The Leader News
BREAKING
Top Ad
Biz

ටෙලිකොම් කොටස් ගන්න ඉන්දියාවයි - චීනයයි පොරකයි

T

The Leader Desk

January 31, 2024 • 3:04 PM

ටෙලිකොම් කොටස් ගන්න ඉන්දියාවයි - චීනයයි පොරකයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ටෙලිකොම් හි රජය සතු බහුතර කොටස් ලබාගැනීම සඳහා මේ වනවිට චීන සහ ඉන්දියානු
  • ජියෝ ප්ලැට්ෆෝර්ම් සමාගම අයත්වන්නේ ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ රිලායන්ස් ව්‍යපාරයට ය.
  • ෆෝබ්ස් ව්‍යාපාරික වෙබ් අඩවියට අනුව මුකේෂ් අම්බානි ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ 11 වන ස්ථානයේ පසුවෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

සමාගම් දෙකක් සුදුසුකම් ලබාඇති බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ චීනයේ ගෝටියුන් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස් සහ ඉන්දියාවේ ජියෝ ප්ලැට්ෆෝර්ම් යන සමාගම් දෙක ය.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු 50.23% කොටස් විකුණා දැමීම අවශ්‍ය පියවර ගනිමින් තිබේ.


ටෙලිකොම් ආයතනයේ බහුතර කොටස් මිලදී ගැනීම සඳහා ඉන්දියාවේ ජියෝ ප්ලැට්ෆෝර්ම් සමාගම සහ චීනයේ ගෝටියුන් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස් සමාගම සහ එක්සත් රාජධානියේ ලයිකා සමූහයට අයත් පෙට්ටිගෝ කොමර්සියෝ ඉන්ටර්නැෂනල් සමාගම ඉදිරිපත් වී සිටියේය.


එහෙත් මුදල් අමාත්‍යාංශයේ විශේෂ ව්‍යාපෘති කමිටුව සහ කැබිනට් මණ්ඩලය පත්කළ විශේෂ සාකච්ඡා කමිටුව ටෙලිකොම් මිලදි ගැනීම සඳහා පූර්ව සුදුසුකම් සහිත තරගකාරී සමාගම් ලෙස ජියෝ ප්ලැට්ෆෝර්ම් සමාගම සහ චීනයේ ගෝටියුන් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස් සමාගම තෝරාගෙන තිබේ.

ජියෝ ප්ලැට්ෆෝර්ම් සමාගම අයත්වන්නේ ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ රිලායන්ස් ව්‍යපාරයට ය.

ජියෝ ප්ලැට්ෆෝර්ම් සමාගමේ වත්කම මේ වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 107ක් පමණ වෙයි.

ෆෝබ්ස් ව්‍යාපාරික වෙබ් අඩවියට අනුව මුකේෂ් අම්බානි ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ 11 වන ස්ථානයේ පසුවෙයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් විකිණිමේ විශේෂ උපදේශක ආයතනය ලෙස කටයුතු කරන්නේ ලෝක බැංකුවට අනුබද්ධ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවයි.

මේ අතර අද දෙරණ BIG FOCUS වැඩසටහනට එක්වෙමින් ශ්‍රී ලංකා ටෙලිකොම් හිටපු සභාපති රොහාන් ප්‍රනාන්දු රාජ්‍ය දේපල විකිණීම තුළින් රටකට එල්ලවන බලපෑම සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්විය. 

 (adaderana.lk)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...