පමණ පහත වැටී ඇතැයි නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.
ඇතැම් දේශීය ආයෝජකයන් වෙනත් රටවල ආයෝජනය කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලමින් සිටින්නේ යැයිද ඔහු කීය.
ඇතැම් ආයෝජකයන් සේවකයන්ට වන්දි ලබා දී සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත. මේ වන විට මහා පරිමාණ ආයතන 10ක පමණ එලෙස වන්දි ගෙවා සේවකයන් ඉවත් කර තිබේ.
නිෂ්පාදනයක් සිදු නොවූවද සමහර ආයතන හිමිකරුවන් තම තැන්පතුවලින් සේවකයන්ට පූර්ණ හෝ අර්ධ වැටුපක් ලබා දී ඔවුන් නිවෙස්වල රඳවා තිබේ.
ඇතැම් කම්හල් සතියකට දින 4ක් පමණක් නිෂ්පාදන කටයුතු සිදු කරන අතර, ඇතැම් ආයතන සතියක් හැර සතියක් පමණක් විවෘතව තබන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ වන විට සුළු හා මධ්‍ය පරිමාණ කම්හල්වලින් 50%ක් පමණ වසා දමා ඇති අතර දෙසැම්බර් නිවාඩුවෙන් පසු ඇතැම් මහා පරිමාණ කම්හල්වලින් 20%ක් පමණ සංඛ්‍යාවක් මාසයක සිට තුන් මාසයක කාලයක් දක්වා වසා තැබීමට තීරණය කර ඇතැයිද ඔහු සඳහන් කරයි.
ඇණවුම් අවම වීමට අමතරව විදුලි බිල ඇතුළු වෙනත් පිරිවැය විශාල ලෙස ඉහළ ගියද එයට සරිලන මිලක් නොලැබීම ආයෝජකයන්ගේ ආදායම පහත වැටීමට බලපා තිබේ.
බොහෝ රටවල් ඉතා අඩු මිලට සේවා සැපයීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනකරුවන්ට වෙනත් රටවල් සමඟ තරග කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයිද ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේය.
(deshaya.lk)
ඇඟලුම් ආදායම හතරෙන් එකක් බසී !
T
The Leader Desk
November 18, 2023 • 4:57 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ශ්‍රී ලංකාවට ලැබෙන ඇණවුම් අවම වීම සහ පිරිවැය ඉහළ යාම හේතුවෙන් ඇඟලුම් ක්ෂේත්‍රයේ ආයෝජකයන්ගේ ආදායම මේ වන විට 25%කින්
- ඇතැම් දේශීය ආයෝජකයන් වෙනත් රටවල ආයෝජනය කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලමින් සිටින්නේ යැයිද ඔහු කීය.
- ඇතැම් ආයෝජකයන් සේවකයන්ට වන්දි ලබා දී සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.
- මේ වන විට මහා පරිමාණ ආයතන 10ක පමණ එලෙස වන්දි ගෙවා සේවකයන් ඉවත් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



