The Leader News
BREAKING
Top Ad
Biz

එංගලන්ත නඩුව නිසා ගිනිගත් නැවේ වන්දිය සීමා වෙයි ද? කල් යයි ද?- (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

November 2, 2023 • 5:44 AM

එංගලන්ත නඩුව නිසා ගිනිගත් නැවේ වන්දිය සීමා වෙයි ද? කල් යයි ද?- (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • M/V X-Press Pearl නෞකාවේ හිමිකරුවන් හා රක්‍ෂණකරුවන් විසින් සාගරික හිමිකම් සඳහා බැරකම් සීමා කිරීමේ සම්මුතිය (Convention on Limitation of Liability for Maritime Claims) යටතේ ලන්ඩනයේ වාණිජ මහාධිකරණයක අලාභ ක්‍රියාවන් සඳහා වන්දි සීමා කිරීමේ නඩුවක් ගොනු කර ඇත.
  •   මෙම තීන්දු ප්‍රකාශය අවලංගු කිරීම සඳහා වූ යම් ඉල්ලීමක් හෝ සාගරික හිමිකම් සඳහා බැරකම් සීමා කිරීමේ සම්මුතියේ දෙවන වගන්තිය යටතේ හිමිකම් පෑම් 2024 ජනවාරි මස 27 දින හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතු බව අධිකරණය දැනුම් දෙයි.
  • Admiralty and Commercial Registry and Listing Offices, 7 Rolls Building, Fetter Land, London EC 4A INL, United Kingdom.
  • X-Press Pearl claims M/V X-Press Pearl නෞකාවේ රක්ෂණ සමාගම වෙතින් ලබාගන්නා ලද පොරොන්දු ලිපියක් මගින් නෞකාව හිමි සමාගම විසින් මේ වන විට පොළිය ද සහිතව පවුම් 19,990,325.57ක මුදලක් අධිකරණයට ගෙවා සීමා කිරීමේ අරමුදලක් පිහිටුවා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව, අධිකරණය විසින් අදාළ සමාගමේ සියලු වගකීම් SDR 19,159,937කට සීමා කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන විසින් භාවිතා කරනු ලබන මුදල් ඒකකයක් වන SDR වෙනත් මුදල්වලට මාරු කරගත හැකිය.

 

මෙම තීන්දු ප්‍රකාශය අවලංගු කිරීම සඳහා වූ යම් ඉල්ලීමක් හෝ සාගරික හිමිකම් සඳහා බැරකම් සීමා කිරීමේ සම්මුතියේ දෙවන වගන්තිය යටතේ හිමිකම් පෑම් 2024 ජනවාරි මස 27 දින හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතු බව අධිකරණය දැනුම් දෙයි.

 

එම සියලු ඉල්ලීම් හා හිමිකම් පෑම් යොමු කළ යුතු වන්නේ පහත දැක්වෙන ලිපිනයටය.

Admiralty and Commercial Registry and Listing Offices, 7 Rolls Building, Fetter Land, London EC 4A INL, United Kingdom.

පහත රූපයේ දැක්වෙන ලිපිනයන් වෙත පිටපත් යොමු කළ යුතුය.

X Press Pearl claims 1024x385
X-Press Pearl claims

M/V X-Press Pearl නෞකාවේ රක්ෂණ සමාගම වෙතින් ලබාගන්නා ලද පොරොන්දු ලිපියක් මගින් නෞකාව හිමි සමාගම විසින් මේ වන විට පොළිය ද සහිතව පවුම් 19,990,325.57ක මුදලක් අධිකරණයට ගෙවා සීමා කිරීමේ අරමුදලක් පිහිටුවා තිබේ.

ශ්‍රී ලංකාව 2023 අප්‍රේල් 23දා සිංගප්පූරුමහාධිකරණයේ පොදු අංශයේ වන්දි නඩුවක් ගොනු කළ අතර එහි වන්දි ඉල්ලුම්කරුවා වන්නේ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයාය.
 
එක්ස්ප්‍රස් පර්ල් නඩුව අද සිංගප්පූරුවේදී කැඳවයි
X-Press පර්ල් සිද්ධියේ නඩු කටයුතු මෙහෙයවන්නේ, ශ්‍රී ලංකා රජයේ අවශ්‍යතා නියෝජනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව පත් කර සිටින සිංගප්පූරු නීති සමාගමක් විසිනි. 

කෙසේ වෙතත්, මෙම නඩුව පැවරූ අධිකරණය නිවැරදිදැයි ඇතැම් අංශ විසින් ප්‍රශ්න කරන ලදි. 
 
මෙම නඩුව ශ්‍රී ලංකාවේ අධිකරණයක පැවරිය හැකිව තිබුණු බව ඔවුන් විසින් පෙන්වා දෙන ලදි. සිංගප්පූරු අධිකරණයට වන්දිය සීමා කිරීමේ හැකියාව තිබීම එයට හේතුව ලෙස දක්වන ලදි. මෙම නඩුව සිංගප්පූරු ජාත්‍යන්තර වානිජ අධිකරණය වෙත (SICC) මාරු කිරීමේ හැකියාව සොයා බලමින් සිටින බව 2023 මැයි 17දා නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය පැවසීය.
 
නැව් දෙකේ ගින්න : ඉන්දීයාවේ නිවේදනයට අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
 
සිංගප්පූරුවේ නඩුව ප්‍රමාද කිරීමට රක්‍ෂණ සමාගම් උත්සාහ කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ 2023 ජුනි 4 සන්ඩේ ටයිම්ස් පුවත්පතට පැවසීය.

 “අපට අවශ්‍ය වන්නේ එක්සත් රාජධානියේ නඩුව හැකි ඉක්මනින් අවසන් කිරීමටයි. මෙම අනතුරට හේතු වී ඇත්තේ නැව් හිමිකරුගේ නොසැලකිල්ල බව අපට ඔප්පු කළ හැකි යැයි අපි විශ්වාස කරනවා. නැව ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර වෙනත් වරායන් දෙකකදී ගැටලුව ගැන වාර්තා කර තිබුණා. රක්‍ෂණකරුවන් විසින් ගොනු කරන ලද නඩුවේදී ශ්‍රී ලංකාවේ අවශ්‍යතා නියෝජනය කිරීම සඳහා රජයට එක්සත් රාජධානියේ නීති සමාගමක් සම්බන්ධ කර ගැනීමට සිදුවනු ඇති.”

එක්ස්ප්‍රස් පර්ල් අර්බුදය : ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් වන්දි ඉල්ලයි
 
2021 මැයි 20 වන දින සිංගප්පූරුවේ ධජය සහිත M/V X-Press Pearl ශ්‍රී ලංකාවේ බටහිර වෙරළට ඔබ්බෙන් ගිනිගෙන ගිලී ගියේය. එය කන්ටේනර් 1,488 ක් රැගෙන ගිය අතර, අනතුරුදායක භාණ්ඩ සහිත කන්ටේනනර් 81 ක්, නයිට්‍රික් අම්ලය ටොන් 25 ක්, තෙල් ටොන් 348 ක් සහ නර්ඩ්ල්ස් (ප්ලාස්ටික් නිෂ්පාදන සෑදීමට භාවිතා කරන) ලෙස හැඳින්වෙන කුඩා ප්ලාස්ටික් පෙති බිලියන 75 ක් ද මුහුදට එකතු විය.
 
2021 ජුනි මාසයේදී  ශ්‍රී ලංකාව මුලින් ඩොලර් මිලියන 40 ක වන්දියක් ඉල්ලා සිටියේය. කෙසේ වෙතත්, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් කැඳවන ලද 40 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක් විසින් 2023 වසර මුලදී අතුරු වාර්තාවක් ඉදිරිපත් පාරිසරික ව්‍යසනයේ අලාභය ඩොලර් බිලියන 6.4 ක් ලෙස නියම කරන ලදි.
 
එක්ස්ප්‍රස් පර්ල් ගින්නේ හානිය ඉන්දීය ධීවරයන්ටත් දැනේ
 
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සහ විපතට පත් ධීවරයින් සඳහා දරන ලද වියදම් සඳහා අතුරු ගෙවීමක් ලෙස ශ්‍රී ලංකා භාණ්ඩාගාරයට ඩොලර් 890,000 ක් සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 16 ක් (ඩොලර් 49,200 ක් පමණ) ලැබී ඇති බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පසුගියදා පැවසීය.

ව්‍යසනය සිදු වූ දා සිට ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 7.85 ක ගෙවීම් ලැබී ඇත. පළමු ගෙවීම ලෙස ඩොලර් මිලියන 3.6ක් 2021 ජූලි මාසයේදී ලැබුණි. තවත් ඩොලර් මිලියන 1.75ක් 2022 ජනවාරි මාසයේදී ලැබුණු අතර තුන්වන ගෙවීම ඩොලර් මිලියන 2.5ක් 2023 සැප්තැම්බර් මාසයේදී ලැබුණි.

එයා දැන් බැඳලා අන්තිම විය - (අජිත් පැරකුම් ජයසිංහ)(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...