The Leader News
BREAKING
Top Ad
Biz

ජනවාරියේ සිට වැට් බද්දේ වෙනසක් !

T

The Leader Desk

October 31, 2023 • 8:00 AM

ජනවාරියේ සිට වැට් බද්දේ වෙනසක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලබන වසරේ ජනවාරි 1 වැනි දා සිට එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද 18%ක් දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
  • කැබිනට් තීරණ ඇතුළත් නිවේදනයේ සඳහන් වන්නේ 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ මුල් මාස 09 තුළ රජයේ බදු ආදායම සියයට 51කින් ඉහළගොස් ඇති බවය.
  • එසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති බදු එකතු කිරීමේ ඉලක්ක සපුරාගැනීමට මෙතෙක් හැකි වී නොමැති බවද එහි වැඩිදුරටත් සඳහන්ව තිබේ.
  • ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති පරිදි බදු ආදායම් සහ ප්‍රාථමික ශේෂ ඉලක්කයන් සපුරාගැනීමට හැකිවනු පිණිස මෙලෙස වැට් බද්ද ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මීට අමතරව මෙතෙක් වැට් බදු පනවා නොමැති භාණ්ඩ සඳහා වැට් බදු පැනවීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසී ය.

කැබිනට් තීරණ ඇතුළත් නිවේදනයේ සඳහන් වන්නේ 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ මුල් මාස 09 තුළ රජයේ බදු ආදායම සියයට 51කින් ඉහළගොස් ඇති බවය.

එසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති බදු එකතු කිරීමේ ඉලක්ක සපුරාගැනීමට මෙතෙක් හැකි වී නොමැති බවද එහි වැඩිදුරටත් සඳහන්ව තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති පරිදි බදු ආදායම් සහ ප්‍රාථමික ශේෂ ඉලක්කයන් සපුරාගැනීමට හැකිවනු පිණිස මෙලෙස වැට් බද්ද ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

එසේම දැනට එකතු කළ අගය මත වන බද්ද අදාළ නොවන ඇතැම් භාණ්ඩ හා සේවා මත එකී බද්ද පැනවීම ඇතුළු නව බදු යෝජනා කිහිපයක් 2024.01.01 සිට ක්‍රියාත්මක කිරීමටත් අදාළ නීති සංශෝධනය කිරීම සඳහා මෙහිදී කැබිනට් අනුමැතිය හිමිව ඇත.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...