The Leader News
BREAKING
Top Ad
Biz

ගුවන් තොටවල් ඉන්දියාවට දෙන ගිවිසුම ලැස්තියි ?

T

The Leader Desk

February 11, 2024 • 5:15 AM

ගුවන් තොටවල් ඉන්දියාවට දෙන ගිවිසුම ලැස්තියි ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ ගුවන් තොටුපළවල් සංවර්ධනය, කළමනා කරණය සහ ක්‍රියාත්මක කිරීම සඳහා වන සහයෝගිතාව වෙනුවෙන් වන අවබෝධතා ගිවිසුමක් ඉන්දියාව සමග අත්සන් කිරීම නියමිතය.
  • මෙම අවබෝධතා ගිවිසුම තුළ ඉන්දියාව ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළවල් තුළ සිදුකරන නිශ්චිත කාර්යයන් සඳහන් කර නැති අතර එය ගැටලුවක් බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංගයේ නිලධාරියෙක් අප කළ විමසීමකදී පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


ළඟදීම එම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට නියමිත බව අපගේ විදේශ කටයුතු අමාත්‍යාංශ මූලාශ්‍ර ප්‍රකාශ කරන අතර මෙම අවබෝධතා ගිවිසුම සකස් කිරීම සිදුකර ඇත්තේ ඉන්දියාව විසිනි. 

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2023 ජුලි මාසයේදී ඉන්දියාවේ කළ සංචාරයේදී දෙරට අතර සම්බන්ධතාව ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය ආයෝජනවල වැදගත්කම සම්බන්ධයෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙනි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමත්‍යංශයේ පසුගිය වසරේ නොවැම්බර් 03 දින දැනුවත් කර ඇති අතර ඒ අනුව විදේශ කටයුතු අමත්‍යංශය විසින් වරාය, නාවික හා ගුවන් සේවා අමත්‍යංශය දැනුවත් කර ඇත.

මෙම අවබෝධතා ගිවිසුම තුළ ඉන්දියාව ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළවල් තුළ සිදුකරන නිශ්චිත කාර්යයන් සඳහන් කර නැති අතර එය ගැටලුවක් බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංගයේ නිලධාරියෙක් අප කළ විමසීමකදී පැවසීය.

ගුවන්තොටුපොළ තුනක පාලනය අදානිට?- ඉන්දීය මාධ්‍ය කියයි 

ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළවල් තුනක පරිපාලනය ලබා ගැනීම සම්බන්ධයෙන් අදානි සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 

එම සාකච්ඡා සාර්ථක වුවහොත් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, මත්තල ගුවන් තොටුපොළ සහ රත්මලාන ගුවන් තොටුපොළවල පරිපාලනය අදානි සමූහ ව්‍යාපාරය සතු වීමට ඉඩ තිබෙන බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි. 

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගුවන් තොටුපොළවල් තුන පාලනය කිරීම සඳහා අදානි සමුහ ව්‍යාපාරය සමඟ එක්ව කටයුතු කිරීමට සැලැසුමක් ශ්‍රී ලංකාවට තිබෙන බව සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මුම්බායි නගරයේදී 'ද හින්දු' පුවත්පතේ ව්‍යාපාරික වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර තිබෙන බවද ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කරයි.

එසේම ඒ සඳහා අදානි සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. 

සංචාරකයන් මිලියන 1.48 පිරිසක් පසුගිය වසරේ මෙරටට පැමිණ ඇති බවත් මෙරට සංචාරක කාර්මාන්තය හිස ඔසවමින් සිටින මොහොතක ගුවන් තොටුපොළවල පරිපාලනය ක්‍රමවත් කිරීමට පුද්ගලික සමාගමක් සම්බන්ධ කර ගැනීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. 

(මුලාශ්‍රය : lankadeepa.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...