The Leader News
BREAKING
Top Ad
Biz

බදු දැලෙන් පනින මෝරුන් කොටු කරන රැකවලෙක් එයි

T

The Leader Desk

October 28, 2023 • 3:11 PM

බදු දැලෙන් පනින මෝරුන් කොටු කරන රැකවලෙක් එයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බදු දැලෙන් රිංගා යන ව්‍යාපාරිකයන් මෙන්ම බදු අය කර ගැනීම් නිසි ලෙස ඉටු නොකරන
  • මෙයට වසර ගණනාවකට පෙර මෙම තොරතුරු පද්ධතිය ලංකාවට හඳුන්වා දී තිබු අතර නිලධාරීන් විදෙස් රටවලට ද යවා එම පද්ධතිය ක්‍රියාත්මක කරන ආකාරය ගැන පුහුණුව දී තිබුණ ද නොයෙක් තාක්ෂණික ගැටලු මතු කරමින් එය ක්‍රියාත්මක වීම ප්‍රමාද කර ඇති බව කියති.
  • මෙම නව පද්ධතිය මඟින් නිලධාරීන්ට ආදායම් බදු එකතු කර ගැනීමට පහසු වන අතර ආදායම් බදු නොගෙවා පැහැර හරින අය අනාවරණය කර ගැනීමටත් හැකියාව ලැබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

නිලධාරීන් පිළිබඳ සොයාගත හැකි පරිදි දත්ත එකතු කිරීමේ විද්‍යුත් ක්‍රමවේදය වන ‘රැම්ස්‘ තොරතුරු පද්ධතිය (Random access management information system) ලබන දෙසැම්බර් මස සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

බැංකු, රේගුව, සුරාබදු ආදී මුදල් ගනුදෙනු සිදු වෙන ආයතන ගණනාවක් මෙම ‘රැම්ස්‘ පද්ධතිය මඟින් නිරීක්ෂණයට ලක් වන අතර එය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වෙයි.

මෙයට වසර ගණනාවකට පෙර මෙම තොරතුරු පද්ධතිය ලංකාවට හඳුන්වා දී තිබු අතර නිලධාරීන් විදෙස් රටවලට ද යවා එම පද්ධතිය ක්‍රියාත්මක කරන ආකාරය ගැන පුහුණුව දී තිබුණ ද නොයෙක් තාක්ෂණික ගැටලු මතු කරමින් එය ක්‍රියාත්මක වීම ප්‍රමාද කර ඇති බව කියති.

මෙම නව පද්ධතිය මඟින් නිලධාරීන්ට ආදායම් බදු එකතු කර ගැනීමට පහසු වන අතර ආදායම් බදු නොගෙවා පැහැර හරින අය අනාවරණය කර ගැනීමටත් හැකියාව ලැබේ. ආදායම් ලිපි ගොනු විවෘත කර නැති පිරිස සොයා ගැනීම මෙන්ම නිලධාරීන් ආදායම් බදු එකතු කිරීම පැහැර හැර තිබේ නම් ඔවුන් පිළිබඳව මෙම නව ක්‍රමවේදය යටතේ හෙළිදරව් කර ගැනීමට අවස්ථාව සැලසේ.

මෙම පද්ධතිය හරියාකාරව ක්‍රියාත්මක වන්නේදැයි රජයේ බලය ලත් ප්‍රධානීන්ට ඔවුන්ගේ ජංගම දුරකථනය හෝ පරිගණකයෙන් පරීක්ෂා කිරිමට ද මෙහිදී අවස්ථාව හිමි වේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ගේ අධීක්ෂණය මත මේ වැඩසටහන ක්‍රියාත්මක වෙයි.

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...