The Leader News
BREAKING
Top Ad
Biz

මහ බැංකු අධිපති බ්ලූම්බර්ග් වෙබ් අඩවියට කියපු කතාව !

T

The Leader Desk

November 18, 2023 • 5:11 AM

මහ බැංකු අධිපති බ්ලූම්බර්ග් වෙබ් අඩවියට කියපු කතාව !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීන එක්සිම් බැංකුව සමග ශ්‍රී ලංකාව ඇතිකරගත් ගිවිසුමේ තොරතුරු පැරිස් ක්ලබ් ණය හිමියන් වෙත ලබාදී ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
  • 'බ්ලුම්බර්ග්' වෙබ් වෙත මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබුණේ, මේ තත්ත්වය තුළ මේ වසර අවසන් වීමට පෙර මෙරට ණය ප්‍රතිව්‍යුගතකරණ  වැඩසටහනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ද අනුමැතිය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවයි.
  • මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ උපුටා දක්වමින් බ්ලූම්බර්ග්  ( bloomberg.com ) ප්‍රවෘත්ති සේවාව පවසන්නේ, මෙම එකඟතා ඉදිරිපත් කිරීම තුළ මේ වසර අවසානයට පෙර 'පැරිස් සමාජය' ඔවුන්ගේ ණය ප්‍රතිව්‍යුගතකරණ යෝජනා ඉදිරිපත් කරනු ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ උපුටා දක්වමින් බ්ලූම්බර්ග්  (bloomberg.com) ප්‍රවෘත්ති සේවාව පවසන්නේ, මෙම එකඟතා ඉදිරිපත් කිරීම තුළ මේ වසර අවසානයට පෙර 'පැරිස් සමාජය' ඔවුන්ගේ ණය ප්‍රතිව්‍යුගතකරණ යෝජනා ඉදිරිපත් කරනු ඇති බවයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා චීනයේ ස්ථාවරය ශ්‍රී ලංකාව අපෙක්ෂාවෙන් සිටියේ ය.

'බ්ලුම්බර්ග්' වෙබ් වෙත මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබුණේ, මේ තත්ත්වය තුළ මේ වසර අවසන් වීමට පෙර මෙරට ණය ප්‍රතිව්‍යුගතකරණ  වැඩසටහනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ද අනුමැතිය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවයි.

 චීනය ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 ක ණය මුදලක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එකඟ වූ කොන්දේසි අනෙකුත් ණය හිමියන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ හුවමාරු කරගත් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ 'බ්ලූම්බර්ග්' (bloomberg.com) වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත.


එම කොන්දේසි අධ්‍යනය කර ඉන්දියාව, ජපානය සහ පැරිස් සමාජයේ ප්‍රධානත්වයෙන් යුත් ද්වි පාර්ශ්වික ණය හිමියන්ගේ නිල කමිටුවද ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගිවිසුමක් යෝජනා කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ එම සම්මුඛ සාකච්ඡා පවසා තිබේ.

එමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය මුදලේ දෙවැනි වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 330 ක පමණ මුදල වසර අවසාන වීමට පෙර ලබාගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කර ඇත.


මුලාශ්‍රය :
Sri Lanka Gives China Deal Details, Keeping IMF Aid on Track

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...