The Leader News
BREAKING
Top Ad
Biz

ලාංකේය සමාගමක් ආසියානු ඇසුරුම්කරණ විශිෂ්ටතා රන් සම්මානය දිනයි

T

The Leader Desk

October 12, 2023 • 12:11 PM

ලාංකේය සමාගමක් ආසියානු ඇසුරුම්කරණ විශිෂ්ටතා රන් සම්මානය දිනයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගියදා තායිලන්තයේ පැවති 2023 ආසියානු ඇසුරුම්කරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී Wide Web Flexo කාණ්ඩයේ රන් සම්මානය ශ්‍රී ලංකාවේ
  • කර්මාන්ත ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීම සඳහා පුරෝගාමී භූමිකාවක් ඉටු කරන ආයතනයක් ලෙස ALFT Packaging  ප්‍රසිද්ධියක් උසුලයි.
  • එසේම ගෝලීය ප්‍රමිතීන් අනුගමනය කරමින් දිනෙන් දින ඉහළ යන පාරිභෝගික අවශ්‍යතා සපුරාලන විසඳුම් ලබා දීම තුළින් ALFT Packaging අඛණ්ඩව සිය ප්‍රමිතිය පවත්වා ගනියි.
  •   ALFT Packagingහි සභාපති ලක්ෂ්මන් ද ෆොන්සේකා මෙම රන් සම්මානය දිනාගැනීම පිළිබඳව සිය සතුට පළකළ අතරම එය තම දක්ෂ කණ්ඩායමේ නොපසුබට උත්සාහය සහ දැඩි කැපවීම පිළිබඳ සාක්ෂියක් බවද වැඩි දුරටත් අවධාරණය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
ඇසුරුම්කරණයේ ප්‍රමුඛයා වන ALFT Packaging ආයතනය විසින් හිමිකරගෙන තිබේ. 
 
මෙම සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වූ එකම ශ්‍රී ලාංකේය සමාගම ලෙස ALFT Packaging ඇසුරුම්කරණ ආයතනය කැපී පෙනෙන පිළිගැනීමකට පාත්‍ර විය. 
 
Image twoආසියානු ඇසුරුම්කරණ විශිෂ්ටතා සම්මාන උළෙල මගින් මේ අයුරින් වසර 20ක් පුරාවට ආසියානු කලාපයේ ඇසුරුම් කර්මාන්තයේ විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ තිරසාර බව අගයනු ලබයි. ALFT Packaging චීනය, ඉන්දියාව සහ තායිලන්තය සමග ප්‍රබල තරගයකින් අනතුරුව මෙම සුවිශේෂී ජයග්‍රහණය දිනාගනු ලැබීය. කර්මාන්ත ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීම සඳහා පුරෝගාමී භූමිකාවක් ඉටු කරන ආයතනයක් ලෙස ALFT Packaging  ප්‍රසිද්ධියක් උසුලයි. එසේම ගෝලීය ප්‍රමිතීන් අනුගමනය කරමින් දිනෙන් දින ඉහළ යන පාරිභෝගික අවශ්‍යතා සපුරාලන විසඳුම් ලබා දීම තුළින් ALFT Packaging අඛණ්ඩව සිය ප්‍රමිතිය පවත්වා ගනියි.
 
සමාගමේ අති නවීන කම්හල BRC AA සහතික කළ ඇසුරුම් පහසුකම් සහිත ශ්‍රී ලංකාවේ එකම කම්හල ලෙස හැඳින්විය හැකිය. වසර පහකට පෙර ආරම්භ කරන ලද ALFT Packaging ගෙවුණ කාල සීමාව තුළ අති නවීන තාක්‍ෂණය භාවිතා කරමින් අවම පිරිවැයකින් වඩාත් ඵලදායී නව්‍ය ඇසුරුම් විසඳුම් සපයන ආයතනයක් බවට පත්ව තිබේ.
 
ALFT Packagingහි සභාපති ලක්ෂ්මන් ද ෆොන්සේකා මෙම රන් සම්මානය දිනාගැනීම පිළිබඳව සිය සතුට පළකළ අතරම එය තම දක්ෂ කණ්ඩායමේ නොපසුබට උත්සාහය සහ දැඩි කැපවීම පිළිබඳ සාක්ෂියක් බවද වැඩි දුරටත් අවධාරණය කළේය. ALFT ඇසුරුම්කරණ සමාගමේ ව්‍යාපාරික දර්ශනය තුළ ගැඹුරින් මුල් බැසගත් මූලධර්ම මෙන්ම නවෝත්පාදනය සහ ගුණාත්මකභාවය සඳහා වූ කැපවීමද මෙම සම්මානය මගින් තවදුරටත් ඉස්මතු කරයි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...