The Leader News
BREAKING
Top Ad
Biz

දකුණු කොරියා - ශ්‍රී ලංකා එකමුතුවෙන් ජාත්‍යන්තරය පිළිගත් විශ්ව විද්‍යාලයක්

T

The Leader Desk

February 2, 2024 • 10:40 AM

දකුණු කොරියා - ශ්‍රී ලංකා එකමුතුවෙන් ජාත්‍යන්තරය පිළිගත් විශ්ව විද්‍යාලයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෝස්තර නිරූපණය, නව විලාසිතා සහ නර්තනය මුල සිට අධ්‍යයනය කිරීම සඳහා දෙස් විදෙස් සිසුන්ට ඉඩ කඩ ලබාදෙන ජාත්‍යන්තරය පිළිගත්
  • දැනටමත් ඉන්දියාව, චීනය, දකුණු කොරියාව ඇතුලු ප්‍රධාන අසියානු රටවල සංචාරක ප්‍රවර්ධනය සඳහා මේ ක්ෂේත්‍රය යොදා ගන්නා අතර එහි විපුල ඵල එම රටවල් අත්පත් කරගෙන ඇත.
  • එය ආදර්ශයට ගෙන ශ්‍රී ලංකාවටද මානව සම්පතේ දියුණුවත්, ස්වභාවික සම්පත් වල තිබෙන විපුලතාවයන් සංචාරක කර්මාන්තයට යොදා ගැනීමටත් මේ සමග හැකිවන බව දේශමාන්‍ය රවීන්ද්‍ර ගයනාත් සිල්වා ප්‍රකාශ කළේය.
  • දකුණු කොරියාවේ සංචාරක කර්මාන්තයට විශාල අත්වැලක් වෙමින් මෝස්තර නිරූපණය, නව විලාසිතා සහ නර්තනය ඉගැන්වීම සහ ඒ ඔස්සේ බැඳුනු ජාත්‍යන්තර තරග පැවැත්වීම සුලබව දක්නට ලැබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

විශ්ව විද්‍යාලයක් දකුණු කොරියා ශ්‍රී ලංකා එකමුතුවෙන් මෙරටේ පිහිටුවාලීමට මූලික කටයුතු මේ වන විට සැලසුම් කොට තිබේ.

මෙරට ක්‍රියාත්මක සංචාරක ක්ෂේත්‍රය පුළුල් කිරීමේ ජාතික සැලැස්මට දිගුවක් වෙමින් මෙම නව විෂය ක්ෂේත්‍රය මෙරට දරුවන්ට සහ විදේශීය පිරිස් වෙත පහසුවෙන් ගෙන යාම මෙම විශ්ව විද්‍යාලය ඇරඹීමේ මූලික අරමුණ වී ඇත. 

මෙම නව වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සීකෝ ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමේ සහ ට්‍රෝජා ඉන්ටර්නැෂනල් මැනේජ්මන්ට් කන්සල්ටන් සර්විසස් සමාගමේ (Troja International Management consultanting services pvt ltd & Ceyko International pvt ltd) ප්‍රධාන විධායක නිලධාරී දේශමාන්‍ය රවීන්ද්‍ර ගයනාත් සිල්වා සහ ඊනයින් කා‍ගෝ (E9 cargo) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දේශමාන්‍ය සම්පත් සඳකැළුම් මේ වන විටත් දකුණු කොරියාවේ ස්ටර් වර්ල්ඩ් නිව්ස් පේපර් සමාගමේ (Starwood Newspaper) ප්‍රධාන විධායක නිලධාරී Jintae Kim සහ හන් ඒෂියා හියුමන් රිසෝර්ස් ඩිවලොප්මන්ට් ප්‍රධාන විධායක නිලධාරී සහ ස්ටාර් වර්ල්ඩ් නිව්ස් පේපර්ස් ඕවර්සීස් කෝපරේෂන් (Han Asia Human Resources Development  & Starwood Newspaper Overseas Cooperation) අධ්‍යක්ෂ Yoo Je-Gang සාර්ථක සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබේ.

මෝස්තර නිරූපණය, නව විලාසිතා, නර්තනය වැනි විෂය ක්ෂේත්‍රයන් ඉහළ වැටුප් ලබන සහ උසස් ගුණාත්මක භාවයෙන් යුතු වෘත්තීයන් බවට පත් කොට වැඩි වශයෙන් ශ්‍රී ලාංකිකයින්ට මුදල් ලබා ගැනීමටත් විදේශීය සංචාරකයින් මෙම ක්ෂේත්‍රයේ කටයුතු වලට මෙරටට ගෙන්වා ගනිමින් වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගැනීම මෙම වැඩපිළිවෙලේ මැදි කාලීන අරමුණ වී තිබේ.

දැනටමත් ඉන්දියාව, චීනය, දකුණු කොරියාව ඇතුලු ප්‍රධාන අසියානු රටවල සංචාරක ප්‍රවර්ධනය සඳහා මේ ක්ෂේත්‍රය යොදා ගන්නා අතර එහි විපුල ඵල එම රටවල් අත්පත් කරගෙන ඇත. එය ආදර්ශයට ගෙන ශ්‍රී ලංකාවටද මානව සම්පතේ දියුණුවත්, ස්වභාවික සම්පත් වල තිබෙන විපුලතාවයන් සංචාරක කර්මාන්තයට යොදා ගැනීමටත් මේ සමග හැකිවන බව දේශමාන්‍ය රවීන්ද්‍ර ගයනාත් සිල්වා ප්‍රකාශ කළේය.

දකුණු කොරියාවේ සංචාරක කර්මාන්තයට විශාල අත්වැලක් වෙමින් මෝස්තර නිරූපණය, නව විලාසිතා සහ නර්තනය ඉගැන්වීම සහ ඒ ඔස්සේ බැඳුනු ජාත්‍යන්තර තරග පැවැත්වීම සුලබව දක්නට ලැබේ. එවැනි වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තමන් ඇතුලු කණ්ඩායමට අවස්ථාවක් ලැබුණු බවද ගයනාත් සිල්වා කීය.

 

k staff

මෙරටේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට නව අංශය ව්‍යාප්ත කිරීම සඳහා මූලික සාර්ථකව ආරම්භ කළ අවස්ථාවේදී කොරියානු සහ ශ්‍රී ලංකා නියෝජිතයින් සමූහ ඡායාරූපයකට පෙනී සිටී අයුරුයි මේ

k u 1


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...