලංකාවේ ආර්ථික අවස්ථා" මැයෙන් වූ වටමේස සාකච්ඡාවෙන් මේවනවිට සාර්ථක ප්‍රතිපල ලැබී ඇතැයි ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.
ඇමෙරිකාවේ තානාපති මහින්ද සමරසිංහ හා නිව්යෝර්ක් හි BCIU ව්‍යාපාර කවුන්සිලය මෙම හමුව සංවිධානය කර තිබු අතර ඊට එරට ප්‍රබලම සමාගම් 45 ක් පමණ සහභාගී වූ අතර ශ්‍රී ලංකාවේ ප්‍රබල සමාගම් 18 ක්ද ඊට එක්වූහ.
වටමේසය ඇමතූ ජනාධිපතිවරයා ලංකාවේ වත්මන් ආර්ථික පසුබිමත් දැනට ගෙන ඇති හා ඉදිරියේදී ගැනීමට අපේක්ෂා කරන පියවර හා ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳවත් පැහැදිලි කර තිබිණ.
ව්‍යාරිකයන් ගේ පාර්ශවයෙන් මතුවූ ගැටලු රැසකට ද පිළිතුරු දී ඇති ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස හා ආයෝජන හරහා ලංකාවේ සංවර්ධනයට හවුල්වන ලෙස ද ආරාධනා කර ඇත.
ප්‍රබල ඇමෙරිකානු සමාගම් හා ලාංකික සමාගම් එකට ජාලගතවීම ද මෙහිදී සිදු කෙරිණ. මෙම අවස්ථාවට එක්වූ සමාගම් වලින් බහුතරයක් ෆෝචුන් 500 ට අයත්වීම ද විශේෂත්වයකි.
මෙම අවස්ථාවට විදේශ ඇමති අලි සබ්‍රි, ඇමෙරිකාවේ තානාපති මහින්ද සමරසිංහ, එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් ජනපති ලේකම් සමන් ඒකනායක, පෝට්සිටි හා ආයෝජන මණ්ඩල සභාපති දිනේෂ් වීරක්කොඩි, විදේශ අමාත්‍යාංශ ලේකම් අරුණි විජයවර්ධන හා ජනපති උපදේශක රුවන් විජයවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 

ජනපති හා ඇමෙරිකානු ව්‍යාපාරිකයින්ගේ හමුවෙන් සාර්ථක ප්‍රතිපල
T
The Leader Desk
October 5, 2023 • 10:05 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල 78 වන සැසියට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ හා ඇමෙරිකාවේ ප්‍රබලම ව්‍යාපාරිකයන්ගේ සහභාගීත්වයෙන් නිවියෝර්ක් හි පියරේ හෝටලයේදී
- මෙම අවස්ථාවට එක්වූ සමාගම් වලින් බහුතරයක් ෆෝචුන් 500 ට අයත්වීම ද විශේෂත්වයකි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



