The Leader News
BREAKING
Top Ad
Biz

ඉදිරි මාස තුන හතරේදී ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙනවා - ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය

T

The Leader Desk

March 30, 2025 • 2:01 PM

ඉදිරි මාස තුන හතරේදී ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙනවා - ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • | ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා ඇතුළු නිලධාරි මණ්ඩලය මාධ්‍ය හමුවේදී අදහස් දක්වන අයුරුයි මේ.
  • වසර පහක් වාහන තාවකාලිකව ගෙන ඒම අත්හිටුවීමට ගත් තීරණය ඉවත් කරමින් නැවත වාහන ගෙන්වීමට ජනපතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස ගත් තීරණයට තම සංගමය ප්‍රසාදය රජයට පළ කරන බව ද ඔහු කීය.
  • පහුගිය කාලයේ පළවෙනි නැව ඇවිල්ලා ගොඩක් හිර වුණා.
  • අපේ සුබවාදීව බලනවා නම් තව දින කිහිපයකින් ප්‍රශ්න සියල්ල ඉවර වෙලා වාහන ආනයනය නැවත ප්‍රකෘතිමත් වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

වාහන පිටරටින් ගෙන්වීමට ඉඩහැරීමත් සමඟ ඉදිරි සති දෙක තුන සහ මාස තුන හතරකින් පසු ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වන බව විශ්වාස යැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සභාපති ඉන්දික සම්පත් මැරෙන්ජිගේ ප්‍රකාශ කළේය.

වසර පහක් වාහන තාවකාලිකව ගෙන ඒම අත්හිටුවීමට ගත් තීරණය ඉවත් කරමින් නැවත වාහන ගෙන්වීමට ජනපතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස ගත් තීරණයට තම සංගමය ප්‍රසාදය රජයට පළ කරන බව ද ඔහු කීය.

සභාපතිවරයා මෙම අදහස් පළ කළේ ඉකුත්දා වාසනා නේචර් රිසෝර්ට්හි පැවැති එම සංගමයේ විශේෂ මහ සභා රැස්වීම අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා මෙසේ ද කීය.

''මුදල් අමාත්‍යාංශය හා රේගුවේ ප්‍රශ්න කෙටි කාලයක් තුළ විසඳීමට උත්සාහ කළ යුතුයි''

 ''වාහන ආනයනය අවුරුදු පහකට පස්සේ ප්‍රකෘති වුණේ. මේ වනවිට රට දුවන්නෙ නිලධාරින්ට වගකීම් දීලා. ඇමතිවරු එම වගකීම් නිලධාරින්ට පවරා දී තිබෙනවා.

ජනාධිපතිතුමා බොහෝම කාර්යබහුලයි. ඒ නිසා වේගයෙන් වැඩ කළ හැකි නියෝජ්‍ය ඇමැතිවරු පත් කළ යුතුයි. ඒ ඒ විෂයන් සම්බන්ධයෙන් නිලධාරීන් පරිස්සමින් හෙමින් වැඩ කරන්නේ. මුදල් අමාත්‍යාංශය හා රේගුවේ ප්‍රශ්න කෙටි කාලයක් තුළ විසඳීමට උත්සාහ කළ යුතුයි. ඒවායේ ප්‍රමාදයන් තිබිය යුතු තැන් නොවෙයි.  

වාහන බදු අයකර ගැනීම සම්බන්ධයෙන් විවිධ වර්ගීකරණයන් තිබෙනවා. ඒ පිළිබඳව ලොකු ගැටලු තිබෙනවා. ඒවා නිසා බදු වෙනස් වෙලා තිබෙනවා.  මුලින් තිබුණට වඩා රේගුවෙත් මුදල් අමාත්‍යාංශයෙත් වෙනසක් අපි දකිනවා. පසුගිය කාලේ වගේ නෙමෙයි මේ කාලයේ ඔවුන් සහ අපි කරන කියන දේවල්වලට සවන් දෙනවා. පහුගිය කාලයේ පළවෙනි නැව ඇවිල්ලා ගොඩක් හිර වුණා. අපේ සුබවාදීව බලනවා නම් තව දින කිහිපයකින් ප්‍රශ්න සියල්ල ඉවර වෙලා වාහන ආනයනය නැවත ප්‍රකෘතිමත් වෙයි.  

ඉදිරියේදී රටක් විදියට හැමදේම හොඳින් වෙන්න ඕනේ. අනිසි කටයුතු වළක්වලා කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. මෝටර් රථ දෙපාර්තමේන්තුව රේගුව මුදල් අමාත්‍යංශය මේ දේවල් සකසල දෙයි කියලා අපි හිතනවා. වාහන ආනයනය නිසා ආර්ථිකයට ලොකු මුදලක් එකතු වෙයි.

තමන්ගෙ තියෙන මුදලට ගැලපෙන්න වාහනයක් දෙන්න කියන එක තමයි අපිත් මුල ඉඳලම කිව්වේ.  වැඩි බදු මුදලක් රජයට අයකර ගැනීමට හැකි ආකාරයත් ලංකාවේ විදේශ විනිමය ඉතිරි වෙන ක්‍රමයකුත් අප කියා තියෙනවා. රජය ඒවා ගැන අවධානය යොමු කළ යුතුයි.''
 

රේගුවේ කාර්යභාරය නිසි පරිදි ඉටු කරගන්න බැරිවෙලා...
dty567| ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ජ්‍යෙෂ්ඨ අනුශාසක කීර්ති ගුණවර්ධන,

රජය අපේක්ෂිත බදු රැස්කර ගැනීම සඳහා විශේෂයෙන් රේගුව හරහා ලොකු කාර්යභාරයක් සිදුවෙනවා. ඒ කාර්යභාරයේ ඉටු කරන්න රේගුව හා සම්බන්ධ වෙන තවත් ආයතන දෙකක් තියෙනවා. ආනයන පාලක දෙපාර්තමේන්තුව හා මුදල් අමාත්‍යාංශය.
 
මුදල් අමාත්‍යංශය තියෙන්නේ තීන්දු තීරණ අරගෙන නිසි කලට ඒවා රේගුවට ලබාදෙන්න මාස දෙකක් තිස්සේ වාහන ආනයනය සඳහා අවසර දීලා තියෙද්දි රේගුවේ කාර්යභාරය නිසි පරිදි ඉටු කරගන්න බැරිවෙලා තිබෙනවා.
 
මුදල් අමාත්‍යාංශය හරහා දෙන්න ඕන තීන්දු තීරණ හරියට නොලැබුණු නිසා එක්තරා ආයතනයක් තහනම් කරලා තිබෙනවා කියලා වාහන හම්බන්තොට වාහන ටික හම්බන්තොට වරායට ආවට පස්සේ තමයි ප්‍රකාශයට පත් කළේ.
 
අපි අත්දැකීමෙන් දන්නවා 2023 ඉලෙක්ට්‍රික් වාහන කරන ගේන්න අවසර දුන්නා ඒ වාහන සියල්ලට වගේ ඔය කියන ආයතනයෙන් තමයි තත්ත්ව සහතික ලබා දුන්නේ ඒ අවස්ථාවේ ක්‍රියාත්මක නොවූ රේගුව ඇවිල්ලා මේ ආයතනය වැරදියි කිව්වා.
 
රේගු හරහා විශාල ආදායමක් බලාපොරොත්තු වෙනවා නම් අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමේ වගකීම තියෙනවා මුදල් අමාත්‍යාංශයට. මුදල් අමාත්‍යංශය තමයි ක්‍රම සම්පාදක විදිහට කටයුතු කරන්නේ.
 
ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග ද මෙහිදී අදහස් ප්‍රකාශ කළේය.
 
(සටහන | ජේ. මුණසිංහ)
 
ty467g
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...