The Leader News
BREAKING
Top Ad
Biz

පරාටේ නීතිය අත්හිටුවීමට කැබිනට් අනුමැතිය

T

The Leader Desk

February 26, 2024 • 3:27 PM

පරාටේ නීතිය අත්හිටුවීමට කැබිනට් අනුමැතිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වෙයි.
  • ඒ අනුව 2024 දෙසැම්බර් මස 15 වැනි දින දක්වා පරාටේ නීතිය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත් හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
  • ඊට අදාළ සංශෝධන කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.
  • සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ ඉඩම් සහ දේපල බැංකු සහ මුල්‍ය ආයතන විසින් පවරා ගැනීම හේතුවෙන් ඔවුන් පත්ව ඇති දුෂ්කරතා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ විසින් කළ ඉල්ලීමකට අනුව මුදල් ඇමති ලෙස ජනපති විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව 2024 දෙසැම්බර් මස 15 වැනි දින දක්වා පරාටේ නීතිය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත් හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඊට අදාළ සංශෝධන කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ ඉඩම් සහ දේපල බැංකු සහ මුල්‍ය ආයතන විසින් පවරා ගැනීම හේතුවෙන් ඔවුන් පත්ව ඇති දුෂ්කරතා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත.

එම ව්‍යාපාරිකයින් අවස්ථා කිහිපයකදී පරාටේ නීතිය හේතුවෙන් තමන් මුහුණ පා සිටින දුෂ්කරතා පිළිබදව අධිකරණ අමාත්‍යවරයා සහ කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ  අවධානය යොමු කළ අතර, ඒ අනුව ව්‍යාපාර සිදු කිරීමේදී ඔවුන්  මුහුණ පා ඇති දුෂ්කරතා අවම කරමින්  කිසියම් සහනයක් සැලසීම මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමේ අරමුණ වී තිබේ.


සබැඳි පුවත් :
බැංකුවට සින්නවූ සුපිරි රෝහල විකුණන්න අවසර

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...