The Leader News
BREAKING
Top Ad
Biz

'සත්‍ය වියදම අනුව විදුලි ගාස්තු වහාම අඩු කළ යුතුයි' - ජනක රත්නායක

T

The Leader Desk

December 4, 2023 • 8:26 AM

'සත්‍ය වියදම අනුව විදුලි ගාස්තු වහාම අඩු කළ යුතුයි' - ජනක රත්නායක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වසරේ ලංවිම වියදම රුපියල් බිලියන 575ක් බවට තමා කළ පුරෝකතනය දැනටමත් සනාථ වී ඇතැයි ශ්‍රී ලංකා
  • ඒ අනුව සත්‍ය වියදම අනුව විදුලි ගාස්තු වහා අඩු කළ යුතු බව ඔහු අවධාරණය කර සිටියි.
  • “ මේ වසරේ මුලදී ලංවිම කොමිෂන් සභාවට ඉදිරිපත් කල ගාස්තු ඉහල දැමීමේ යෝජනාව මගින් 2023 ලංවිම වියදම රුපියල් බිලියන 720ක් ලෙස පුරෝකථනය කර තිබුණා.
  • ඒ අවස්ථාවේදී මා විසින් කල පුරෝකතනය අනුව ලංවිම වියදම රුපියල් බිලියන 575කට සීමා වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක පවසයි.

ඒ අනුව සත්‍ය වියදම අනුව විදුලි ගාස්තු වහා අඩු කළ යුතු බව ඔහු අවධාරණය කර සිටියි.

“ මේ වසරේ මුලදී ලංවිම කොමිෂන් සභාවට ඉදිරිපත් කල ගාස්තු ඉහල දැමීමේ යෝජනාව මගින් 2023 ලංවිම වියදම රුපියල් බිලියන 720ක් ලෙස පුරෝකථනය කර තිබුණා. නමුත් එය වැරැදියි. ඒ අවස්ථාවේදී මා විසින් කල පුරෝකතනය අනුව ලංවිම වියදම රුපියල් බිලියන 575කට සීමා වෙනවා. ඒ අනුව මේ වසරේ පෙබරවාරි 15ට පෙර සකස්කල ගාස්තු සංශෝධනය මගින් ලංවිමට රුපියල් බිලියන 575ක් උපයාගත හැකි පරිදි සාධාරණ ගාස්තු වැඩිකිරීමක් සකස්කලා. ඒ අනුව සියයට 35ක ගාස්තු වැඩි කිරීමක් මේ වසරටම ප්‍රමාණවත් වන බව මම පෙන්වා දුන්නා.

Screenshot 2023 12 04 at 13.03.06

නමුත් අවාසනාවකට මා කල නිර්දේශය වෙනුවට ලංවිම කල යෝජනාව එලෙසම ක්‍රියාත්මක කලා. ඒක නිසා ලංවිමට අධික ලාභයක් ලැබෙන තත්ත්වයක් උදා වුණා. විදුලි පාරිභෝගිකයා සුරාකෑමට ලක් වුණා. දැන් වෙනකොට මාස 11ක් අවසන් වී තිබෙනවා. මාස 11ක සත්‍ය දත්ත මේ වන විට නිකුත් වී අවසන්.

මේ අවුරුද්දේ මුල් මාස 11 තුල ලංවිම වියදම රුපියල් බිලියන 540කට ආසන්නයි. දෙසැම්බර් මාසයේදි තවත් බිලියන 38ක වියදමක් ඇස්තමේන්තු කල විට වසරේ සමස්ත වියදම රුපියල් බිලියන 575කට ආසන්න වෙනවා. මේ වියදම පූරණය සදහා ඒකකයක සමාන්‍ය මිල රුපියල් 42ක් තිබුණා නම් ප්‍රමාණවත්. මම මේ වසරේ මුලදී නිර්දේශ කලේ ඒකක වියදම රුපියල් 42ක් කියන පදනම යටතේ සකස් කල ගාස්තු ක්‍රමයක්. එම ක්‍රමය මුළු වසරටම ප්‍රමාණවත්. ඒ ගාස්තු ක්‍රමය යටතේ ලංවිම සමස්ත වියදම රුපියල් බිලියන 575ක් කියල ගණනය කළා. එය සත්‍ය බවට දැන් තහවුරු වෙලා තිබෙනවා.

 

මෙය සත්‍ය තත්ත්වය වුවත් ලංවිම මේ වසරේ දෙවරක් ගාස්තු වැඩිකලේ මේ සත්‍ය වියදම පදනම් කරගෙන නෙවෙයි. ඔවුන් පදනම් කරගත්තේ ලංවිම වාර්ෂික වියදම රුපියල් බිලියන 720ක් බවට. ඒ අනුව විදුලි ඒකකයක් වෙනුවෙන් පාරිභෝගිකයාට ගෙවන්න වෙලා තිබෙනවා රුපියල් 50ක පමණ වියදමක්. වැරැදි ලෙස වියදම ඇස්තමේන්තු කල නිසා ලංවිමට දැන් අධික ලාභයක් ලැබෙනවා. ආර්ථිකයට විශාල හානියක් වුනා. කර්මාන්ත ශාලා වැසි ගියා. පාරිභෝගිකයො පරිභෝජනය අඩු කළා. ලක්ෂ ගණනක විදුලිය විසන්ධි කළා.

 

දැන් වහාම කල යුත්තේ විදුලි ගාස්තු අඩුකිරීමයි. ඝෘජුවම විදුලි පාරිභෝගිකයාට වාසිය ලබා දිය යුතුයි. ඒ වගේම මේ වැරැදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන හා ඒවා අනුමත කරන බලධාරීන් හා නිලධාරීන්ට එරෙහිවත් ක්‍රියාකළ යුතුයි.''

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...