The Leader News
BREAKING
Top Ad
Biz

කර්මාන්තකරුවන් වෙනුවෙන් කෘත්‍රිමව විදුලි බිල අඩු කර දිය යුතුද? – (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

October 29, 2023 • 4:26 PM

කර්මාන්තකරුවන් වෙනුවෙන් කෘත්‍රිමව විදුලි බිල අඩු කර දිය යුතුද? – (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විදුලි බිල වැඩි කිරීමට විරුද්ධ වීම ජනප්‍රිය සටන් පාඨයක්. හැබැයි, විදුලි බිල අඩු කරන එක
  • ඒ සඳහා ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කරන්නට ඕනැ.
  • ජනක පද්ධතිය හා සම්ප්‍රේෂණ පද්ධතිය වෙන වෙනම ව්‍යූහයන් බවට පත් කරන එකත් අවශ්‍යයි.
අකුරු ප්‍රමාණය (Font Size):

කෙටි කාලීනව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ සඳහා යම් කාලයක් ගල් අඟුරු බලාගාර භාවිතා කරන්නට හැකිව තිබුණා. ජවිපෙ ඒක වැළැක්වූවා.

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් ආයෝජන කැඳවාගත යුතුයි. හුළං තිබුණු පළියට, ඉර එළිය තිබුණු පළියට නිකම්ම පුනර්ජනනීය විදුලිය නිෂ්පාදනය වෙන්නෙ නැහැ. ඒ වගේම, සුළු පරිමාණ පද්ධතිවලින් එහෙම සූර්ය විදුලිය වගේ ඒවා ලබාගනිමින් තුලනය කරන්නට පුළුවන් විදියට විදුලි පද්ධතිය සංවර්ධනය කරන්නත් ඕනැ. ඒවාටත් ආයෝජන අවශ්‍යයි.


විදුලි බිල රජය දරමින් කර්මාන්ත සංවර්ධනය කිරීම කිසිම ප්‍රයෝජනයක් නැති වැඩක්. කර්මාන්තකරුවන්ගේ විදුලි බිල රජය ගෙවන්නේ මොකටද? රස්සා දෙන නිසාද? ඊට වඩා හොඳයි, විදුලි බිල ගෙවන්නට රජයට සල්ලි තියෙනවා නම්, ඒ සල්ලි මහජනතාවට බෙදල දෙන එක. මහා පරිමාණ කර්මාන්තවලට විදුලි බිල දරාගන්න බැරි නම්, මිනිසුන් සුළු කර්මාන්තවලින් විකල්ප සොයාවි.


ආර්ථික කටයුතුවලදි රජය ලබා දෙන සහනාධාර දිළිඳු ජනයාට සීමා කරන්නට ඕනැ. කර්මාන්තකරුවන් වැනි අයට විදුලිය වෙනුවෙන් සහනාධාර දෙන එක තේරුමක් නැහැ. රජය ඒ අරමුදල් යොදාගත යුත්තෙ විදුලි මිල අඩු කරන ව්‍යාපෘති සංවර්ධනය සඳහායි.


ලංකාව දෙපැත්තකින් වෙනස් වෙන්න ඕනැ. එක පැත්තකින් විදුලි බල මණ්ඩලයේ දූෂණ හා නාස්තිය අවම කරමින්, පුනර්ජනනීය බලශක්තිය පැත්තට යොමු වෙමින් විදුලි බිල අඩු කරගන්නට ඕනැ. ඒ සඳහා ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කරන්නට ඕනැ.


අනෙක් පැත්තෙන් කර්මාන්තකරුවන්ට තමන්ගේ විදුලිය තමන්ම නිෂ්පාදනය කරගන්නට දිරිගන්වන්නට ඕනැ. ඒ සඳහා පෞද්ගලික ආයෝජකයන්ට අවස්ථා දෙන්නට ඕනැ. ඉන්ධන ආනයනය කරගෙන අඩු මිලට විදුලිය නිෂ්පාදනය කරගන්නට බැරි නම්, කතාව එතනින් ඉවරයි.

ප.ලි.: මේ සටහන කියවපු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෙකු මට කතා කර කියූ දෙයක් සටහන් කරන්නම්. මේ වන විට ඔහු සේවකයන් අඩු කර තිබෙනවා. නිෂ්පාදනයත් ඒ අනුව අඩු වෙනවා. නිෂ්පාදනය යම් දුරකට පවත්වාගෙන යාම සඳහා ඔහු තමන්ගේම ඩීසල් ජෙනරේටරයක් පාවිච්චි කරනවා. ඒ නිෂ්පාදන මට්ටමේදී ඔහුට විදුලි බල මණ්ඩලයෙන් විදුලිය මිල දී ගැනීමට වඩා ඒක ලාභදායීයි.

මගේ සටහන:

ලංකා විදුලි බල මණ්ඩලය තමන්ගේ කාර්යක්ෂමතාව නංවා ගන්නේ නැති නම්, දිගින් දිගටම වෘත්තීය සමිති යොදාගනිමින් රජයට, ජනතාවට තර්ජනය කරනවා නම්, විදුලි බල මණ්ඩලයට දිය හැකි දඬුවම තමයි කර්මාන්තකරුවන් පෞද්ගලික ආයෝජකයන් වෙත යොමු කිරීම. කර්මාන්තකරුවන් වෙනුවෙන් අඩු මිල විදුලි ජනනය සඳහා පෞද්ගලික අංශය දිරිගැන්විය යුතුයි. ජනක පද්ධතිය හා සම්ප්‍රේෂණ පද්ධතිය වෙන වෙනම ව්‍යූහයන් බවට පත් කරන එකත් අවශ්‍යයි. ඔය දෙක එකට තියෙන කල් නිෂ්පාදන වියදම අඩු කරන්න උනන්දු වෙන්නෙ නැහැ.


AJITH PARAKUM(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com


(මෙම ලිපිය praja.lk  හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...