The Leader News
BREAKING
Top Ad
Biz

විකුණා දැමීමට යන රාජ්‍ය ආයතන මිලදී ගැනීමට මහජන සමාගමක්

T

The Leader Desk

October 26, 2023 • 10:52 AM

විකුණා දැමීමට යන රාජ්‍ය ආයතන මිලදී ගැනීමට මහජන සමාගමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජය විසින් විකුණා දැමීමට තීරණය කර ඇති ශ්‍රී ලංකා ජනරජයේ රාජ්‍ය ආයතන මිලදී ගැනීම අරමුණු කරගනිමින් මහජන සමාගමක් ස්ථාපිත කිරීමට යයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාවේ සහ විදේශගතව ජීවත්වන දේශජ පුත්‍රයින්ගේ අරමුදලින් ගොඩනැගෙන Treasure Republic Guardians Limited ජනතා පොදු සමාගම එළි දැක්වීම සහ ආරම්භක උත්සවය 2023 ඔක්තොම්බර් මස 27 වැනි (හෙට) දින සවස 3.00 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ජැස්මින් ශාලා පරිශ්‍රයේ දී සිදු කෙරේ. 

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, නාගරික සංවර්ධන කැබිනට් අමාත්‍ය ප්‍රසන්න රණතුංග, උත්තර ලංකා සභාගයේ නායක විමල් විරවංශ, පිවිතුරු හෙල උරුම පක්ෂයේ නායක උදය ගම්මන්පිල, සරත් ෆොන්සේකා, පාටලී චම්පික රණවක, විජේදාස රාජපක්ෂ, වාසුදේව නානායක්කාර ඇතුළු මැති ඇමතිවරුන් 30 කට වඩා වැඩි පිරිසක්ද DSI සමූහ ව්‍යාපාරයේ අධිපති කුලතුංග රාජපක්ෂ, පැලවත්ත කිරිපිටි සමාගමේ අධිපති ආරියශීල වික්‍රමනායක, Nature Secret සමූහ ව්‍යාපාරයේ අධිපති සමන්ත කුමාරසිංහ, අරලිය සහල් සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන ඇතුළු ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්තයින් ද මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, වෛද්‍ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, ජ්‍යේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, ඇතුළු මහාසංඝ රත්නය, විද්වතුන් සහ ජාතික සංවිධාන නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ. 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...