The Leader News
BREAKING
Top Ad
Biz

ට්‍රම්ප්ගේ තීරු බදු: ආසියානු වෙළෙඳපොළවල 'තියුණු කඩා වැටීමක්' දක්නට ඇත්තේ ඇයි?

T

The Leader Desk

April 8, 2025 • 5:05 AM

ට්‍රම්ප්ගේ තීරු බදු: ආසියානු වෙළෙඳපොළවල 'තියුණු කඩා වැටීමක්' දක්නට ඇත්තේ ඇයි?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සඳුදා [කොටස් වෙළෙඳපොළ] විවෘත කළ විට ෂැංහයි සිට ටෝකියෝ දක්වා සහ සිඩ්නි සිට හොංකොං දක්වා ප්‍රධාන දර්ශක පහත වැටි තිබුණි.
  • සඳුදා (අප්‍රේල් 7) කොටස් වෙළෙඳපොළවල් විවෘත කිරීමත් සමග ෂැංහයි සිට ටෝකියෝ දක්වා සහ සිඩ්නි සිට හොංකොං දක්වා ප්‍රධාන දර්ශක පහත වැටිණි.
  • ගෝලීය වෙළෙඳ යුද්ධයක් හේතුවෙන් ලෝකයේ විශාලතම ආර්ථිකය එනම්, ඇමෙරිකාවේ ආර්ථික වර්ධනයේ මන්දගාමීත්වයක් හෝ අවපාතයක් ඇති විය හැකියි යන්න කෙරෙහි ද ඔවුහු කනස්සල්ලට පත්ව සිටිති.
  • ෂැංහයි සංයුක්ත කොටස් දර්ශකය 6%කට වඩා පහත වැටුණු අතර, හැන්ග් සෙන්ග් සහ තායිවාන් කොටස් දර්ශකය 10%කින් පමණ පහත වැටිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු පැනවීම ලොව පුරා රටවල් කම්පනයට පත් කරමින් සිටින මොහොතක ආසියානු කොටස් වෙළෙඳපොළවල් ද කඩා වැටීම ඇරඹී තිබේ.

සඳුදා (අප්‍රේල් 7) කොටස් වෙළෙඳපොළවල් විවෘත කිරීමත් සමග ෂැංහයි සිට ටෝකියෝ දක්වා සහ සිඩ්නි සිට හොංකොං දක්වා ප්‍රධාන දර්ශක පහත වැටිණි. "ඒක තියුණු කඩාවැටීමක්," යැයි එක් විශ්ලේෂකයෙක් බීබීසී වෙත පැවසුවේ ය.

ගෝලීය වශයෙන් අලෙවි වන භාණ්ඩ විශාල ගණනක් නිෂ්පාදනය කරන කලාපයක් වන ආසියානු රටවල් සහ එම රටවලට අයත් භූමි ප්‍රදේශ මෙම තීරු බදුවලින් ඍජුව ම පීඩාවට පත් වේ.

ගෝලීය වෙළෙඳ යුද්ධයක් හේතුවෙන් ලෝකයේ විශාලතම ආර්ථිකය එනම්, ඇමෙරිකාවේ ආර්ථික වර්ධනයේ මන්දගාමීත්වයක් හෝ අවපාතයක් ඇති විය හැකියි යන්න කෙරෙහි ද ඔවුහු කනස්සල්ලට පත්ව සිටිති.

දහවල් වන විට ජපානයේ නික්කෙයි 225 දර්ශකය [ජපානයේ වැඩි වශයෙන් භාවිත කරන කොටස් වෙළෙඳපොළ දර්ශකයක්] 6%කින් ද, ඔස්ට්‍රේලියාවේ ASX 200 [ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ දර්ශකය] 4%කින් ද, දකුණු කොරියාවේ Kospi [කොරියානු සංයුක්ත කොටස් මිල දර්ශකය] 4.7%කින් ද පහත වැටිණි.

CSE 1

සිකුරාදා දිනයේ රජයේ නිවාඩු සඳහා වසා දැමීම නිසා අනෙකුත් වෙළෙඳපොළවල්වල දක්නට ලැබුණු විශාල පහත වැටීම් ආයෝජකයින් අත්විඳීමත් සමග චීනය, හොංකොං සහ තායිවානය යන රටවල පසුබෑම තවත් උග්‍ර විය.

ෂැංහයි සංයුක්ත කොටස් දර්ශකය 6%කට වඩා පහත වැටුණු අතර, හැන්ග් සෙන්ග් සහ තායිවාන් කොටස් දර්ශකය 10%කින් පමණ පහත වැටිණි.

"මේ තීරු බදු උද්ධමනය ඉහළ යාම සහ ආර්ථික අවපාතයක් ඇතිවීමට හේතු ඇති කරනවා," ලන්ඩන් කොටස් හුවමාරු සමූහයට අනුබද්ධිත FTSE රසල්හි [ගෝලීය දර්ශක සපයන ආයතනයක්] ප්‍රධානී ජූලියා ලී පැවසුවා ය.

එක්සත් ජනපදය ආසියානු කලාපයේ භාණ්ඩ සඳහා ඉතා වැදගත් වෙළෙඳපොළක් වන බැවින්, ඇමෙරිකානු ආර්ථිකයේ සැලකිය යුතු මන්දගාමීත්වයක් ආසියානු අපනයන සඳහා ප්‍රධාන වශයෙන් බලපානු ඇත.

"ඇමෙරිකානු තීරු බදු වැඩිවීමේ බර දරන්න සිද්ධ වෙලා තියෙන්නේ ආසියාවට. සාකච්ඡා සඳහා යම් ඉඩක් තියෙන්න පුළුවන් වුණත්, ඉහළ තීරු බදු තව ටික කාලයක් තියෙන්න පුළුවන්," වැන්ගාඩ් ආයෝජන සමාගමේ ආසියා පැසිෆික් ප්‍රධාන ආර්ථික විද්‍යාඥ චියෑන් වැන්ග් පැවසුවේ ය.

"මේක ගෝලීය හා ආසියානු ආර්ථිකයට, විශේෂයෙන් කෙටි කාලීන සහ දිගු කාලීන යන දෙඅංශයෙන් ම කුඩා විවෘත ආර්ථිකයන්ට ඍණාත්මක ලෙස බලපානවා."

 

WhatsApp Image 2025 04 03 at 9.14.45 AM

ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කරන ලද තීරුබදුවලට චීනය ප්‍රතිචාර දැක්වීමෙන් පසු සිකුරාදා දිනයේදී ගෝලීය කොටස් වෙළෙඳපොළ අස්ථාවරත්වය ඉහළ ගියේ ය.

S&P 500 6%කින් පමණ ප‍ටත වැටීමත් සමග එක්සත් ජනපදයේ ප්‍රධාන කොටස් දර්ශක තුන ම 5%කට වඩා පහත වැටුණේ, 2020න් පසු එක්සත් ජනපද කොටස් වෙළෙඳපොළ සඳහා අයහපත් ම සතිය සනිටුහන් කරමින් ය.

ජර්මනියේ සහ ප්‍රංශයේ කොටස් හුවමාරු සමාන පහත වැටීම්වලට මුහුණ දෙන අතරතුරදී එක්සත් රාජධානියේ FTSE 100 [එක්සත් රාජධානියේ කොටස් වෙළෙඳපොළේ විශාලතම ව්‍යාපාර 100 දත්තගත කරන ආයතනය] වසර පහක් තුළ එහි විශාල ම පහත වැටීම ලෙස 5%කින් පමණ පහත වැටිණි.

ගෝලීය කොටස් වෙළෙඳපොළ කඩා වැටීම දිගට ම පවතිනු ඇති බව ලී පැවසුවා ය. "එක්සත් ජනපදයේ ඉදිරි කාලයේ වෙළෙඳාමේ පහත වැටීම, අද රෑ වොල් ස්ට්‍රීට් එකේ තවත් දුෂ්කර දිනයක් ඇති කරාවි."

චීනය, යුරෝපා සංගමය සහ වියට්නාමය වැනි ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන් ඇතුළු රටවල් විශාල ගණනක නිෂ්පාදන ඉතා ඉහළ බදු අනුපාතවලට මුහුණ දී ඇති අතර, ට්‍රම්ප් සෑම රටකින් ම භාණ්ඩ සඳහා නව 10% ආනයන බදු අය කරන බවට නිවේදනය කිරීමෙන් පසු ගෝලීය කොටස් වෙළෙඳපොළවල්වලට ට්‍රිලියන ගණනක වටිනාකමක් අහිමි වී තිබේ.


(සටහන | පීටර් හොස්කින්ස්)
ව්‍යාපාරික වාර්තාකරු, සිංගප්පූරුවේ සිට

අතිරේක වාර්තාකරණය: ඇනබෙල් ලියෑන්ග්


උපුටා ගැනීම - BBC සිංහල සේවය

සබැඳි ලිපි :

ට්‍රම්ප් පැනවූ තීරු බදුවලින් කොළඹ කොටස් වෙළෙඳපොළට සිදුව ඇති බලපෑම

ඇමරිකාව පැන වූ තීරු බදු ගැන සාකච්ඡා කරන්න විජිත හේරත්, ජුලි ජන්ග් හමුවෙයි

ට්‍රම්ප්ගේ තීරු බද්දෙන් ලංකාව වැටෙයි ද ? | ඉෂංඛා සිංහආරච්චි

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු ගණනය කළේ කොහොමද?

ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනුවලදී ඇමෙරිකාවට අසාධාරණයක් වී ඇතැයි ට්‍රම්ප් කියන කතාව නිවැරදි ද?

පැනවූ බදු ගැන ඇමරිකාව සමග සාකච්ඡාවට රජය සූදානම්

ට්‍රම්ප් පැනවූ 44%ක තීරු බද්ද ශ්‍රී ලංකාව 'රැකියා සහ ඩොලර් අර්බුදයකට' ඇද දමයි ද?

ට්‍රම්ප් ගහන බදු අපිට බලපානව ද ? - මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළගේ පැහැදිලි කිරීමක් (වීඩියෝ)

ශ්‍රී ලංකා ආර්ථිකයට බරපතල තර්ජනයක් ! - ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ශ්‍රී ලංකාවට 44%ක බද්දක් පනවයි

අමෙරිකාව ලොකු තීරු බද්දක් ගහන්නයි යන්නේ! - ගෝලීය බදු යුද්ධයට මුහුණ දෙන්න සූදානම් වෙන්න - සජිත්
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...