The Leader News
BREAKING
Top Ad
Biz

කිලිනොච්චි පූනකරි වැවේ ඕස්ට්‍රේලියානු සූර්ය බලශක්ති ව්‍යාපෘතියක්

T

The Leader Desk

December 12, 2023 • 7:30 AM

කිලිනොච්චි පූනකරි වැවේ ඕස්ට්‍රේලියානු සූර්ය බලශක්ති ව්‍යාපෘතියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔස්ට්‍රේලියාවේ 'යුනයිටඩ් සෝලා ගෲප්' සමාගම විසින් ඉදිකිරීමට නියමිත මෙගාවොට් 700කින් සමන්විත සූර්යය බලශක්ති ව්‍යාපෘතියෙන් විදුලිය
  • විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර සිය X ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ, මෙගාවොට් 1,500 බලශක්ති ගබඩා පද්ධතියක් සහිත මෙම සූර්යය බලශක්ති ව්‍යපෘතිය කිළිනොච්චිය පූණකරී වැව මතුපිට ඉදිකිරීමට නියමිත බවයි.
  • අදාළ ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදුන් බව අමාත්‍ය කංචන විජේසේකර ගේ X සටහනේ වැඩිදුරටත් සඳහන් වේ.
  • එහිදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1,727ක සමස්ත ආයෝජනයක් සහිතව සහ 100%ක සෘජු විදේශ ආයෝජනයක් වශයෙන් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබුණු අතර, ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් දේශීය ව්‍යාපෘති සංරචක සඳහා යෙදවීමට වෙන් කිරීමට යෝජනා වී තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

මිල දී ගැනීම සඳහා ගිවිසුම් ගත වීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර සිය X ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ, මෙගාවොට් 1,500 බලශක්ති ගබඩා පද්ධතියක් සහිත මෙම සූර්යය බලශක්ති ව්‍යපෘතිය කිළිනොච්චිය පූණකරී වැව මතුපිට ඉදිකිරීමට නියමිත බවයි.

අදාළ ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදුන් බව අමාත්‍ය කංචන විජේසේකර ගේ X සටහනේ වැඩිදුරටත් සඳහන් වේ.

WhatsApp Image 2023 12 12 at 12.40.03

මෙගාවොට් 134ක විදුලිබල සැපයුමක් ලබා දීමට හැකි වන පරිදි කිලිනොච්චිය පූනකරි වැවෙහි බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සහිත මෙගාවොට් 700ක සූර්ය බලාගාරයක් සංවර්ධනය කිරීම පිණිස ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් සෝලා එනර්ජි එස් එල් පෞද්ගලික සමාගම විසින් යෝජනාවක් මීට පෙර ඉදිරිපත් කර තිබුණි.

එහිදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1,727ක සමස්ත ආයෝජනයක් සහිතව සහ 100%ක සෘජු විදේශ ආයෝජනයක් වශයෙන් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබුණු අතර, ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් දේශීය ව්‍යාපෘති සංරචක සඳහා යෙදවීමට වෙන් කිරීමට යෝජනා වී තිබුණි.

යෝජිත ව්‍යාපෘතියෙහි කොටසක් වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 13.5ක පිරිවැයක් යටතේ මුහුදු ජලය ඇතුළුවීම වැළැක්වීම සඳහා පූනකරි වැව වටා අමුණු 03ක් ඉදි කර එම වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ව්‍යාපෘති යෝජක සමාගම විසින් යෝජනා කරනු ලැබ ඇත.

ඒ වෙනුවට එම වැවේ නොගැඹුරු ප්‍රදේශයෙන් අක්කර 1,080ක් මෙගාවොට් 700ක සූර්ය බලාගාරය ස්ථාපිත කිරීම සඳහා වසර 35ක බදු ගිවිසුමක් මත එම සමාගම වෙත ලබා දීමට මීට පෙර උතුරු පළාත් සභාව, උතුරු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව එකඟතාව පළ කර තිබුණි.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...